Thursday, February 12, 2015

ඌව පළාත් සභා මැතිවරණ සිද්ධියේ හිටපු සීනි ඇමැතිගේ ආරක්‍ෂක නිලධාරින්ට ඇප

ඌව පළාත් සභා මැතිවරණ සිද්ධියේ හිටපු සීනි ඇමැතිගේ ආරක්‍ෂක නිලධාරින්ට ඇප
පසුගිය ඌව පළාත් සභා මැතිවරණය පැවැති සැප්තැම්බර් මස 20 වැනිදා වියලුව කන්දකැටිය ගලඋඩ ප්‍රදේශයේදී නැගෙනහිර පළාත් සභා එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී නිශාන්ත මංජුල ප්‍රනාන්දු මහතාට පහර දී නීත්‍යානුකූල ගිනි අවිය පැහැර ගැනීමේ චෝදනා ලැබූ හිටපු සීනි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් පස්‌දෙනකු පසුගිය 09 දින බදුල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රුපියල් ලක්‍ෂ පහ බැගින් ශරීර ඇප නියමකර ලබන මැයි මස 09 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට බදුල්ල මහෙස්‌ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය නියම කරන ලදී.
හිටපු සීනි කර්මාන්ත ඇමැතිවරයාට හා ආරක්‍ෂක අංශ නිලධාරීන් පස්‌දෙනාට මෙම චෝදනාව යටතේ බදුල්ල අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කර තිබුණද ඔවුන් අමාත්‍ය ආරක්‍ෂක අංශයට අනුයුක්‌ත නිලධාරීන් බැවින් ඒ පිළිබඳව පොලිස්‌ නීති අංශයට දැනුම්දී උපදෙස්‌ ලැබෙන තුරු මෙතෙක්‌ අධිකරණය හමුවට පමුණුවා තිබුණේ සීනි කර්මාන්ත හිටපු අමාත්‍යවරයා පමණි.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නොතීසි නිකුත් කර තිබියදී පසුගිය 09 දින ඔවුන් පස්‌ දෙනා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

No comments:

Post a Comment