Wednesday, August 14, 2013

ගිනි අවි සමග 15 දෙනෙක්‌ මාදුරුඔය දී අත්අඩංගුවට

ගිනි අවි සමග 15 දෙනෙක්‌ මාදුරුඔය දී අත්අඩංගුවට
March 9
කරුණාරත්න ගමගේ

මාදුරුඔය ජාතික වනෝද්‍යානය මායිමේ නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගෙන ගැවසුණු බව කියන පුද්ගලයෝ 15 දෙනෙක්‌ ගිනි අවි 13 ක්‌ සහ හක්‌කපටස්‌ සමග ඊයේ (08 දා) අලුයම වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් දෙහිඅත්තකණ්‌ඩිය, දඹාන, කන්දේගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී තිබේ. මොවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙහෙත් කොටන තුවක්‌කු බව පරීක්‍ෂණ කටයුතු සිදු කරන වනජීවී නිලධාරීහු "දිවයින"ට පැවසූහ.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අයත් වලමණ්‌ඩිය ප්‍රදේශයේ නොකඩවා සිදු කෙරෙන නීති විරෝධී සතුන් දඩයම් කිරීම මැඬලීම සඳහා පෙරේදා (07 දා) රාත්‍රියේ පටන් වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ඒ. ටී. ආර්. රවීන්ද්‍රකුමාර මහතාගේ මෙහෙයවීමෙන් උල්හිටිය අඩවි ආරක්‍ෂක නිලධාරි ඩබ්ලිව්. එම්. ධම්මික සංජීව, ඉද්දපොළ අඩවි ආරක්‍ෂක නිලධාරි ජයසෝම රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෙහෙරගල අලි පාලන ඒකකයේ කාර්ය මණ්‌ඩලය ඇතුළු වනජීවී නිලධාරීහු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පැවැත්වූහ.

No comments:

Post a Comment