Wednesday, March 2, 2016

පාසැල් ගොඩනැගිල්ලට ගිනිතබා විනාශකරයි ගුරුඅත්පොත්,ළමා පොත පත හා ළමා නිර්මාණද ගිනිබත්වෙයි

2016-03-02 ප.ව. 5:03
බදුල්ල . වියලුව අධ්‍යාපන කලාපයට අයත් කන්දකැටිය කන්දකැපුඋල්පොත ප්‍රථමික විද්‍යාලයේ තාවකාලිකව ඉදිකර තිබු පන්ති කාමර ගොඩනැගිල්ලකට අද 3 දා උදෑසන කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි 
මෙම විදුහලේ පවතින ගොඩනැගිලි හිගය නිසා දේමාපියන් හා ප්‍රදේශවාසින් එක්ව ටකරන් සෙවිලි කර ඉටිරෙදි වලින් ආවරණය කර , මෙම ගොඩනැගිල්ල සකස්කර දි තිබු එකක් වන අතර එහි තුන්වන ශ්‍රේණියේ ඒ,බී.සී යන පන්ති තුනක් පවත්වාගෙන ගිය බවත් සිසුන් 98 ක් මෙම පන්තිවල ඉගෙනුම ලැබු බවත් විදුහල්පතිවිරයා පවසයි .
එහි තිබු අල්මාරි කඩා එම අල්මාරි තුල තිබු ගුරු අත්පොත් , ළමා පොත් පත් හා සිසුන්ගේ නිර්මාණ එලියට දමා ගිනි තබා විනාස කර ඇති අතර ඩෙස් පුට් පෙරලා කඩා බිමදමා ඇතැයිද පොලිසිය කියයි . පුටු සහ මේස ඇතුලු ලීබඩු ද ගින්නට හසුව ඇත .මෙම ප්‍රචන්ඩ ක්‍රියාව සිදුකළේ කව්දැයි මෙතෙක් අනාවරණය වි නැති අතර තම පන්ති කාමර අහිමිවීම නිසා පන්ති පැවැත්වීමට තැනක් නැතිව එම සිසුන් තැන් තැන්වල අසරනව සිටි බව දැකගන්නට ලැබිණ
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති හා සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන හෙරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ








No comments:

Post a Comment