Thursday, March 17, 2016

“අද හයිඩ්පිටියේදී පැවැත්වෙන මේ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ අපිව අත් අඩංගුවට ගන්න එපා කියලා කියන එක“ කිරිඇල්ල ඇමතිතුම මහියංගනයේදී කියයි.


3/17/2016 4:34 PM

“අද හයිඩ්පිටියේදී පැවැත්වෙන මේ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ අපිව අත් අඩංගුවට ගන්න එපා. ආන්ඩුව බයකරලා අපිව අත් අඩංගුවට ගන්න එපා කියන අදහස තමයි අද මේ විරෝධතා ව්‍යාපාර හරහා දෙන්න හදන්නේ. මමනම් හිතන්නේ ඒකනම් කරන්ඩ පුලුවන් වෙයි කියලා“ යැයි පාර්ලිමේන්තුවේ සභානායක,උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල අමාත්‍යාවරයා මහියංගන, මැදයාය ගම්මානයේ මහා මර්ග සදහා කාපට් අතරන නිෂ්පාදන පෙරමුසු අංගනය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව අද දින (17) දහවල් යලි විවෘත කරමින් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් සභාව ඇමතු අමාත්‍ය තුමන් “ඇත්තවශයෙන්ම මේ විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන්නේ නැතුව සහයෝගන දෙන්න තමයි එයාලාට තියෙන වගකීම. ජනාධිපතිවරණය දින්නා. පාර්ලිමේන්තු මැතිවරණය දින්නා. අයවැය හා ඉදිරිපත් කල පනතත් තුනෙන් දෙකේ බලයෙන් පාර්ලිමේන්තුවේ සම්මත උනා. ඉතින් එවැනි අවස්ථාවක විරෝධතා ව්‍යාපාර තියන එක විහිලුවක්. මොකද ආන්ඩුව ඇවිත් අව්රුද්දක්වත් යන්න කිලින්. අවුරුදු 3-4ක් ගියානම් හිතන්නවත් පුලුවන්. මට පේන විදියට මේ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ විරෝධතා ව්‍යාපාර වල එකම අරමුණ අපිව අත් අඩංගුවට ගන්න එපා. ආන්ඩුව බයකරලා අපිව අත් අඩංගුවට ගන්න එපා කියන අදහස තමයි අද මේ විරෝධතා ව්‍යාපාර හරහා දෙන්න හදන්නේ. අධිකරණය ස්වාදීනයි. 19වන ව්‍යස්ථා සංශෝධනය යටතේ අධිකරණය. ඒ වගේම පොලිසිය.  රාජ්‍ය සේවය දැන් ස්වාධින ආයතන හැටියට පවත්වාගෙන යනවා. ආයෝජකයන් අපේ රටට එන්නනම් මේ රටේ යහපාලනයක් තියෙන්න ඕන. ඒ වගේම සියලු ජාතින්ට එක හා සලකන රජයක් තිබුනොත් පමණයි ඉදිරිකාලයේදි ආයෝජකයන් පැමිණ මේ රටේ ආයෝජනය කරන්න කැමති වෙන්නේ. මේ ජාතික වගකීම තේරුම් අරගෙන අපි සියලු දෙනා කටයුතු කරන්න ඕන.“ යැයි අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහියංගන, මැදයාය ගම්මානයේ පිහිටි මෙම පෙර මුසු නිෂ්පාදන අංගනය නිෂ්පාදන කටයුතු මීට වසර 15කට පෙර නවතා දමා තිබු අතර නැවත මාසයක් වැනි ඉතා කෙටි කාලයකින් සංවරධනය කරමින් ලක්ෂ 40ක් පමණ වැයකර අද (17) දින යලි විවෘත  කලේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ , මගනැගුම උසස් නිළධාරින මෙම අවස්ථාව සදහා සහභාගි වී සිටියෙය්




No comments:

Post a Comment