Friday, February 6, 2015

දින 03ක් මහියංගනයට ජලය නොමැති විමෙන් ගැටලු රැසක් - මහියංගන රෝහලේ රෝගින් හා නිළධාරින් විශාල අපහසුතාවයකටපත් වෙයි - වකුගඩු රෝගින් 06ක් ජිවිතයත් මරණයත් අතර සටනක නියැලි ඇත


2/6/2015 11:50 AM
මහියංගන ප්‍රදේශයට දින 3ක් තිස්සේ පානිය ජලය නොලැබිම හේතුවෙන් ගම්වසින් නගරවාසින් හා මහියංගන රෝහලේ නේවාසික සිටි රෝගින් 300ට අධික පිරිසක් ගැටලු රැසකට මුහුන දුන්නේය. පසුගිය 3/4/5 යන දිනයන් හි මෙසේ නොදන්වා ජලය කපා හැරි බව ප්‍රදේශවාසින් චොදනා කරති.
මහියංගන මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගින් 300කය අධික ප්‍රමාණයක් මේ හේතුවෙන් විශාල ගැටලු රැසකට මුහුණ දුන් අතර ජලය නොමැති කමෙන් සිදු කිරිමට තිබු ශල්‍යකර්ම ලිස්ට් 2ක් වෛද්‍යවරුන් විසින් අවලංගු කර ඇත.
අනපේක්ෂිත ආකාරයෙන් ජලය නොලැබිම හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලැබු වකුගඩු රෝගින් 06ක් සදහා රුධිර කාන්දු පෙරණ ක්‍රියාත්මක කිරිමට නොහැකිව වෛද්‍යවරු හා කර්ය මණ්ඩලය මෙන්ම එම රෝගින් විශාල අසිරුතාවයකට පත් වු බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරති.
මෙවැනි හදිසි ජල විසන්දි කිරිමකදි ප්‍රයෝජනයට ගැනිම සදහා රෝහලේ ජල අවශ්‍යතාවයට සරිලන විශාල ජල ටැංකියක් නොමැති කම හේතුවෙන් දිනක රෝහලේ ජල අවශ්‍යතාවය පමණක් වත් සපුරාගන්නට නොහැකි විම මෙම ගැටලුවට හේතුවි ඇත. මහියංගන මුලික රෝහලේ විශාල ජල අවශ්‍යතාවය සපුරාලිම සදහා කඩිනමින් විශාල ජල ටැංකියක් ලබාදිමට අවශ්‍ය වි ඇති අතර එමගින් දිස්ත්‍රික් පහක් සදහා සේවය සලසාලන රෝහලේ වෛද්‍යවරු සහ කර්ය මණ්ඩලය මෙන්ම රෝගින්ද අපහසුතාවයට පත් නොවන බව රෝහල් කාර්යය මණ්ඩලයේ අදහස වි ඇත.
මහවැලි ගගේ ජල මට්ටම හදිසියේ ඉහල යෑම හේතුවෙන් ජල පොම්ප යටවිම නිසා ජලය ලබාදිමට නොහැකි වු බව මහියංගන ජලසම්පාදන නිළධාරින් පවසති. වසර ගනනාවක් තිස්සේ වසරේ විවිධ කාලයන් වල මෙලෙස මහවැලි ගගේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් ජල පොම්ප අක්‍රිය වි දින ගනනක් ජලය ලබාදිමට නොහැකි විමට කඩිනමින් ස්ථිරසාර විසදුමක් ලබාදිමට වගකිවයුතු නිළධාරින් කටයුතු කලයුතු බව මහියංගන ප්‍ර දේශවාසින්ගේ ඉල්ලිම වි ඇත.

No comments:

Post a Comment