Thursday, February 12, 2015

වාහන තෙල් බැරල් වල පොල්තෙල් ප්‍රවාහනය කර උසාවි යන්න වෙයි - 15000ක දඩ - තෙල් විනාශ කරන්න උසාවියෙන් නියෝගයක්


2015-02-12 ප.ව. 2:37
වාහන තෙල් බැරල් වල පොල් තෙල් (ෆාම් ඔයිල් ) දන් කොටුව සිට මහියංගනය දක්වා ප්‍රවාහනය කල ලොරි රථයක් අද (12) උදැසන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රා ගිතානි විජේසිංහ මෙනෙවිය විසින් ලොරි රථ හිමි කරුවන් හට රුපියල් 15000ක දඩයක් හා පොල්තෙල් බැරල් (ෆාම් ඔයිල් ) සියල්ල විනාශ කර දමන ලෙස මහියංගන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හට නියෝග කර ඇත.
රාජදෙරේ තේවර් අංක 313/3 බුජ්ජම්පොල, දංකොටුව යන ලිපිනයේ ව්‍යපාරිකය හට මෙලෙස මහියංගන මහේත්‍රාත් උසාවිය මගින් දඩ නියම කර ඇත. සෞඛ්‍ය නිති රිති උල්ලන්ගනය කර ප්‍රවාහනය කල රුපියල් දෙලක්ෂ පනස්දහසක (250000) ෆාම් ඔයිල් බැරල් පහක (5) කිලෝ 950ක් මේ ආකාරන් විනාශ කර දැමිම මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය පි කේ ධර්මප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ආර් එම් ටි පි විජේසෝම, ඊ ඩි ඩි ඒ එදිරිසිංහ, ඒ එම් එස් අබේසේකර යන මහජන සෞඛ්‍ය මහතුන් විසින් මහියංගන ප්‍රා දේශීය සභා බැහැර කිරිමේ ස්ථානයේදි විනාශ කරනු ලැබිය.



No comments:

Post a Comment