Wednesday, August 14, 2013

ටෙලි නිළියන් සපයන නාත්තන්ඩියේ ජර්මන් ගණිකා නිවස මාට්ටු

රූමත් ජුකී සේවිකාවන් නිළියන් වාගේ වෙස් ගන්වා විකුණයි..
පැයකට රුපියල් 10000/= යි..දෙහිඅත්තකණ්ඩිය රූමතියකුත් මාට්ටු

සුරූපී ඇඟලුම් කම්හල් සේවිකාවන් ශ‍්‍රී ලාංකික නිළියන් ලෙස හඳුන්වමින්විදේශීය සංචාරකයන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකාය විසින් අනාවරණය කරගෙන එම ස්ථානය (18) රාත‍්‍රීයේ වටලනූ ලැබීය.

ජර්මන් ජාතිකයෙකුට අයත් නාත්තන්ඩිය, වලහාපිටිය ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ මෙම ජාවාරම සිදුවී ඇති අතර සූරූපි ඇඟළුම් කම්හල් සේවිකාවන් තිදෙනෙක්ද මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව එම ඇඟළුම් සේවිකාවන් හෝටලයට ගෙන ආ තරුණයෙක්ද හෝටලයේ කළමනාකරුද, කළමනාකාරිනියක්ද වැටලීමේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඟළුම් කම්හල් සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඥතීන් වන අතර ඔවුන් හිනිදුම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය. මෙම හෝටලයේ නවාතැන් ගන්නට බහුල වශයෙන් පැමිණෙන්නේ විදේශිකයන් වන අතර එම හෝටලය නාන තටාකවලින් සමන්විත සුඛෝපභෝගී හෝටලයක් බවත් රුපියල් 5000 සේ සිට කාමර ඇති බවත් පොලිසිය කියයි.

මෙහි නිළියන් ලෙස ඇගළුම් කම්හල් සේවයේ නිරත තරුණියන් අලෙවි කරනුයේ පැයකට රුපියල් 10000 ක මුදලකටය. මධ්‍යම දූෂණ මර්ධන බලකායේ නිලධාරියෙක් ශී‍්‍ර ලංකාවේ සංචාරයට පැමිණි ඇග්ෆන් හමුදා සෙබළෙක් ලෙස අදාළ හෝටලයේ කාමරයක් වෙන්කර ගනිමින් 18 වෙනිදා දහවල් නවාතැන් ගෙන තරුණියන් තිදෙනෙක් ඉල්ලා ඇති බවත්, එහිදී හෝටල් කළමනාකරු නිළියන් තිදෙනෙක් සිටින බව පවසමින් එදින රාතී‍්‍රයේ ඇඟළුම් කම්හල් සේවිකාවන් තිදෙනාව හෝටලයට රැගෙන විත් විදේශික වෙස් ගත් පොලිස් නිලධාරියාට රුපියල් 30000 කට විකුණූ බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් වයස 19 26 හා 29 පසුවන අතර ඇගළුම් සේවයේ යෙදෙන අතර වරින් වර පාට්ටයිම් රැකියාවක් ලෙස ගණිකා වෘත්තියේ නිරත වන බවත් සොයාගත්තා. ගැණුම් කරුවන් ඇනවුම් කළවිට ඔවුන් හෝටලයට ගෙන එන්නේ ත්‍රීරෝද රථවලිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
http://www.paparasinewslanka.com/2013/03/prostitute-in-sri-lanka.html

No comments:

Post a Comment