Wednesday, August 14, 2013

උදලු ප්‍රහාරයෙන් අයියා මියගිහින්

උදලු ප්‍රහාරයෙන් අයියා මියගිහින්
5/11/2013 1:34:55 PM
මහියංගන මාපාකඩවැව 20 කණුව සේනානිගම ගම්මානයේ 10දින (ඊයේ) රාත්‍රියේ මල්වර මංගල ප්‍රිය සාදයකදී එකම පවුලේ අයියා මලෝ බහින් බස්වීමකින්, පසුව එය දුරදිග යෑමෙන් උදැල්ලකින් පහර කා එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත. 

මල්ලි සහ මල්ලීගේ පත්‍රයා එක්ව අයියාට මල්වර මංගල ප්‍රිය සාදය පැවැත් වු නිවස ඉදිරිපිට ඇති මාර්ගයේදී (සේනානිගම පාර ) පහර දී ඇති අතර එය රාත්‍රි 9.00 - 9.30 අතර තුර සිදු වී ඇති අතර මෙසේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඩී එම් ජයසුන්දර බංඩා, අංක 57 , සේනානිගම, මාපාකඩවැව යන ලිපිනයේ පදිංච් අයෙකි. පහර කෑමෙන් අනතුරුව මහියංගන රෝහලය ගෙන ගොස් ඇති අතර ගෙන යන විටත් ඔහු මිය ගොස් ඇත.

මේ වන විට මෙම සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි ඊ. පී. තිලකරත්න මහතාගේ අධීක්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර පහර දීම සිදු කල පුද්ගලයන් මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුන් මහියංගන මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නිය මිතයි. සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment