Thursday, March 3, 2016

හොරුන්ගෙත් හොරු කම්බ හොරු දෙදෙනෙක් පොලිසියට බඩුත් එක්ක මාට්ටු - ගමේ ගෙවල් කඩ රැසක් කැඩු හොරු 2ක් හවස අල්ලයි - තමා සිටි කුලි නිවසේ අයිතිකරුගේ නිවසත් අද අදේ කඩලා

2016-03-03 ප.ව. 7:23
මහියංගන සොරබොර ගම්මානයේ නිවාස, වෙළෙදසැල් රැසක් කඩා සොරකම් කල සොර තරුණයන් 2ක් අද (03) හවස මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා . වෙනත් ප්‍ර දේශයක සිට පැමිණ සොරබොර පාසැල් මාවතේ නිවසක් කුලියට ගනිමින්, සොරබොර වැලි තොටක ට්‍රැක්ටරයක රියදුරු ලෙස මෙම තරුණයන් දෙදෙනා සේවය කර ඇත.
ඔහුන් සිටි කුලි නිවස අසල නිවෙස්වල ගස්ලබු, පොල් ආදිය නැතිවෙන්න පටන්ගෙන ඇති අතර ගම්මානයේ නිවාස වෙළෙදසැල් කඩා බඩු, රත්‍රං සොරකම් රැසක් පසුගිය මාස 3දි සිදු වී ඇති අතර අද දින උදැසන ඔහුන් රැදි සිටින කුලි නිවෙසේ අයිති කරුගේ නිවසද නිවසේ කිසිවෙකු නොමැති විට කඩා බඩු හා රත්‍රංබඩු සොරකම් කර ඇත. 
ඒ අනුව ක්‍රියාත්මක වු මහියංගන පොලිස්ථානයේ නිළධාරින් පොලිස් බල්ලකු යොදා පරික්ෂණ සිදු කල අතර අද දින සවස මෙම තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගත්තා. නිවාස හා වෙළෙදසැල් වලින් සොරකම් කල ද්‍රව්‍ය රැසක් ඔහුන් රැදි සිටි නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. එහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.




No comments:

Post a Comment