Wednesday, August 14, 2013

ලෝක ආදිවාසී දිනය සමගාමිව ආදිවාසී ගම්මාන 06කට කෘෂි උපකරණ, කෘෂි බිජ,කිරිහරක්, මීමැසි පෙට්ටි, ධිවර උපකරණ බෙදා දෙයි.

 ලෝක ආදිවාසී දිනය සමගාමිව ආදිවාසී ගම්මාන 06කට කෘෂි උපකරණ, කෘෂි බිජ,කිරිහරක්, මීමැසි පෙට්ටි, ධිවර උපකරණ බෙදා දෙයි.
8/8/2013 11:41 PM
ලෝක ආදිවාසී දින සැමරුම (09 වන දින) දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේදි ඌරුවරිගයේ වන්නිලා අත්තන්ගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට සංවිධානය කර ඇති අතර ආදිවාසි දිනයට සමගාමිව 8 හා 9 වන දින වැඩ සටහන රාශියක් ක්‍රියාත්මක කිරිමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සුදානම් කර ඇත.
ඒ අනුව 8 දින දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේදි හේනානිගල ආදිවාසී ජන උරුම කේන්ද්‍රය සදහා මුල් ගල තැබු අතර නිවාස 29කින් සමන්විත ආදිවාසින් සදහා නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යා ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.
ලෝක ආදිවාසී දිනය සමගාමිව ආදිවාසී ගම්මාන 06කට කෘෂි උපකරණ, කෘෂි බිජ,කිරිහරක්, මීමැසි පෙට්ටි, බෝට්ටු හා දැල් යන ධිවර උපකරණ බෙදාදීමට කටයුතු කර ඇති අතර එය සංකේතවත් කරමින් ආදිවාසී ගම්මාන 06ක නියෝජිතයන් 06ක් සදහා උපකරණ බෙදා දීම සිදු කෙරින.
හෙට දිනයේදී (09) ජේ එම් එස් ජයසුන්දර මහතා විසින් රචිත ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා අත්තන්ගේ විශේෂ කතා ඇතුලත් ග්‍රන්ථයක් භාෂා හතරකට පරිවර්ථනය කර අතිගරු ජනපතිතුමන් හට පිළිගැන්වීමට නියමිතයි.
ඒ අනුව 8 දින දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේදි පැවති උත්සවය සදහා දිගාමඩුල්ල පාර්ලිමේනතුමන්ත්‍රි සරත් වීරසේකර දිගාමඩුල්ල පාර්ලිමේනතුමන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම නැගෙන හිර පලාත් සභාවේ සංස්කෘතික හා අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක හා අම්පාර මහ දිසාපති නෙවිල් ද අල්විස් මහතා හා දිවයින පුරා විසිරි සිටින ආදිවාසී ගම්මාන 06කින් පැමිණි ආදිවාසී ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියd



No comments:

Post a Comment