Wednesday, August 14, 2013

රංටැඹේ ජාතික ශිෂ්ය භට පුහුණු මධ්යැස්ථානයේ කපිතාන් පුහුණුවට පැමිණි විදුහල්පතිවරයෙක් රෝගාතුර වී මියයයි

 රංටැඹේ ජාතික ශිෂ්ය භට පුහුණු මධ්යැස්ථානයේ කපිතාන් පුහුණුවට පැමිණි විදුහල්පතිවරයෙක් රෝගාතුර වී මියයයි
6/30/2013 10:26 PM
මීට කලිනුත් දෙදෙනකු මිය ගිහින්
Video - http://www.youtube.com/watch?v=wyeUXCF7zLA&feature=youtu.be
NCC -
ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්ය භට පුහුණු මධ්ය ස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්ය පුහුණු මධ්යූස්ථානයේ ආරංචි කියයි.
2008 වසරේ රත්නපුර අට වැනි බලඇණියට බලංගොඩ ආනන්ද මෛත්රීයය විදුහලේ දහවැනි ශ්රේමණියේ ඉගෙනුම ලැබු වසන්ති නයනී ජයසේකර (15) නම් සිසුවියක මෙසේ පුහුණුව ලබද්දී මිය ගිය අතර ඇගේ මරණය ඇසූ ඇගේ පියා ද එදිනම මිය ගියේය.
අනතුරුව 2011 ඔක්තෝබර 04 වැනිදා කුරුණෑගල හතරවැනි බලඇණියට අයත් පොල්ගහලෙන රත්මල්ගොඩ මහා විද්යාවලයේ ඉෂාරා සඳමාලි බස්නායක (15) සිසුවිය ද පුහුණුව ලබද්දී මිය ගොස් ඇත.
විදුහල්පති නායකත්ව පුහුණුව අතරතුර ඊයේ (30) මිය ගිය රත්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්රවමසිංහ මහතා රන්ටැඹේදී මිය ගිය තුන්වැන්නායි.
රන්ටැඹේ ශිෂ්ය භට පුහුණු මධ්ය.ස්ථානයට ආසන්නම රෝහල අඹගහපැලැස්ස ප්රාහථමික රෝහල බටත්, එම රෝහලට යෑමට කිලෝමීටර් අටක් යා යුතු බවත්, මහියංගනය මූලික රෝහලට යෑමට කිලෝමීටර් 25 යා යුතු බවත්, මෙම පුහුණු මධ්ය ස්ථානයේ කාලයක සිට වෛද්යහවරයකු නොසිටි බවට විශ්වාස වන්ත තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

1881දී ජාතික ශිෂ්යම භට බලකාය ආරම්භ කර ඇති අතර වයස අවුරුදු 16ට ඉහළ සිසුන් මෙහි පුහුණුව ලැබූවත් 2005 සිට එම වයස් සීමාව අවුරුදු 14 දක්වා අඩු කර ඇත.
1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගිතා (පරීපූරක හමුදා) පනත යටතේ ශිෂ්යත භට නිලධාරීන් ලෙස බඳවා ගත හැක්කේ ද වයස අවුරුදු 30ට අඩු ගුරුවරුන් පමණක් බවට සඳහන්ව තිබියදී විශ්රාටව යෑමට ආසන්න වයසේ පසුවන විදුහල්පතිවරුන් ඒ සඳහා යොමු කිරීමෙන් මේ කණගාටුදායක ඉරණම අත්වූ බව ද ස්ටාලින් මහතා කීවේය.

No comments:

Post a Comment