Wednesday, August 14, 2013

හසලක ගුරුලුපොත ත්‍රිරෝද රථයක් පෙරලී කාන්තාවක් මිය යයි

හසලක ගුරුලුපොත ත්‍රිරෝද රථයක් පෙරලී කාන්තාවක් මිය යයි
7/30/2013 11:02 PM
හසලක ගුරුලුපොත ප්‍ර දේශයේ සවස 3.30 පමණ මහියංගන සිට තෙල්දෙනිය දක්වා ගමන් කරමින් තිබු ත්‍රිරෝදරථයක් පාරෙන් ඉවතට පැන එහි ගමන් ගත් රන්දෙනියගේ මල්ලිකා (වයස37) නම් තිදරු කාන්තාවක් මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ තෙල්දෙනිය පොලිසියේ සේවය නියුතු පොලිස් නිළධාරිවරයෙකුගේ බිරිදක් වන අතර අනතුර සිදුවන විට මිය ගිය කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඇත.
මිය ගිය කාන්තාවගේ මෑණීයන්ගේ අවමංගල උත්සවය සදහා සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සටියදී මෙම අනතුර සිදු වී ඇත. අනතුර සිදු වන විට ත්‍රිරෝද රථය තුළ ඔහුන් ගේ කුඩා දරුවන් තිදෙනා සිට ඇති අතර ඔහුන් ද තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත. ඔහුන් වයස 15 , 12 , 8 යන වයසේ පසු වු දරුවන් වේ. වයස 15 දරුවා වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහල වෙත යවා ඇත. මිය ගිය කාන්තාවගේ සැමියා හා අනෙක් දරුවන් දෙදෙනා තුවාල ලබා මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි හසලක පොලියේ රථවාහන අංශයේ නිළධාරින් අනුමාන කරන අතර

No comments:

Post a Comment