Thursday, March 17, 2016

UNP ආසන සංවිධායක දින 07ක් ඇතුලට

2016-03-17 ප.ව. 5:26

මහියංගන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුර කරමින් සිටි මුරකරු හට 15 දින සවස පහරදුන්නේයැයි චෝදනා ලැබ සිටි ඌව පළාත් සභා මන්ත්‍රි හා මහියංගන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක උපාලි සේනාරත්න මහත අද උදැසන මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගීතානී තේනබදු මහත්මිය විසින් ලබන 24 දින දක්වා (දින 07ක්) රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබිය.
මහියංගන තිස්සපුර ප්‍රාථමික විද්‍යාලයේ මුර කරමින් සිටියදී මහියංගන එක්සත්ජාතික පක්ෂ ආසන සංවිධායක වරයා හා පිරිසක් පැමිණ තමන් හට පහරදුන්නේ යැයි පවසමින් පාසලේ මුරකරු 15 දින රාත්‍රි මහියංගන මුලික රෝහලේ 08 වාට්ටුව සදහා ඇතුලත්ව ඇති බව මහියංගන පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතව ඇත්තේ අංක 3/15, ඌව තිස්සපුර, මහියංලන යන ලිපිනයේ පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ ජයතිලක නම් වන අයෙකි.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් මෙම පැමිණිල්ල සම්බන්දයෙන් පරික්ෂණ පවත්වති.

No comments:

Post a Comment