Tuesday, March 29, 2016

විදුලි බලමන්ඩලයේ මානව සම්පත දුර්වලයි - මිනිපේ නව ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය විවෘත කරමින් ඇමති වජිර අබේ වර්ධන මහතා කියයි

දැන් ලයිට් ගියාම යහපාලනයෙන් ඉල්ල ගන්නඩ කියනවා - එදා රංදෙනිගල රංටැඹේ හැදුවාට පස්සේ දාපු ට්‍රාන්ස්‍ ෆෝමර් හරියට නඩත්තු කරාලා නෑ. විදුලි බලමන්ඩලයේ මානව සම්පත දුර්වලයි - මිනිපේ නව ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය විවෘත කරමින් ඇමති වජිර අබේ වර්ධන මහතා කියයි
2016-03-29 පෙ.ව. 1:09
“දැන් ලයිට් ගියාම යහපාලනයෙන් ඉල්ල ගන්නඩ කියනවා - එදා රංදෙනිගල රංටැඹේ ඉගිනිමිටිය මාදුරුඔය හැදුවාට පස්සේ දාපු ට්‍රාන්ස්‍ ෆෝමර් අදට හරියට නඩත්තු කරාලා නෑ. ඒවා දැන් අපිට නඩත්තු කරන්ඩ වෙලා තිබෙනවා. ඊලගට කියනවා නොරච්චෝලේ නිසයි කියලා. නොරච්චෝලේ නිසා ලයිට් නැති වෙන්නේ නෑ. නොරච්චෝලේ ලෝකෙ තියෙන නවතම තාක්ෂණය තියෙන වැදගත් යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය මෙහෙයවන්ඩ ඉන්න කන්ඩායම ඒ කියන්නේ මානව සම්පත දුර්වලයි. ඒකට කව්රුවත් පලි නෑ“යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා, රුපියල් ලක්ෂ 390ක වියදමෙන් ඉදිකල මිනිපේ නව ප්‍රා දේශිය ලේකම් කාර්යාලය 28 වන දින උදැසන විවෘත කරමින් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
තවද අමාත්‍ය වරයා මෙසේද පැවසීය. “බිදුලි බල අංශයේ ඉන්න මානව සම්පත ඉතාම දුර්වල තත්වයක තියෙන්නේ. අපි මේක ගැන හිතලා මිට අව්රුදු 25කට කලින් විදුලි බලමණ්ඩලයට ප්‍රතිකර්මයක් ලෙස ගේනවා ලංකා විදුලි බලමණ්ඩල පුද්ගලික සමාගම. ඒ කාලේ ඒක ගේන කොට ඒකට විරුද්දව කට්ටිය ස්ට්‍රයික් කරන්ඩ පටන් ගත්තා. කොච්චර අමාරුවෙන්ද විදුලි බලමණ්ඩල සමාගම ගෙනාවේ. අනාගතයේ අපිට සිද්දවෙයි ලෝකයේ අනෙක් රටවල් වල වගේ විදුලිය පලාත් 7-8කට, ට්‍රාන්ෆෝමර් 7-8 කට කඩලා තියන්න. ඒකට විදුලි බල මණ්ඩලය විරුද්ද වෙයි. නමුත් අපිට ඒකට මුහුන දෙන්න වෙයි. විකල්ප නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ ඔක්කොම තියෙන්නේ එක ට්‍රිප් (ට්‍රිප් ස්විච්) එකකට. ගෙදරට ලයිට් ඉල්ලුවාම අර්ත් එක, ට්‍රිප් ස්විච් එක තියෙවාද කියලා බලනවා. එහෙම නැත්නම් දෙන්නේ නෑ විදුලිය.ඔය ක්‍රමේටත තමයි ගමේ ට්‍රාන්ෆෝමරයටත් අර්ත් එකක්, ට්‍රිප් ස්විච් එකක් තියෙනාවා. ඒක වෙලාවට නඩත්තු නොකරාම හෙන ගහනකොට පිච්චිලා යනවා. ගෙදර එක හරි වෙලාවට නඩත්තු නොකරාම අකුණක් ගහපු ගමන් ගෙදර මිනිහා මැරිලා යනවා. ඒකයි වෙන්නේ. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයෙත් ප්‍රශ්නය ඒකයි. මානව සම්පත දුර්වලයි. ඒකට අපිට මුහුණ දෙන්ඩ තියෙනවා. ඒකට කව්රු හරි කියනවානම් ලයිට් ගියාම ඕක තමයි යහපාලනේ කියලා ...ඒක නෙවේ“ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
මධ්‍යප පළාත් සභා මන්ත්‍රි හා උඩදුම්බර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චානක අයිලප්පෙරුම මහතා හා මහනුවර මහ දිසාපති හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මිනිපේ ප්‍රාෙද්ශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මියගේ සංවිධානයෙන් මෙම නව ප්‍රාෙද්ශිය ලේකම් ගොඩනැගිල්ල විවෘත කිරිම සිදු කරන ලදී. මහල් දෙකකින් සමන්විත නව කාර්යාලය සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයකින්ද සමන් විත වේ.
මෙහිදී මිනිපේ ඉඩම් ලාභින් සදහා ඉඩම් බලපත්‍ර ප්‍රධානයක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.. මෙම අවස්ථාව සදහා ප්‍රා දේශිය දේශපාලන නායකයන් ගම්වාසින් රාජ්‍ය ආයතන රැසක නිළධාරින් සහබාගි වී සිටියේය.











No comments:

Post a Comment