Wednesday, August 14, 2013

අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරු දකී

අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරු දකී
5/26/2013 10:42 PM
මහියංගන ගිරාදුරුකෝට්ටේ හෙබරව සේරුපිටිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරණයට පත්වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ එම් බී ආරියදාස වයස 63ක් වන සිව් දරු පුද්ගලයෙක් වන අතර ඔහු මුවන්පැලැස්ස සූරියවැව පදිංචි කරුවෙකි. වගා කටයුතු සදහා ඔහු මීට වසර 3කට පෙර ගිරාදුරුකෝට්ටේ හෙබරව ප්‍රදේශයට පැමිණ ඇති අතර ගොවි බිම් බද්දට ලබා ගනිමින් වගා කටයුතු සිදු කර ඇත.
න අලි ප්‍රහාරයෙන් මිය යන විට මීට මාස 18 කට පෙර බද්දට ලබාගත් සිතුමිණ ගොවිපොලෙහි වගා කටයුතු සිදු කර ඇති අතර ගස්ලබු, තල, කෙසෙල් ගොවි බිමේ වගා කර ඇත. 25 දින රාත්‍රි ඔහුගේ ගොවිපලට පැමිණි වන අලි දෙදෙනෙකු පන්නා දැමියට යෑමේදි මෙම අවසනාවන්ත සිදු වීමට මුහුණ පා ඇත.
ගිරාදුරුකෝට්ටේ පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ පවත් වන අතර මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් තුමන් විසින් සිද්දිය සිදු වු ස්ථනය පරික්ෂා කර බැලීය.

No comments:

Post a Comment