Monday, December 14, 2015

දුව මට ගෙදර එන්න කියනවා - එල්ලුම් ගහට නියමවූ සෙබළාගේ කඳුළු කතාව

2015-12-14 08:35:41 

2015-12-14 08:35:41
එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්‌ද විය. හරියට අද වගේමය.

එකල යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා වීරෝදාර රණවිරුවන් සිටියේ නිරන්තර සටනක යෙදෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකද එකී සටනේ කොටස්‌කරුවකුව සිටියේය.

යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්‌ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ. එහෙත් එකී ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණ දුන් ඔවුහු ලේ, දහදිය, හෙළමින් ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් සටන් වදින්නට වූහ.

නමුත් එදා එසේ උපන් බිමේ විමුක්‌තිය උදෙසා සතුරු වෙඩි වරුෂා මැද නුහුරු ඉසව්වක සිට සිය හිරිමල් තාරුණ්‍යය ගෙවා දැමූ සාජන් මේජර් සුනිල් රත්නායකට අද කුමන ඉරණමක්‌ අත්ව තිබේද?

ඒ පිළිබඳ අමුතුවෙන් සටහන් කළ යුතු නැත. එය දැන් මුළු රටම දන්නා කතාවක්‌ බවට පත්ව ඇත. එදා උපන් බිම වෙනුවෙන් මිරුසුවිල් යුද බිමේ සිට සතුරා සමග සටන් වැදුණු සුනිල් රත්නායක අද සිටිනුයේ පෝරකයට නියමවූ සිරකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට මැදිව ය. ඒ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු ලෙසිනි.

මීට මාස කිහිපයකට පෙර ඔහු වරදකරුවකු බවට තීරණය කර මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබුවේ අධිකරණය මගිනි. එහෙයින් අපි ඒ පිළිබඳ කිසිත් කතා නොකරන්නෙමු. නමුත් එදා එකී තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග සාජන් මේජර් සුනිල් රත්නායක සමග කෙටි පිළිසඳරක යෙදෙන්නට රහසේම අපට හැකි විය.

එහෙත් එය රටට කියන්නට අපි මඳක්‌ ඉවසා සිටියෙමු. ගිරි කුළෙන් ඇද වැටුණු සුරා සොඬා සේ "ගත දැවටෙන මේ සීත පවන් රැළි අනේ සැපයි" කියනවා හැරෙන්නට පසුගිය කාලයේ වෙන කරන්නට දෙයක්‌ නොවීම අපේ ඒ ප්‍රමාදයට හේතු විය.

එදා එසේ වුවද දැන් එය රටට හඬගා කියන්නට කාලය එළැඹ ඇත. තමන්ට මරණීය දණ්‌ඩනය හිමි වීමෙන් පසු සාජන් මේජර් සුනිල් රත්නායක හිස්‌ බැල්මකින් යුතුව ඔහේ බලා සිටියා දැනුදු මගේ මතකයේ ඇත. දැඩි අසරණ කමකින් ඒ දැස තෙත් වී තිබිණ. 

මාධ්‍යකරණය හමුවේ යුද බිමේ ඇවිද ගියකු ලෙස රණවිරුවන්ගේ දුක වේදනාව ඇති තරම් මම දැක තිබුණෙමි. නමුත් රණවිරුවකු හදවතින් කඩා වැටී සිටිනු දුටු පළමු වතාව සුනිල් රත්නායක හමුවූ මොහොත බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු වේ.

"ඉතින් සුනිල්.. මොකද වුණේ.." මම එදා ඔහුට හදවතේ ඇති බර වචන කරන්නට ඉඩ විවර කරමින් පළමු වචන කිහිපය මුදා හැරියේ එසේය. එතැන් පටන් සුනිල් කතා කරන්නට විය.

"මම යුද හමුදාවට බැඳුණේ 1995 දෙසැම්බර් මාසේ 12 වැනිදා. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ හතරදෙනයි අපි ඔක්‌කොම ඒ දවස්‌වල ජීවත් වුණේ මහියංගනයේ ආඳාඋල්පොත ගමේ. ඉගෙන ගත්තේ ආඳාඋල්පොත ජාතික පාසලේ..

"අපේ තාත්තා ගොවිතැන් කරලයි අපිව හැදුවේ.. අධ්‍යාපන කටයුතු ඉවර කරලා මම විතරයි අපේ පවුලෙන් හමුදාවට බැඳුණේ.. මට පොඩිකාලේ ඉඳන්ම හමුදා සෙබළෙක්‌ වීමේ ආශාව හිතේ තිබුණා.. ඒ දවස්‌වල මම හමුදාවට බැඳෙනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ.. එල්ටීටීඊ ප්‍රහාරවලින් හමුදා සොල්දාදුවන් හත්අට දෙනා මැරුණු ප්‍රවෘත්ති උදේ හවස කියෑවුණා.

ඉතින් මොන අම්ම තාත්තද ඒ වගේ කාලෙක තමන්ගේ දරුවෙක්‌ හමුදාවට යනවට කැමති වෙන්නේ.. අම්මයි තාත්තයි යන්න එපා කිව්වා.. ඒත් මම හමුදාවට බැඳුනා.. යුද හමුදාවට එකතු වුණාට පස්‌සේ මාස කිහිපයක පුහුණුව අවසන් කරලා මාව යාපනය ගුරුනගර්වල රාජකාරියට දැම්මා..

"හැම තැනින්ම ඇහෙන්නේ වෙඩි හඬ.. ඒත් මට බයක්‌ දැනුණේ නැහැ.. අනිත් සෙබළුන් එකා පිට මැරිලා වැටුණත් සටන් කරන විදිහ දැක්‌කහම මගේ හිතට ආවේ ලොකු හයියක්‌.. අන්තිමට හිතේ ඉතුරු වුණේ මේ මගේ රටනේ කියන හැඟීම විතරයි.. ඉතින් අපි ටෙරාලා කොච්චර ගැහුවත් පස්‌සට යන්නේ නැතුව සටන් කළා.."

ඒ වචන කිහිපය පිට කිරීමත් සමග මා දෙස මොහොතක්‌ නිහඬව බලා සිටි සාජන් මේජර් සුනිල් රත්නායක ගැඹුරු හුස්‌මක්‌ ගෙන දිගු සුසුමක්‌ පිට කළා දැනුදු මට මතකය. ඇතැම්විට එදා මරණය අතට ගෙන රට වෙනුවෙන් සතුරා ඉදිරියේ සිටගත් තමන් වෙත මෙදා දඬුවමක්‌ ලෙස මරණය ළඟා වීමේ වේදනාව සුනිල් එසේ පිට කළා විය හැකිය.

සුනිල් රත්නායක හමුදාවට එක්‌ වනුයේ යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක රජය 1995 වසරේ "රිවිරැස" 1-2 මෙහෙයුම් ක්‍රියාත්මක කළ කාලයේදීය. ඒ හේතුවෙන් එකී මෙහෙයුම්වලටද සිය දායකත්වය දෙමින් අභීත විරුවකු සේ ක්‍රියාත්මක වන්නටද ඔහුට වාසනාව හිමි විය.

"ඔව් මම "රිවිරැස" 1-2 මෙහෙයුම්වලටත් සහභාගි වුණා.. පස්‌සේ 1997 ආරම්භ වුණු "ජයසිකුරු" 1-2 මෙහෙයුම්වලදීත් සටන් කළා.. ඒ වෙනකොට මම යුද හමුදා හයවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු විදිහටයි රාජකාරි කළේa.. පස්‌සේ මාව යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌ත කළා.. 

"මේ දවස්‌වල තමයි එල්ටීටීඊය අලිමංකඩ ප්‍රහාරය එල්ල කළේ.. ඒ අතරේ අපේ කණ්‌ඩායමක්‌ වලිකාමම් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටියේ.. අපි වලිකාමම් ජයගත්තා.. එහෙම ඉන්න අතරේ 2000 වසරේ මුලදී මට මාන්කුලම්වලදී එල්ටීටීඊයේ මෝටාර් ප්‍රහාරයක්‌ වැදුණා.. ඒකෙන් මාත් එක්‌ක හිටපු රණවිරුවන් ගණනාවක්‌ මිය ගියා.. 

ඒ බව මම දැනගත්තේ දවස්‌ ගණනාවකට පස්‌සේ.. මෝටාර් ප්‍රහාරයෙන් මට සිහි නැතුව ගියා විතරයි මතක.. මට බරපතළ විදිහට තුවාල වෙලා ප්‍රතිකාර කරන්න කොළඹට ගෙනත් තිබුණා.. දවස්‌ ගණනාවකට පස්‌සේ කොළඹ මහ රෝහලේදී තමයි මට සිහිය ආවේ..

පස්‌සේ මාසයක්‌ විතර රෝහලේ ඉඳලා සනීප වෙලා මම මහියංගනේ ගෙදරට ගියා.. අම්මයි, තාත්තයි හොඳටම ඇඬුවා.. තුවාල වුණාට පස්‌සේ මට හමුදාවෙන් දවස්‌ දාහතරක නිවාඩුවක්‌ දුන්නා.. නිවාඩුව ඉවර වෙලා ඕනෙනම් මට හමුදාවේ සාමාන්‍ය රාජකාරිවලට සම්බන්ධ වෙන්නත් අවස්‌ථාව තිබුණා.. මොකද මගේ ඔලුවට ගොඩක්‌ තුවාල වෙලා තිබුණේ..

ඒත් නිවාඩුව ඉවර වෙලා මම ආයෙත් පුලියන්කුලම කෑම්ප් එකට ගිහින් රාජකාරියට වාර්තා කළා.. මම ගෙදරින් එනකොට අම්මා මාව බදාගෙන ඇඬවා.. පස්‌සේ උඹට තුනුරුවන්ගේ පිහිටයි කියලා මට යන්න දුන්නා.. 

එහෙම ඇවිත් දවස්‌ දෙකකට පස්‌සේ පුලියන්කුලමෙන් චාවකච්චේරි ගියා.. ඒ වෙනකොට චාවකච්චේරි ප්‍රදේශයේ සටන් ඇවිළිලා.. ටෙරාල අපිට ඇටෑක්‌ කරනවා.. ආයෙත් ඉතින් ගේමට බැස්‌සා.. චාවකච්චේරියේ ඉඳන් නගර්කොවිල් පාර දිගේ අපි ටෙරාලට ගගහා මිරුසුවිල්වලට ඇවිත් මිරුසුවිල් ඇල්ලුවා.. ඒ 2000 අවුරුද්දේ අන්තිම කාලේ.. 

ඔය අතරේ තමයි මේ කියන සිද්ධිය වුණේ.. මිරුසුවිල් ඇල්ලුවට පස්‌සේ අපි අපේ ඩිෙෆෙන්ස්‌ ලයින් එක හදා ගත්තා.. ලයින් එකෙන් මීටර් සීයක්‌ විතර එහායින් ටෙරාල හිටියේ.. සැරින් සැරේ උන් ඇටෑක්‌ කරනවා.. අපිත් කොහොම හරි අල්ලගෙන හිටියා..

මිරුසුවිල් ටවුන් එරියා එකේ ඉඳන් ගොඩක්‌ දුරට යනකම් සම්පූර්ණ ප්‍රදේශය අපේ අතේ තිබුණේ.. ටවුන් එක කිව්වට ඒක අපි හිතන විදිහේ ටවුන් එකක්‌ නෙමේ.. ගරා වැටුණු ප්‍රදේශයක්‌.. මිනිස්‌සු කවුරුවත් නැහැ.. 

හමුදාව විතරයි හිටියේ.. ඉස්‌සරහින් තිබුණේ කැලේ.. 

"මෙහෙම අපි මිරුසුවිල් අල්ලගෙන ඉන්න අතරේ දවසක්‌ අපේ ඩිෙෆෙන්ස්‌ ලයින් එකෙන් අපි හිටිය පැත්තට ආපු මිනිස්‌සු කට්‌ටියක්‌ හමුදාවට අහුවෙලා තිබුණා.. කැලේ හැම තැනම ටෙරාලා ආයුධ හංගලා තිබ්බා.. ඒ දවස්‌වල සමහර වෙලාවට අපි ඉස්‌සරහට ගිහින් ටෙරාලට ගහනකොට හොරෙන් අපේ ලයින් එකෙන් ඇතුළට ඇවිත් හැංගිලා හිටිය කොටි හංගලා තිබුණ ආයුධ අරගෙන පිටිපස්‌සෙන් අපිට ඇටෑක්‌ කරනවා..

