Wednesday, March 16, 2016

UNP ආසන සංවිධායක පහරදී පාසැල් මුරකරු රෝහලේ


2016-03-16 ප.ව. 2:37:45
මහියංගන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුර කරමින් සිටියදී මහියංගන එක්සත්ජාතික පක්ෂ ආසන සංවිධායක වරයා හා පිරිසක් පැමිණ තමන් හට පහරදුන්නේ යැයි පවසමින් පාසලේ මුරකරු 15 දින(ඊයේ) රාත්‍රි මහියංගන මුලික රෝහලේ 08 වාට්ටුව සදහා ඇතුලත්ව ඇති බව මහියංගන පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතව ඇත්තේ අංක 3/15, ඌව තිස්සපුර, මහියංලන යන ලිපිනයේ පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ ජයතිලක නම වන අයෙකි. 
“ මම සේවයට පැමිණ පොතේ අත්සන් කර පාසැලේ බුදු මැදුරට මල් පහන් පුජාකිරිමට සුදානම් වු මොහොතේ තමයි එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක උපාලි සේනාරත්න හා ඔහුගේ පිරිවර පැමිණ මට ගැහුවේග. ගහන්ඩ හේතුව මොකක්ද කියලා මම දන්නේ නෑ. ගියමාසේ 19 දින ප්‍රාථමික පාසල පළාත් මහා ඇමතිතුමන් අතින් විවෘත කරා. පාසලේ ඉඩමේ කොටසක් උපාලි මන්ත්‍රිතුමා අල්ලාගෙන ඉන්නවා. පාසැල් සංවර්ධන සමිතියේ අය ගමේ ප්‍රජාවේ අය එකතුවෙලා පාසැලට අයිති ඉඩමේ පාසලට අයිති කොටසට අපි වැට ගැහුවා. මමත් පාසැල් සංවර්ධන සමිතියේ සාමාජිකයෙකු ලෙස ඉන්න නිසා ඒකට පදිගන්න මට ගැහුවාද කියලා මම දන්නේ නෑ. යැයි රෝහල් ගතව නේවාසික ප්‍රතිකාර ලබන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුරකරු ආර් එම් ජයතිලක පැවසීය.
තවද ඔහු මෙසේද පැවසීය.“ පාසැල් සංවර්ධන කමිටුව විරුද්ද වෙලා ඉදිදිද්දී, විදුහල් පතිවරයා විරුද්ද වෙලා ඉදිදිදී එයාගේ තාත්තාගේ දේහට ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රිඩා පිටියේ දි පිච්වුවා, පාසැල විවෘත කිරිමටත් ඉස්සෙල්ලා. පුංචි ළමයි වතුර බොන ලිදට විශබීජ යන්න පුලුවන් කියලා අපි විරුද්දවෙලා එපා කියද්දීත් එයා බලහත් කාරයෙන් පියාගේ දේහය ක්‍රිඩා භුමියේ පිච්චුවා. තොපි පුලුවන්නම් ඕන දෙයක් කරපියව් මම තාත්තාගේ මිනිය පිට්ටනියේම පුච්චනවා කියලා අපිට ෆෝන් එකෙන් බැනලා මිනිය පාසැල් පිට්ටනියේ පිච්චුවා. ඉතින් ඕවාට පලිගන්න මට ගැහුවාද කියලා මම දන්නේ නෑ “ යැයි චෝදනා කලේය.
ඌව පළාත් සභා මන්ත්‍රි හා මහියංගන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක උපාලි සේනාරත්න මහතො වෙත දුර කථනයෙන් කථා කර මෙම චෝදනා සම්බන්දයෙන් ප්‍රශණ කල අවස්ථාවේ “ මම ඔය කියන චෝදනා සම්පුර්ණයෙන්ම ඉවත දමනවා. මම හා මගේ කිසිදු පිරිසක් ඔය කියන පුද්ගලයාට ගහන්න ගියේ නෑ. හැබැයි ඔය කියන පුද්ගලයා ඊට දින කිහිපයකට කලින් මගේ පාක්ෂියෙකුට වැවේ මාලු අල්ලන්න ගිහින් සිටින විට බැන තර්ජනය කරලා තිබුනා. ඒ සම්බන්දයෙන් පාසලේ මුරකරුට මම දුරකථනයෙන් කථා කරලා ප්‍රශ්න කරා. එටිට වඩා දෙයක් මම කරේ නෑ. ඔය කියන පහර දීමක් මම කලේ නෑ“ යැයි චෝදනා සියල්ල ඉවත දමන බව මන්ත්‍රිවරයා පැවසීය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති. මේ වන තුරු පහරදීම සම්බන්දයෙන් පොලිසිය කිසිවකු අත් අඩංගුවය ගෙන නොමැත.





No comments:

Post a Comment