Wednesday, August 14, 2013

දඹාන ආදිවාසී කෝණ මංගල්‍ය (ආදිවාසී අලුත් අව්රුදු උත්සවය) -

2013-04-20 ප.ව. 9:41
දඹාන ආදිවාසී ගම්මානයේ කොටබකිනිය ගම්මානයේ ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදී 20 දින උදැසන සිට දඹාන කෝණ මංගල්‍ය (අලුත් අව්රුදු උත්සවය) සංවිධානය කර තිබිනි.

තෙවන වරටත් අති සාර්ථකව සංවිධානය කර තිබු ආදිවාසී අලුත් අව්රුදු උත්සවය ආදිවාසීන්ගේ පරම්පරාවේ පරම්පරාවේ ගෞරවය ආරක්ෂාවන අන්දමින් ඔහුන්ට ආවේනික තරග ඉසව් රාශියකින් ආදිවාසීන් අතර සමගිය සුහදත්වය හා සාමුහිකත්වය වර්ධනය වන ආකාරයට සංවිධානය කිරීමට ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් කටයුතු කර තිබිනි.

දිගම හුව, ආදිවාසී දරු නැලවිලි ගී, හොදම ආදිවාසී පාරම්පරික ගී ගායනය, වී ඇහිලිම, හොදම ආදිවාසී රුවුල, අඩුම කාලයකට ගස් නැගිම, ගලෙන් ගින්දර ඇවිලීම, ලීයෙන් පොල් ගෑම, හොදම ආදිවාසී යුවල දඩයමේ යෑම, ගල් දුන්නෙන් විදීම, හොදම ටික් මැරීම, කාන්තා හා පිරිමි දුන්නෙන් විදීම, බබර කැපීම, හබක ඇටවීම, වලස් පොරය, ආදිවාසී විකට ඇදුම් තරගය, කඹ ඇදීම ආදී තරග ඉසව් රාශියක් සංවිධානය කර තිබිනි.

No comments:

Post a Comment