Friday, February 20, 2015

වැස්ස නොමැතිවත් පාරට විශාල ගල් පෙරලි 18 වංගුව පාරේ ගමන නවති - කන්ද පහල නිවාස 9කට අවදානම්

2015-02-20 පෙ.ව. 9:13

මහියංගන මහනුවර ඒ 26 මාර්ගයේ 18 වංගුයට ඉහලින් 35 කණුව ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රි (10.30ට පමණ) විශාල ගල් රාශියක් පෙරලිමෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත. විකල්ප මාර්ගයක් ලෙස රංදෙනිගල රජමාවත බාවිතා කරන ලෙස උඩදුම්බර පොලිසිය දැනුම් දෙයි. උදැසන රැකියා සදහා යැමට පැමිනි විශාල පිරිසක් අපහසුතා රැසකට මුහුණ දිමට සිදු විය. පෙරලි ඇති කලු ගල් වල විශාලත්වය වැඩි විම හේතුවෙන් මාර්ගය යතා තත්වයට පත් කිරිම සදහා දින කිහිපයක් ගතවනු ඇතැයි මාර්ග සංවර්ධන නිළධාරින් පවසති
18 වංගුයට ඉහලින් 35 කණුව ප්‍ර දේශයේ තොරන්බැන්ද ගල කන්දේ විශාල කලුගල් මෙලෙස මාර්ගයට පෙරලි ඇත. මේ හේතුවෙන් උඩදුම්බර ඔයතැන්න ග්‍රාම නිළධාරි වසමේ ආදාවල නම් ගම්මානයේ නිවාස නවයක (09) ගමවාසින් අවදානම් තත්වයට පත් ව ඇත. දිර්ඝ කාලයක සිට ඔහුන් මේ අවදානම් තත්වයට පත් සිටින බව ගම්වාසින් පවසති. වර්ෂා කාලයේදි තම නිවාස වලට ඉහලින් ඇති මාර්ගයේ විශාල ගල් පෙරලිමේ අවදානම හේතුවෙන් වර්ශා සමයට නිවාස වලින් තමන් ඉවත්ව සිටින බව ගම්වාසින් පවසන අතර මේ වන විට වර්ශාව නොමැතිවත් ගල් පෙරලිමෙන් තමන් මහත් අසිරුතත්වයකට පත්ව සිටින බව ගම්වාසින් පවසති.




No comments:

Post a Comment