Friday, October 2, 2015

දෙපා නැතත් සිතින් නැගිට්ට හසලක පුංචි කෝවිත

දෙපා නැතත් සිතින් නැගිට්ට හසලක පුංචි කෝවිත
ළමා ලෝකය වර්ණවත් වන්නේ සමාජයේ උස්-මිටිකම් ඔවුන්ට කිසිදු බාධකයක් නොවන නිසයි.
දරුවන්ගෙන් වැඩිහිටි ලෝකයටද පූර්වාදර්ශ සපයාගතහැකි බව අපට පසක් කරන දරුවකු හසලක ප්‍රදේශයෙන් වාර්තා වුණා. 
සත් හැවිරිදි ධනේෂ් කෝවිත කුඩා දරුවාට උපතින්ම සිය දෙපය අහිමිය. ඔහු දිවි ගෙවන්නේ හසලක පහේ ඇළ ප්‍රදේශයේයි.
සිය දෙපා අහිමි වුණත් අනෙත් යහළුවන් සමඟ කෙළි සෙල්ලමේ යෙදෙන්නට කෝවිත එය බාධාවක් කර ගන්නේ නැහැ.
උදෑසනම නැගිට අනෙක් පාසල් ළමුන් මෙන් සැරසී හසලක, කීනපැලැස්ස බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයට කෝවිත සැමදාම යන්නේ ඉතාම සතුටින්.
ආබාධ සහිත වැඩිහිටියන්ට විශේෂ පහසුකම් සැපයීමට රජය පියවර ගත්තත් දෙපය අහිමි මේ දරුවාට ඒ පහසුකම් මේ පාසලේ නැහැ.
නමුත් ඒ සෑම බාධාවක්ම අභියෝගයක් කර ගනිමින් කෝවිත අනෙක් දරුවන් මෙන් ඉගෙනීමේ යෙදෙනවා.
මිනිසා අතර පවතින සුළු සුළු වෙනස්කම් අරඹයා වැඩිහිටියන් භේද භින්න ඇති කරගත්තත් ධනේෂ් කෝවිත යහළුවන් සමග කෙළි සෙල්ලමේ යෙදෙන්නේ ළමා ලෝකයේ අසමානකම්වලට ඉඩ නැති බව පසක් කරමින්.
https://www.youtube.com/watch?t=1&v=kdICEvP8vZY

No comments:

Post a Comment