"එහෙම පහර දීලා උන් පැනගන්නවා.. ඒ වගේ ප්‍රහාරවලින් යුද්දෙදී හමුදා සෙබළුන් දහදොළොස්‌ දෙනා එකපාර මියගියා.. ඒක අපිට හිසරදයක්‌ වෙලා තිබුණේ.. ඒ වගේ තත්ත්වයක්‌ තියෙද්දී තමයි මිරුසුවිල්වලදී මේ මිනිස්‌සු ටික හමුදාවට අහුවෙන්නේ..

"අද සමහරු කියන්නේ උන් ආවේ දර කඩන්න කියලා.. මට ඒ හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එකම එක කතාවයි.. ඒ යුද්දේ කාලේ ඕමන්තෙන් එහාට දර කඩන්න කැලේට ගිය කවුරු හරි ඉන්නවද කියන එක විතරයි.. ඕමන්තෙන් එහාට එදා කවුරු හරි ගියානම් ඒ ගියේ එල්ටීටීඊ එකට ගහන්න.. සටන් කරන්න.. එහෙම නැතුව කිසිම මිනිහෙක්‌ ඒ දවස්‌වල දර කඩන්න කොටින්ගේ ඒරියා එකට ගියේ නැහැ.." ඒ වගේම තමයි උන්ගේ කවුරුවත් දර කඩන්න හමුදාව ඉන්න තැන්වලට ආවෙත් නැහැ.. උන් ආවේ අපිව මරන්න.. 

ඔහු කියන ඒ කතාව තර්කානුකූලය. කිසිවකුත් එදා දර කඩන්නට එල්ටීටීඊ ත්‍රස්‌තයන් රැඳී සිටි ප්‍රදේශයකට ගියේ නැත.. නිකමට හෝ ගියේ නම් පණපිටින් එන්නට ලැබෙන්නේද නැත. 

ඒ අනුව බලන කල එදා දරුණු සටන් පවතිද්දී එල්ටීටීඊය රැඳී සිටි ප්‍රදේශයේ සිට කිසිවකු හෝ සීමා මායිම් නොතකා දර කඩන්නට මිරුසුවිල් හමුදා කඳවුරට අයත් ප්‍රදේශය වෙත ඇතුළු වූයේ නම් ඌට පැහැදිලිවම මොලේ අමාරුවක්‌ තිබිය යුතුය. එසේ නැතිනම් පැමිණියේ වෙනත් අරමුණකට විය යුතුමය.

ඒ සැඟවුණු අරමුණ පැහැදිලිවම හමුදාවට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා ඔත්තු බැලීම විය හැකිය. එල්ටීටීඊය යනු ත්‍රස්‌තවාදයකි. උන් ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස්‌ ගනිමිනි. පසුගිය යුද සමයේ එය එසේම සිදු වූ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු ද නොවේ.

"ඒ ආපු මිනිස්‌සුන්ගෙන් එක්‌කෙනෙක්‌ ඇරෙන්න අනිත් පිරිස එදා ඝාතනය කරලා තිබුණා.. කොහොම හරි එක්‌කෙනෙක්‌ පැනලා ගිහින්.. ඒක කළේ කවුද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.. මේ සිද්ධියත් එක්‌ක එදා පරීක්‍ෂණයක්‌ කරන්න යුද හමුදා පොලිසිය කඳවුරට ආවා.. ඒ ආවේ පැනලා ගිය කෙනත් අරගෙන.. ඒ මිනිහා අපි කිහිප දෙනෙක්‌ට ඇඟිල්ල දික්‌ කරලා අපියි මැරුවේ කියලා කිව්වා.. 

"ඒ මිනිස්‌සුන්ව මරලා වළක දාලා තිබුණේ.. පස්‌සේ යුද හමුදා පොලිසිය මට කිව්වා ඒ තැන පෙන්නන්න කියලා.. මම ගිහින් පෙන්නුවා.. ඒ වළ තිබුණු එදා තැන කෑම්ප් එකේ හැමෝම දැනගෙන හිටියේ.. ඊට පස්‌සේ මාත් එක්‌ක කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට අරගෙන අපිව පොලිසියට භාර දුන්නා..

