Sunday, February 8, 2015

මිත්තනියගේ නිවසේද් විදුලිසැර වැදි හත් හැවිරිදි දරුවා මියගිහින්

මිත්තනියගේ නිවසේද් විදුලිසැර වැදි හත් හැවිරිදි දරුවා මියගිහින්
2/8/2015 3:50 PM

මිත්තනියගේ නිවසේ වු ශිතකරණයක සිදු විදුලිය කාන්දුවිමකින් හත් හැවිරිදි (07) කුඩා වයසේ පසුවන  පාසැල් දරුවකු මියයෑමේ සිදු විමක් මහියංගන සොරබොරවැව ප්‍ර දේශයෙන් අද (08) දහවල් වාර්ථාවේ.

මෙලෙස අවාසනාවන්ත ආකාරයෙන් මියගොස් ඇත්තේ අංක 96, පට්ටියලන්ද, සොරබොරවැව පාර, මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව් එච් එම් ලක්මිණ බංඩාර ජයසිංහ (07) නැමැති  සොරබොරවැව මධ්‍යමහා විද්‍යාලයේ 03 ශ්‍රේණීයේ අධ්‍යාපනය ලැබු කුඩා දරුවෙකි.
දරුවාගේ නිවස ආසන්නයේ පිහිටි සිය මිත්තනියගේ නිවදේ අද උදැසන සිට   සෙල්ලම් කරමින් සිට ඇති අතර, ඔහු දහවල් මිත්තනිය විසින් දැක ඇත්තේ ශීතකරණය අබියස බිම වැටි සිටින ආකාරය වේ. ඒ මොහොතේ ප්‍ර දේශවාසින් කැදවා දරුවා මහියංගන මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ මොහොත වන විටත් දරුවා මියගොස් සිට ඇත. දරුවා බිම වැටි සිටි මොහොතේ ශිතකරණයේ දොර විවෘතව තිබු බවත් මිත්තනිය පවසන අතර දරුවාගේ දෑතේ පිලිස්සුම් තුවාල කිහිපයක් දක්නට ලැබේ. සිද්දිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.

සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.




No comments:

Post a Comment