Wednesday, August 14, 2013

සීමාමාලිකයේ බුද්ධමන්දිරය හා ශෛලමය බුද්ධ ප්‍රතිමාව විවෘත කෙරේ - ලෝක සංඝ සම්මේලනයේ සභාපති ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය

සීමාමාලිකයේ බුද්ධමන්දිරය හා ශෛලමය බුද්ධ ප්‍රතිමාව විවෘත කෙරේ - ලෝක සංඝ සම්මේලනයේ සභාපති ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය
2013-05-24 ප.ව. 11:08
ඓතිහාසික මහියංගන රජමහා විහාරය අභියස විල්ලුව වැවහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකයේ බුද්ධ මන්දිරය හා ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෝක සංඝ සම්මේලනයේ ගරු සභාපති තායිවානයේ වැඩවසන අති පුජ්‍ය ලියුවු චොං නාහිමියන් හා අස්ගිරිපාර්ශවයේ මහා නායක උඩුගම සද්ධර්ම ක්‍රීර්ති ශ්‍රී ධම්මධස්සී රතනපාල බුද්ධරක්ඛිතාබිධාන නාහිමියන්ගේ හා අස්ගිරිපාර්ශවයේ අනුනායක මෙන්ම මහියංගන රජමහා විහාරාධිපති පුජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්‍යාභිධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (24) උදෑසන විවෘත කෙරින. ශෛලමය බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම සදහා වෙළෙද ව්‍යාපාරික දයා පතිරගේ මහතා පුර්ණ අනුග්‍රහය දක්වා ඇත.
මෙම අවස්ථාව සදහා චීන හා තායිවානයේ බෞද්ධ විශාල දුත පිරිසක් සහබාගී වු අතර ආන්ඩුපක්ෂ මහියංගන ආසන සංවිධායක හා ඌව පලාත් සභා අමාත්‍ය අනුර විධානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහන කීර්ති දිසානායක මහතා හා විශාල රාජ්‍ය හා දේශපාලන නායකයන් පිරිසක් හා බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වි සිටියා.

No comments:

Post a Comment