Thursday, March 3, 2016

පොහොර ෆෝම් පුච්චයි - කිරි ඇල්ලගේ පණිවිඩයක් අරන් පැමිණි ජනතා නියෝජිතයාට හොද හුහු හු හු පාරක්

2016-03-03 ප.ව. 1:31

“ අපි 18 වංගුව රිලව් බවට පත් වෙන්න කැමති නෑ. එදා රිලව් කෑවේ අවර කරලක්. බඩ ඉරිගු කරලක්. ඒවා කාලා ජිවත් උන රිලව්න්ට අද අපේ මිනිස්සු කේක්, බනිස් කන්නදීලා  දීලා රිලව් ඒවාට පුරුදුවෙලා පාරෙ ඉන්නවා. හැබැයි ඒ තත්වෙට අපේ රටේ ගොවිජනතාව පත් කරන්න එපා කියලා මම බළධාරින්ගෙන් ඉල්ලනවා. ගොවිජනතාවට සහන ක්‍රමයක් යටතේ පොහොර දෙන්න ඕන. “ යැයි මිනිපේ ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා ගොවියන්ගේ පොහොර ගැටලුව වෙනුවෙන් හසලක අද උදැසන (03) නගරයේදී පැවති විරෝධතාවයකදී ප්‍රකාශ කරසිටියේය.
ෆෝම් එපා - ෆොටෝ එපා - චක්‍ර ලේඛ තවත් එපා  පොහොර ගැටලුව වෙනුවෙන් මිනිපේ ඒකාබද්ද ගොවි සමිතිය හා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධානයෙන්  හසලක නගරයේදි මෙම විරෝධතාවයක් සංවිධානය කර තිබුනි.
උදැසන 10.00ට පමණ ආරම්භ වු විරෝධතාවය හසලක නගර යේ ගාමිණි කුළරත්න පිළිරුව  අසලින් ආරම්භ වී නගරය වෙත පාගමනින් පැමිනියේය. මහියංගන මහනුවර මාර්ගය හරස් කරමින් පැය 2කට ආසන්න කාලයක් විරෝධතාවයෙ නිරත විය. මාර්ග ගමනාගමනය අඩාල වී දිගු වාහන පොලිම් දක්නට ලැබින.
මේ කන්නයේ වී මිළදී ගැනීම සදහා මිනිපේ මොරයාය, හසලක පල්ලෙවත් , කොළොන්ගොඩ යන වී ගබඩා හිස් කර  අපේ වී මිළදී ගන්න, ගොවියා අපහසුතාවයට පත් කරන ෆොටො / ෆෝම් එපා, 350 ට පොහොර දෙන්න, සහතික මිළට වී මිළදී ගන්න, යන ඉල්ලීම් ගොවිජනාතව විසින් එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යතුමන්ගේ පණිවිඩයන් රැගෙන එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික සංවිධායක ඩබ්ලිව්  එම් තෙන්නකෝන් මහතා ගොවිජනතාව අතරට පැමිණි අතර “ මාර්තු 20 හැරිසන් ඇමතිතුමයි කෘෂිකර්ම ඇමතිතුමයි මිනිපේ ජනතාවගේ ප්‍රශ්නය ගැන සාකදච්චා කරන්න හසලකට එනවා. ඒ නිසා මේ  විරෝධතාවය නතර කරන්න“ යැයි කිමත් සමග විරෝධතාවයේ නිරත වී සිටි ගොවියන් වීශාල වශයෙන් හු කියමින් කෑ ගසමින් එතුමන් හට විරෝධතාවය ප්‍රකාශ කර සිටි අතර එහිදී උණුසුම් තත්වයක් ඇතිවීමට ගොස් හසලක පොලිසිය මැදිහත් වී එය සමතයතය පත් කලේය.
පොහොර සදහා ලබාදි තිබු ෆෝම් ගිනි බත් කරමින් සහහන නොලැබුනහොත් මෙතැනින් නොනැවතී කොළඹට පිවිසෙන මාර්ග 06ට අවහිර කර දැවැන්ත විරෝධතාවයකට මිනිපේ ගොවිජනතාවද එක් වන බව පවසමින් විරෝධතාවය නිම කලේය. දහවල් 12.00 පමණ විරෝධාවය අවසන් විය.
හසලක පොලිසියේ පොලිස් නිළදාරින් විශාල පිරිසක් ආරක්ෂාව සදහා යොදවා තිබුනි.








No comments:

Post a Comment