Friday, March 4, 2016

News update >> හොරුන්ගෙත් හොරු කම්බ හොරු දෙදෙනෙක් පොලිසියට බඩුත් එක්ක මාට්ටු - රැදී සිටි කුලි නිවසේ අයිතිකරුගේ නිවසත් කඩලා


2016-03-04 ප.ව. 12:43

තමන් නැවතී සිටින කුලි නිවසේ අයිතිකරුගේ නිවසත් හොරෙන් කඩා භාන්ඩ හා රත්‍රං සොරකම් කල සොරුන් දෙදෙනෙකු ඊයේ (03) සවස  මහියංගන පොලිසිය සිදු මෙහෙයුමකින් පසු භාන්ඩ සමග අත් අඩංගුවට ගැනීමට හැකි වු බව මහියංගන පොලිසිය පවසනවා. එම නිවසේ රුපියල් 160000 වටිනා රත්‍රන් මාලයක්,මුදු 2ක්, පෙන්ඩනයක් සොරකම් කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන්  වයස 19ක හා 21 වන වියේ පසු වන අය වන අතර සෙවන ගල ප්‍ර දේශයේ පදිංචි අය වෙති. ඔහුන් සොරබොර විද්‍යාලය ඉදිරිපිට නිවසක් කුලියට ගෙන නැන්දනිය හා නැන්දනියගේ දුව සම මාස 2ක් පමන කාලයක් එහි සිට ඇත. එක් තරුණයෙකු සොරබොර වැලි තොටක ට්‍රැක්ටර් රථයක රියදුරු ලෙස සේවය කර ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරිමේදී අනාවරනය වු තවත් තොරතුරු වන්නේ මහියංගන මාපාකඩවැව සමුපකාරය කඩා රුපියල් 26852ක භාණ්ඩද, සොරබොර සමුපකාරය කඩා රුපියල් 5782ක භාන්ඩද, මහියංගන පුජානගරයේ ඇලෑවෙල වෙළෙදසැලක් කඩා රුපියල් 35000ක භාන්ඩද සොරකම් කර ඇති බවයි.
ඔහුන් සිටි කුලි නිවස අසල නිවෙස්වල ගස්ලබු, පොල් ආදිය නැතිවෙන්න පටන්ගෙන ඇති අතර ගම්මානයේ නිවාස වෙළෙදසැල් කඩා බඩු, රත්‍රං සොරකම් රැසක් පසුගිය මාස 2 තුලදී සිදු කර ඇත. 03 දින දින උදැසන ඔහුන් රැදි සිටින කුලි නිවෙසේ අයිති කරුගේ නිවසද නිවසේ කිසිවෙකු නොමැති විට කඩා බඩු හා රත්‍රංබඩු සොරකම් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වු මහියංගන පොලිස්ථානයේ නිළධාරින්  පොලිස් බල්ලකු යොදා පරික්ෂණ සිදු කල අතර ඊයේ (03) දින සවස මෙම තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගත්තා. නිවාස හා වෙළෙදසැල් වලින් සොරකම් කල ද්‍රව්‍ය රැසක් ඔහුන් රැදි සිටි නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. එහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඔහුන්ගේ නැන්දනිය හා දියනිය මේවන විට ප්‍ර දේශයෙන් ඵලාගොස් ඇති අතර සිදු කල ප්‍රශ්න කිරිම් වලදී  නැන්දනියගේ අනුදැනුම හා සහයෝගයෙන් මග පෙන්වීමෙන් මෙම සොරකම් කර ඇති බවයි. සොරකම් නිමවීමෙන් පසු ත්‍රිරෝද රථයකින් නැන්දනිය තරුණයන් හා භාන්ඩ රැගෙන ඒමට පැමිනෙන බව ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය කර ගත හැකි වු බව පොලිය පවසති. ඔහුන් සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බව මහියංගන පොලිසියේ උසස් නිළධාරිවරයෙකු පැවසීය.
ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා,බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා, මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මතමහියංගන පොලිස්ථානයේ ස්ථානාධිපති සරත් කුමාර මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර් ඒ ඩි අයි රාජපක්ෂ මහතා පරික්ෂණ සිදු කරති. 



No comments:

Post a Comment