Wednesday, August 14, 2013

ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති

ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති

2013 අපේ‍්‍රල් මස 18 16:22:26 | . 
ජාතික හිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛාවේ සංවිධානත්වයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය විසින් වාර්ෂීකව පවත්වනු ලබන අලුත් අවුරුදු ක්‍රීඩා උළෙල රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී එහි අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසූරිය මහතාගේ හා ජාතික ශිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛ්‍යාෙව් සභාපතිනි ප්‍රියන්ති ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයින පුරා පිහිට බළඇණි 22ක සිංහල, දෙමළ, මුස්ලිම් ශිෂ්‍යභට බාලක බාලිකාවන් මෙම උත්සවයට සහභාගී වූ අතර ජන ක්‍රීඩා ඇතුළු සංස්කෘතිකාංග රැසක් එහි විය.

ශිෂ්‍ය භටයන් හා ශිෂ්‍යභට නිලධාරීන් ඇමතූ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතා මෙසේ කීවේය.

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ඇති කළ නිදහස හා සාමය අද අපි භුක්ති විඳිනවා. සියලු පළාත්වලින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් දරුවන් එකමුතුව සිංහල අලුත් අවුරුදු උත්සවය සමරනවා. එය අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික ශිෂ්‍යභට බලකාය රටට ආදරය කරන දරු පරපුරක් බිහි කරනවා. සියලු දේට වඩා අපි ලැබූ නිදහස හා සාමය වටිනවා. රටේ අනාගරය භාර ගන්න ඉන්න දරුවනේ, හොදට හිතට ගන් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රටට බරක් නොවී ජීවත් වෙන්න. ඒ වගේම මේ ලබපු සාමය රැක ගන්න‘

No comments:

Post a Comment