Saturday, February 21, 2015

ඌව මහ ඇමැති ඉවත් කොට හරීන් ප්‍රනාන්දු පත් කිරීමට එරෙහි පෙත්සමේ හරීන්ගේ පාර්ශ්වයේ මූලික විරෝධතාව මතු කරයි

ඌව මහ ඇමැති ඉවත් කොට හරීන් ප්‍රනාන්දු පත් කිරීමට එරෙහි පෙත්සමේ හරීන්ගේ පාර්ශ්වයේ මූලික විරෝධතාව මතු කරයි
තීරණය මාර්තු 2 වැනිදා
ඌව පළාත් සභාවේ මහා ඇමැතිව සිටි ශෂේJද්‍ර රාජපක්‍ෂ මහතා ඉවත් කොට විපක්‍ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට එරෙහිව රාජපක්‍ෂ මහතා ගොනු කළ පෙත්සමට හරීන් ප්‍රනාන්දුගේ පාර්ශ්වයෙන් ඊයේ (20 වැනිදා) මූලික විරෝධයක්‌ මතු කළේය.
පෙත්සමේ අඩුපාඩු කිහිපයක්‌ ඇති බව කියා සිටිමින් හරීන් ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැඩිව කියා සිටියේ එම දුර්වල තත්ත්වය මත පෙත්සම විභාගයට නියම කරන්නේවත් නැතිව අහක දැමිය යුතු බවය.
අනතුරුව මූලික විරෝධයට පක්‍ෂව සහ විපක්‍ෂව දෙපාර්ශ්වයේ ම නීතිඥවරු දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දීමෙන් ඒ පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය ලබන මාර්තු මස 02 දාට කල් තැබුවේය.
අභියාචනාධිකරණයේ සභාපති විජිත් ආර්¾ මලල්ගොඩ සහ එච්. සී. ඡේ. මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බලන ලදී. පෙත්සමට ප්‍රථමයෙන් මූලික විරෝධයක්‌ මතු කළේ හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතායි.
ඌව පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් ශෂීJද්‍ර රාජපක්‍ෂ මහතා ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ බව පෙත්සමේ සඳහන් කර තිබෙන නමුත් ඒ පත්වීමේ ලිපියේ සහතික පිටපතක්‌ පෙත්සම සමඟ අමුණා උසාවියට ඉදිරිපත් කර නැතැයි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පැවැසීය.
පත්වීමක්‌ zරිට්‌Z ආඥාවකින් අවලංගු කරන්නැයි ඉල්ලා සිටින විට පත්වීමක්‌ කර ඇති බව දැන ගැනීමට පත්වීම් ලිපියේ පිටපතක්‌ පෙත්සම සමඟ අමුණා උසාවියට ඉදිරිපත් කළ යුතු බව කී ජනාධිපති නීතිඥ පෙරේරා මහතා ඒ ලිපිය ලබා ගැනීමට නොහැකි වුණා නම් පෙත්සමේ ඒ බව සහ ලිපිය ලැබුණු වහාම උසාවියට ඉදිරිපත් කරන බව පෙත්සමේ සඳහන් කළ යුතු බවත් ඒ අවශ්‍යතාවයන් පෙත්සම්කරු වන ශෂීJද්‍ර රාජපක්‍ෂ සපුරා නැතැයි ද රොනල්ඩ් පෙරේරා මහතා කීය. ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කර උසාවියට කැඳවා පෙත්සම ගැන සම්පූර්ණ විග්‍රහයක්‌ පවත්වන්නේ නැතිව පෙත්සම මුල් අවස්‌ථාවේදී ම ප්‍රතික්‍ෂේප කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
පෙත්සම්කරු වන ශෂීJද්‍ර රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා මහතා ඊට පිළිතුරු ලෙස මෙසේ පැවැසීය.
ඔහු පෙත්සමෙන් අභියෝග කරන්නේ හරීන්ගේ පත්වීම නොව ඔහු මහ ඇමැති ලෙස පත් කිරීමට ආණ්‌ඩුකාරවරයා ගත් තීරණයයි. ඒ ගත් තීරණය ආණ්‌ඩුකාරවරයා විසින් රාජපක්‍ෂ මහතාට ලිතව දන්වා එවා ඇති ඒ ලිපියේ පිටපතක්‌ උසාවියට ඉදිරිපත් කර ඇති බැවින් හරීන් ප්‍රනාන්දුÊමහතා මහ ඇමැති පත්වීමක්‌ ලැබූ බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැතැයි ද ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා මහතා දැඩිව කියා සිටියේය.
ශෂීJද්‍ර රාජපක්‍ෂ මහතා තනතුරෙන් ඉවත් කොට හරීන් ප්‍රනාන්දුÊමහතා එම තනතුරට පත් කළ බව දැනුම් දෙමින් ගැසට්‌ නිවේදනයක්‌ ද නිකුත් කර ඇත.
පළාත් සභාවක්‌ මහ ඇමැතිවරයා පත් කිරීම හා තනතුරෙන් ඉවත් කළ යුතු ආකාරය පළාත් සභා 145(5) වගන්තියේ පැහැදිලිව දක්‌වා තියෙනවා.
අධිනීතිඥ සුරේJද්‍ර ප්‍රනාන්දු, චන්දිම මැන්දිස්‌ යන මහත්වරු ද වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළහ.
රජයේ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දේමති ද සිල්වා මහත්මිය නීතිපති හා ඌව පළාත් ආණ්‌ඩුකාරවරයා වෙනුවෙන් පෙනී සිටි නමුත් ඇය පවසා සිටියේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පක්‍ෂයෙන් උපදෙස්‌ ලැබී නැති බවයි.
බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග සහ මධ්‍යම පළාත් මහ ඇමැති සරත් රණවක යන මහත්වරු ගොනු කළ පෙත්සම් 02 ක්‌ මාර්තු= මස 02 දා යළි කැඳවීමට නියම කෙරිණි.

No comments:

Post a Comment