Monday, February 9, 2015

ස්ත්‍රි දුෂණ රැසකට සම්බන්ද පුද්ගලයෙක් මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගනි - සැකකරු අත් අඩංගුවෙන්පැනගොස් පොලිසියේ මහ ජරමරයක්.

ස්ත්‍රි දුෂණ රැසකට සම්බන්ද පුද්ගලයෙක් මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගනි - සැකකරු අත් අඩංගුවෙන්පැනගොස් පොලිසියේ මහ ජරමරයක්.
2/9/2015 1:08 PM

මහියංගන හා රිදිමාලියද්ද යන මහියංගණ පොලිස් වසම තුල ස්ත්‍රි දුෂණ රැසක් සිදු කල පුද්ගලයෙකු මහියංගන පොලිසිය විසින් ඊයේ (09) දහවල් අත් අඩංගුවට ගත් අතර පොලිසියට රැගෙන ඒ මෙන් පසු පොලිස්ථානයේදි සිටියදි සැකකරු පැන යෑම හේතුවෙන් සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා මහත් පරිශ්‍රමයක් යොදන්නට පොලිස් නිළධාරින් හට සිදු විය.
මෙම පුද්ගලයා අවස්ථා කිහිප අවස්ථවයකදි ස්ත්‍රි දුෂණ සිදු කර සිරගතව සිටි අයෙක් වන අතර වයස 27ක විවාහකයෙක් (දැන් වෙන් වි ඇත) වන අතර හමුදා සේවයේ යෙදි සිටි අයෙක් ද වේ. කෙසෙල්පොත, මාපාකඩවැව ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි.
මාස කිහිපයකට ඉහතදී මහියංගන පදියතලා මාර්ගයේ 50 කණුව , තරුණ ව්‍යාපාරය ප්‍ර දේශයේ පාසැල නිම වි නිවෙස් බලා යමින් සිටි පාසැල් දැරියක් වංචනික ආකාරයෙන් රවටාගෙන ගොස් සොහොන් භූමියකට රැගෙන ගොස් පාසැල් නිළ ඇදුම පිටින්ම දුෂණය කර ඇති අතර මෙම සිද්දියට සම්බන්දයෙන් මෙම පුද්ගලයා මහියංගන පොලිසය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේ ප්‍රශ්න කිරිම් හමුවේ ඉහත පාසැල් දැරිය දුෂණය සම්බන්දයෙන් වරද පිලි ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැක කරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර හදුනා ගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරපත් කිරිමට නියමිත අතර සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා හා ලයනල් කොටන් දෙනිය, ඒ අමරසුරිය යන  නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

No comments:

Post a Comment