Wednesday, August 14, 2013

මහියංගන නගරය මැද ඉදිවන රටේ දර්ශනියම ඔරලෝසු කණුවේ ආකෘතිය මෙන්න

මහියංගන නගරය මැද ඉදිවන රටේ දර්ශනියම ඔරලෝසු කණුවේ ආකෘතිය මෙන්න
8/12/2013 11:14 PM
මහියංගන නගරයේ වසර 23ක් පැරණි හෝරා ස්ථම්භය නවීකරණය කර රටේ දර්ශණීයම හෝරා ස්ථම්භයක් බවට පත්කිරීම ආන්ඩුපක්ෂ මහියංගන ආසන සංවිධායක ඌව පලාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාගේ මැදිහත් වීමෙන් මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර ඇත.
දීර්ඝ කාලයක සිට මහියංගන නගරයේ අලුත්වැඩියාවක් සිදු නොකල එකම ස්ථානය වීම හා නගරයේ වැසියන්ට වසර ගනනාවක් නිසි වේලාව ප්‍රදර්ශනය කිරිමට සමත් නොව් මෙම හෝරා ස්ථම්භය කාලයාගේ ඇවැමෙන් දිරා පත් වී පාරේ ගමන් කරන මගීන් හා රථවාහන මතට එහි කොටස් (උළු) කඩා වැටීමට පටන් ගැනීම සැල කිල්ලට ගනිමින් සංවර්ධනය වෙමින් පවතින නගරයේ අලංකාරය වැඩිවන ආකාරයට මහියංගන නගරයටම වු අනන්ණ්‍යතාවයක් ගෙන දෙන අන්දමින් මෙම නව හෝරා ස්ථම්භය ඉදි කිරීම ආරම්භ කර ඇත. මෙම හෝරා ස්ථම්භය 1989 ගම්උදාව සදහා මහියංගන නගරයේ ඉදි වුවකි.

No comments:

Post a Comment