Saturday, October 24, 2015

අවුරුදු11ක් දුවපු සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් දමයි-ඒ මදිවට ඩිපෝවට මැරයොටිකක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කරලා - එයට විරෝදය පා සේවකයෝ පාරට බසි.

අවුරුදු11ක් දුවපු සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් දමයි-ඒ මදිවට ඩිපෝවට මැරයොටිකක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කරලා - එයට විරෝදය පා සේවකයෝ පාරට බසි.
10/19/2015 3:34 PM
වසර 11ක් ධාවනය කල මහියංගන බිබිල සීටිබි බස් ගමන් වාරයට ඇමති බලේ පෙන්නා පෞගලික බසයක් යෙදිමට පුද්ගලයෙකු කටයුතු කර ඇති අතර එයට ලංගම සේවකයන් විරෝධය පෑමත් සමග ඊයේ (22) වාහන කිහිපයකින් පැමිණ මැර පිරිසක් මහියංගන ඩිපෝ කාර් යාලයට බලහත් කාරයෙන් ඇතුලුවී සේවකයන් හට තර් ජනය කර ඇත.
අද (23) උදැසන 9.00-9.15 ලංගම බස්රථය ධාවන කරනා කාලසටහනට එම පෞගලික බසර රථය ලංගම බස්රථ නැවතුමට බලහත් කාරයෙන් ඇතුල් කරිමත් සමග ඊට විරෝධය පා ලංගම ඩිපෝවේ නිළධාරින් හා කාර් ය මණ්ඩලය සියල්ල ලංගම බස් නැවතුමට පැමිණ විරෝධව පෑ අතර විරෝධයත් සමග පෞගලික බස්රථය බස් රථ නැවතුමෙන් ඉවත් කර ගැනින.
බිබිල මහියංගන මාර් ගයේ බස් රථ ධාවනය වන්නේ පෞගලික හා ලංගම බස් රථ ඒකා බද්ද කාල සටහනකට අනුවය.
හිටපු ප්‍රවාහණ අමාත්‍යවරයෙක් වුද මොණරාගල ප්‍ර දේශයේ දේශපාලන නායකයෙකුගේ ආරක්ෂක අංශයේ සේවය කරනා පුද්ගලයෙකුට අයත් බස් රථයක් මෙලෙස බලහත් කාරයෙන් වසර 11ක් ගමන් ගත් ලංගම බස් රථ කාලසටහනට ඇතුත් කර ඇත.
මහියංගන ඩිපෝකාර්යයාලයට පැමිණ මැරවරයෝ පිරිසක් කඩාවැදි සේවකයන්ට තර්ජනට කිරිම සම්බන්දයෙන් සේවකයන් සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන අතර එයට විරෝදය පා සේවකයෝ සියල්ල අද උදැසන (23) ලංගම බස්නැවතුමට පැමිණ විරෝධය දැක්විය.
ඒ අනුව මහියංගන ඩිපෝකාර්යයාල නිළධාරින් හා සේවකයන් මේ සම්බන්දයෙන් මහියංගන පොලිසියේ පැමිණිලි සිදු කර අතර පෞගලික බස් රථහිමියාද පොලිසියේ පැමිණිලි සිදු කර ඇත.
පොලිසිය හට මේ සම්බන්දයෙන් ක්‍රියා කල නොහැකි බැවින් 26 වන සදුදා බදුල්ල මාර් ගස්ථ මගි ප්‍රවහන අධිකාරියේ කාර් යාලය වෙත පැමිනෙන ලෙස පාර් ශව දෙකටම දැන්වීය.
මාස ගනන් පඩි නොලබමින්, තම පවුලට දරුවන්ට කණ්ඩ අදින්න දීමට නොහැකිව, පාසැල් අවශ්‍යතා සපුරා දිමට නොහැකිව කල් ගෙවනා ලංගම සේවකයන්හට මේ ආකාරයෙන් ධාවන කාල සටහන් පෞගලික බස්රථ සදහා දේශපාලන බළය පෙන්නා කොල්ල කෑමට දීමෙන් ලංගම කවදානම් ගොඩ ගැනිමට හැකි වේදැයි සේවකයන් ප්‍රශ්න කරන අතර රජයේ වගකිවයුතු නිළධාරින් මේ සදහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටි.

No comments:

Post a Comment