Wednesday, August 14, 2013

විෂඝෝර සර්පයාටත් ජිවිත දානය දුන් ආදර්ශමත් තරුණ පිරිසක්

විෂඝෝර සර්පයාටත් ජිවිත දානය දුන් ආදර්ශමත් තරුණ පිරිසක්
2013-07-14 11:21:03 ප.ව.
සර්පයෙක් දුටු පමණින් සාමාන්‍යයෙන් විෂ එකෙකුද විෂ නොවන එ‍කෙකුද කියා සොයා නොබලාම පහර දී ජිවිතය අහිමි කිරීම අද අප රටේ සාමාන්‍යයන් සිදුවන ක්‍රියා පිළිවෙතයි. ජෛව විවිධත්වට හා ආහාර දාමයන් වල පුරුකක් වන සර්පයන් අත්‍යාවශ්‍ය ජිවි කොටසක් වන අතර මිනිසුන්ගේ ක්‍රියා කාරකම් හේතුවෙන් වද වී යන ජිවින් කොට්ටාශයක් බවට පත් වී ඇත.

මහියංගන මැලිබන් ගාමන්ට් එක අසල වාහන අලුත්වැඩියා කරන ස්ථානයක යකඩ ගොඩක් ඇතුලත ගුලි වි රිංගා සිටි විශාල ප්‍රමාණයේ පොලගෙකු (උග්‍ර විෂ සහිත ) අද (ජුලි14 ) දින දහවල් තරුණයන් පිරිසකට හමු වී ඇති අතර මෙම සර්පයා ලනුවක් ආදාරයෙන් ගැට ගසා අල්ලාගෙන ඇති අතර පසුව ඒ පිළිබද හසලක වන ජිවි නිළධාරින් හට දුරකථනයෙන් දැනුම් දුන්නද වාහන පහසුකම් නොමැති බව ඔවුන් පැවසීමෙන් පසුව තරුණයන් පිරිස එක්ව සර්පයා ටිපර් රථයක පටවාගෙන මහවැලි ගග ආශ්‍රිත ලදු කැලයකට මුදා හැරිමට කටයුතු කලේ විශාල ජිවිත අවදානමක් ද සහිතවය. මෙම තරුණයන් ගේ ක්‍රියාව සැම දෙනාටම ආදර්ශයකි.

No comments:

Post a Comment