Wednesday, August 14, 2013

ජනපතිතුමන් මහියංගන රජමහා විහාරය හා සමන් දේවාලය වැද පුදා ගනි.

ජනපතිතුමන් මහියංගන රජමහා විහාරය හා සමන් දේවාලය වැද පුදා ගනි.
අද (10) උදැසන ජනපතිතුමන් මහියංගන රජමහා විහාරයට පැමිණ මහියංගන රජමහා විහාරයේ භාරකාර ධුරන්දර විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් බැහැ දැක මහියංගන රජමහා විහාරය වැද පුදා ගත්තා
ඉන් අනතුරුව මහියංගන සමන් දේවාලය වැද පුදා ගැනීම සදහා පැමිණි අතිගරු ජනපති තුමන් දේවාල‍යේ බස්නායක නිළමේ ආනන්ද හින්කෙන්ද මහතා විසින් පිළිගන්වන ලද මල් වට්ටිට පුජා කිරීමෙන් අනතුරුව විශේෂ ආශිර්වාදයක් අතිගරු ජනපති තුමන් වෙනුවෙන් පවත්වනු ලැබුවා.
මෙම අවස්ථාව සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විධානගමගේ මහතා හා ඌව පලාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාද එක් වී සිටියා.




No comments:

Post a Comment