Friday, February 6, 2015

හසලක අවනසර මැණික් පතල් අල්ලන්න ගිය නිළධාරින්ට පහර දි රෝහලේ - ග්‍රාම නිළධාරි හා පොලිසියේ අයෙකුත් පතල ලග ඉදලා


2/6/2015 11:50 AM
හසලක තොරපිටිය රක්ෂිතයේ අනවරසයෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි පරිසක් වැටලිම සදහා ගිය වනසංරක්ෂණ නිළධාරින්ට පසුගිය 04 දින සවස පහර දි එක් නිළධාරියෙක් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මේ දිනවල හසලක තොරපිටිය ප්‍රදේශයේ රක්ෂිතය තුල මහා පරිමාණයෙන් ගම්මානයේ පිරිසක් හා ව්‍යාපාරිකවන් එක්ව අනවසර මැණික් ගැරිම් සිදු කරමින් පවතින අතර ඒ සම්බන්දයෙන් ලැබුන තොරතුරක් අනුව හුන්නස්ගිරිය කහටගොල්ල අඩවිවන කාර්යාලයට අනුබද්දව රාජකාරියේ නියුතු නිළධාරින් දෙදෙනෙකු උල්පතගම බිට්ටුවේ තොරපිටිය වනාන්තරයේ අක්කරකොළනියේ ප්‍රදේශයේ වැටලිම සදහා ගොස් ඇත. වනසංරක්ෂණ නිළධාරින් විසින් පිරිස අත් අඩංගුවට ගැනිමට යාමේදි එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයා හා හසලක පොලිසියේ නිළධාරිවරයෙකු සිවිල් ඇදුම්න් සිට ඇති අතර ග්‍රාම නිළධාරිවරයා විසින් එය වලක්වාලමින් පවසා ඇත්තේ තමන්ගේ සහයට මෙම පුද්ගලයන් පැමිනි බවත් අත් අඩංගුවට නොගන්නා ලෙසය.
පසුව එම ස්ථානයේ මැණික් ගරමින් සිටි පිරිසෙන් කිහිපදෙනෙකු පැමිණ වනසංරක්ෂණ නිළධාරින් හට පහර දි ඇති අතර ඩබ්ලිව් වයි එම් වීරකෝන් (57) නම් නිළධාරි වරයා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් වි ඇත. ඔහු හසලක, ගුරුලුපොත, බෝමලුව ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි.
සිද්ධිය සම්බන්දයෙන් හසලක පොලිසිය වෙත ඩබ්ලිව් වයි එම් වීරකෝන් වනසංරක්ෂණ නිළධාරිවරයා පැමිණිලි කර ඇති අතර හසලක පොලිසිය විසින් පහර දිමට සම්බන්ද එක් සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම පුද්ගලයා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.
රෝහල් ගත කර සිටිනා විරකෝන් මහතා පවසන්නේ ග්‍රාම නිළධාරිවරයාගේ සහයට එම පුද්ගලයන් පැමිණියේ නම් තමන්ට පහර දුන්නේ කුමකටද යන්න ප්‍රශ්නයක් බවත්, පහරදුන් පිරිස තමන්ට දේශපාලන හයිය තිබෙන බවත් ඔහුන්ට බාදා නොකරන ලෙස තර්ජනය කිරිම තුලින් රාජ්‍ය නිළධාරින්ගේ සහය ඇතිව මහා පරිමාණ අනවසර මැණික් ගැරිම් හසලක ප්‍රදේශයේ සිදු වන බව චෝදනා කර සිටි. විශේෂ ආක්ෂක බළකා නිළධාරින් යොදවා අවස්ථා කිහිපයකදි වැටලිම් සිදු කලද මෙම අනවසර මැණික් ගැරිම් දේශපාලන හයියෙන් දිගමට සිදු කරන බවත් වනසංරක්ෂණ නිළධාරින්ගේ දැඩි හිගය හේතුවෙන් මේ සම්බන්දයෙන් වැටලිම් මේවනවිට සිදු කිරිම අපහසු වි ඇති බව වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment