Friday, March 4, 2016

ඵලායෑමට තැත්කල යතුරුපැදිය අල්ලා වාහන හොරකම් රැසක් මාට්ටු කර ගනී


2016-03-04 ප.ව. 12:43
මහියංගන ගිරාදුරුකෝට්ට මාර්ගයේ රථවාහන පොලිස් නිළධාරින්ගේ අණ නොතකා ධාවනය කල තරුණයෙකු පසු පස හබාගොස් අල්ලා ගැනිමෙන් අනතුරුව සිදු කල ප්‍රශ්න කිරිම් වලින් පසුව එය සොරාගන්නා ලද යතුරුපැදියක් වබට හදුනා ගත් බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි වාහන 4ක් හා රත්‍රංබඩු කොල්ල කෑම් 3ක් පිළිබද තොරතුරු හෙලි කර ගන්නට හැකි වු බව මහියංගන පොලිසිය කියයි
අත් අඩංගුවට ගත් තරුණයා වැල්ලවාය ඇතිලිවැව ප්‍ර දේශයේ පදිංචි කරුවෙකු වන අතර වයස අවුරුදු 18ක තරුණයෙකි.
සැකකරු විසින් රථවාහනන 4ක් සොරකම් කර ඇති බවත් රත්‍රං මාල 3ක් කඩාගෙන ඇති බව ප්‍රශ්න කිරිම් හමුවේ පවසා ඇත. හොරන ප්‍රෙදේශයේදී කලුපැහැති ත්‍රිෙරා්ධරථයක් හා ඩිස්කවරි යතුරුපැදියක් සොරකම් කල බව ප්‍රශ්න කිරිම් හමුවේ අනාවරණය කරගෙන ඇත. අනෙකුත් සොරාගත් වාහන පිළිබද සැකකරු විසින් තොරතුරු හොලි කර ඇත.
මෙම සොරකම් සදහා පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ද බවත් ඔහුන් සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති පව පොලිසිය පවසති. සැකකරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා,බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා, මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මතමහියංගන පොලිස්ථානයේ ස්ථානාධිපති සරත් කුමාර මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර් ඒ ඩි අයි රාජපක්ෂ මහතා වැඩිදුර පරික්ෂණ පවත්වති. රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රෝෂාන් සංජිව මහතා හා පො. සැ. 53728 ආරියවංශ, පො. සහයක 2601 කරුණාරත්න විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත


No comments:

Post a Comment