Wednesday, August 14, 2013

උල්හිටිය රත්කිද නිවුන් ජලාහයේ මතු පිට ජලය පාට පාට වෙයි

උල්හිටිය රත්කිද නිවුන් ජලාහයේ මතු පිට ජලය පාට පාට වෙයි
5/19/2013 8:06 PM
මහවැලි සී කලාපයට සහ මහවැලි බී කලාප සදහා වාරි ජලය සපයන උල්හිටිය රත්කිද නිවුන් ජලාහයේ ජලය මීට මාස 5කට පමණ පෙර තද කොළපැහැති වී තිබුන අතර ගොවි ජනතාව ඒ පිළිබද බියට පත්ව සිටියා. අද වන විට එම ජලාශවල ජල තට්ටුව මත තද දුඹුරුපාට ද්‍රව්‍ය ස්ථරයක් පාවෙමින් තිබේ. එහි වර්ණය විටෙක කොළපාටද, තවත් විටෙක තද දුඹුරුපාට හැරෙන බව ගොවි ජනතාව පවසනවා.
පසු ගිය කාලයේ වර්ශාවත් සමග විවිධ වර්ණයෙන් යුතු වර්ශාවන් ලැබුන නිසාත් ජලාශ වල වැව් ඉස්මත්තේ ඩෝන් ලංකා නම් සමාගමක් හා තවත් සමාගම් කිහිපයක් විසින් මහා පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබීමත් ඒ සදහා යොදන පොහොර හා අධික විෂ සහිත කෘමි නාශක ජලාශයේ ජලයට එකතු වීම හේතුවෙන් මෙම ජලාශ වල ජලය යම්කිසි හේතුවකින් කොළ පාට හා දුඹුරුපාට වී ඇත්දැයි ජනතාව සැක පල කර සිටී. කුඹුරු වගාවන් සදහා, දිනපතා පරිබෝජනයට, බීමට , නෑමට යොදා ගන්නා මෙම වැව් වල ජලය පාවිච්චියට සුදුසු ද නැද්ද යන්න පිළිබද සොයා බැලීමක් හෝ තොරතුරු අනාවරණය කිරීමක් මේවන තුරු සිදු නොකිරීම කණගාටුවට කරුණක් බව ගොවිජනතාව පවසනවා. එමෙන්ම ජලාශයේ මත්ස්‍ය අස්වැන්නද අඩු වී ඇති බවට ධිවරයන් මැසිවිලි නගති.
සී කලාපය තුල දිනෙන් දින ඉහල යන වකුගඩු රෝගීන් ප්‍රමාණය මෙවැනි හේතුන් නිසා තවත් ඉහල යනු ඇතැයි සැක කරයි. වගකිව යුතු නිළධාරීන් කඩිනමින් මැදිහත් වී මේ පිළිබද සොයා බලන ලෙස මහවැලි සීකලාපයේ ජනතාව ඉල්ලා සිටී.

No comments:

Post a Comment