Tuesday, March 15, 2016

පාසැල් යමින් සිටි දියණියට වන අලි පහරදී දියණිය පියා සමග රෝහලේ -


2016-03-15 ප.ව. 1:34
උදැසන පාසැල් යමින් සිටි දැරියකට වන අලි පහරදීමක් හේතුවෙන් අද (15) උදැසන තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබුවා. අය සමග යතුරුපැදියේ ගමන් ගත් පියාද තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙසේ වන අලි පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ මහියංගන, අරාවත්ත, රඹුක්යාය ගම්මානයේ එච් එම් රම්බණ්ඩා හා ඇගේ දියනිය වන එච් එම් හර්ෂණි ලක්මාලි වයස අව්රුදු 13ක් වන ඔරුබැදිවැව විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දියනියකි.
අද (15) උදැසන 6.15ට පමණ පියා සමග යතුරුපැදියකින් පාසැල් යමින් සිටයදී කැලෑරොදක සිට වන අලියා පාරට පැමිණ යතුරු පැදියට පහරදී වන අලියා පියාට හා තමන්ට පහරදුන් බව හර්ෂණි පවසන්නීය. ගම්මානයේ වගා නොකල විශාල ඉඩම් ප්‍රමාණයක් පවතින බවත් එම ඉඩම් කැලෑ බවට පත්ව ඇති බවත් ඒවායේ සිට ගම්මානයේ අතරු මාර්ග වෙත අලි පැමිනෙන බවත් කැලෑ හේතුවෙන් වන අලි මාර්ගයේ ගමන් ගන්නා ගම්වාසින්ගේ ඉදිරියටම පැමිනීම හේතුවෙන් විශාල ගැටලුවක්ව පවතින බවත්, සෑම දිනකම උදැසන හා සවස් කාලයේ අන අලි ගම්වදින බවත් මාර්ග වල ගමන් කිරිම නිසා පාසැල් යෑම ගැටලුවක් ව ඇති බව වන අලි පහරදීමෙන් තුවල ලබා මහියංගන රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගන්නා හර්ෂනි ප්‍රකාශ කර සිටියේ.
ගම්මානය මැද පිහිටි අරාවත්ත විද්‍යාලයේ 1 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවති බවත් පසුගිය රජයේ විද්‍යාල ද්වතීකරන ක්‍රමය හේතුවෙන් අරාවත්ත විද්‍යාලයේ 6 වසරේ සිට පන්ති නතර කර එම දරුවන් ඔරුබැදිවවැ විද්‍යාලය වෙත ඇතුලත් කරන්නට සිදු වීමෙන්, කිලෝමිටර් 8-10ක් ප්‍රමාණයක් දරුවන් පාන්දරින්ම පාසැල් යෑමට සිදු වීම හේතුවෙන් පාසැල් දැරුවන් මෙම වන අලි ප්‍රහාරයන්ට ලක්ව අනතුරු සිදුවීමේ ඉඩ කඩ වැඩි වී ඇති බවත් , නැවත් අරාවත්ත විද්‍යාලයේ ඉවක් කල පංති ස්ථාපිත කර දෙන දෙස ගම්මානගේ දෙමාපියන් වග කිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා වන අලි ප්‍රහාරයට ලක් වු දැරියගේ සුවදුක් විමසීමට මහියංගන මුලික රෝහල වෙත පැමිණි අතර පසුව අරාවත්ත ගම්මානය වෙත ගොස් ගම්මානයේ මාර්ග දෙපස භුමි එලි පෙහෙලි කර ගන්නා ලෙස දැනුම් දන් අතර ගම්වාසින් ග්‍රාමනිළධාරිවරයා හා අරාවත්ත විද්‍යාලයේ විදුහල්පති වරයාගේ මුලිකත්වයෙන් අද දහවල් මාර්ග දෙපස සුද්ද පවිත්‍ර කර වන අලි රැදි සිටිය හැකි ලදු කැළැ එලි පෙහෙලි කලේය.
සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහාතා විසින් වනජිවි නිළධාරින් දැනුවත් කර මෙම ගම්වදින වන අලි සම්බන්දයෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ගම්වාසින් හට සහන ලබාදෙන ලෙස දැනුම් දුන්නේය.





No comments:

Post a Comment