"පොලිසියෙන් අපිව යාපනය අධිකරණයට ඉදිරිපත් කළා.. අධිකරණයෙන් රිමාන්ඩ් කළා.. අවුරුදු එකහමාරකට පස්‌සේ ඇප දුන්නා.. ඒ කඳවුරෙන් පිටත රාජකාරිවලට දාන්න එපා කියන කොන්දේසියත් එක්‌ක.. යාපනයෙන් පිටට යැමත් තහනම් කළා..

අන්තිමේ ඒ නඩුව අනුරාධපුර අධිකරණයට යොමු කළා.. අනුරාධපුර අධිකරණයෙන් කොන්දේසියක්‌ දැම්මා සාලියපුර කඳවුරෙන් පිටතට යවන්න එපා කියලා.. මේ නඩුව නිසා මම 2000 ඉඳන් 2010 වෙනකම් අවුරුදු දහයක්‌ විවාහ නොවී හිටියා..

පස්‌සේ ප්‍රශ්නයක්‌ වෙන එකක්‌ නැහැ කියලා හිතලා 2010 දී විවාහ වුණා.. ඒ මගේ පෙම්වතියත් එක්‌ක.. 2012 දී අපිට පුංචි දුවෙක්‌ ලැබුණා.. එයාට අවුරුදු තුන පිරෙනකොට මිරුසුවිල් නඩුවෙන් 2015 දී මට මරණ දඬුවම දුන්නා.. 

අද බිරිඳත් එක්‌ක මගේ දුවත් ආවා උසාවියට.. මම දැන් බන්ධනාගාරයට යන්න ඕනේ.. ඒත් දුව අහනවා අප්පච්චි ගෙදර එන්නේ නැද්ද කියලා.. බිරිඳ ඇස්‌ දෙකේ කඳුළු පුරවගෙන ඉකි ගගහ අඬනවා මම දැක්‌කා.. ඒක බලන් ඉන්න බැරි නිසා මම අහක බලා ගත්තා.. 

"විවාහ වුණාට පස්‌සේ අපි දෙන්නා හිටියේ ගල්ගමුවේ බිරිඳගේ ගෙදර.. දැන් දුවටයි බිරිඳටයි කාගෙවත් පිහිටක්‌ නැහැ.. මම රටේ හැමෝම වෙනුවෙන් යුද්දෙට ගියා.. සටන් කළා.. අද මගේ දරුවයි බිරිඳයි අසරණ වෙලා.. මට හිත හදා ගන්න බැරි ඒ ගැන හිතනකොටයි..

"තවමත් යුද හමුදාව මං වෙනුවෙන් පෙනී හිටිනවා.. ඒ ගැන මට තියෙන්නේ ආඩම්බරයක්‌.. මම එල්ටීටීඊයෙන් මේ රට බේර ගන්න යුද්දෙට ගියා.. මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. මාන්කුලම්වලදී මට වැදුණ මෝටාර් එකේ කෑල්ලක්‌ තවමත් ඔලුවේ තියෙනවා.. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ මට රණශූර පදක්‌කමත් ලැබුණා.. 

ඒත් දැන් මට මරණ දඬුවම ලැබිලා.. ඉතින් මට කියන්න තියෙන්නේ එල්ලන්න.. හුස්‌ම ටික යනකම්ම මාව එල්ලලා තියන්න කියන එක විතරයි.. අද හැමෝම නිදහසේ හුස්‌ම ගන්න රටක මගේ බිරිඳයි දරුවයි මම නැති පාලුවෙන් විඳවනවා දකිනවට වඩා මැරෙන එක සැපයි.."

ඔහු ඒ ටික කීවේ ඉතාම හැඟීම් බරවය.. ඒ දැස්‌ වේදනාවෙන් රතුවී තිබෙනු මම දුටුවෙමි.. මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස්‌ බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි.

ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය යුත්තක්‌ද? මේ මොහොතේ අප තුළ මතුවී ඇත්තේ විසඳුමක්‌ නැති ඒ ගැටලුව පමණි.

සමන් ගමගේ

(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි)

Thursday, December 10, 2015

ලොරි බස් ගැටුමෙන් 22ක් රෝහලේ - අයෙක් මරුට

9:10 PM

පදියතලාව  ප්‍ර දේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අදාළ අනතුර සිදුවී ඇති  බව වාර්තා වෙයි.
බිබිලේ සිට පුහුණුවක් සදහා පැමිණි කෘෂිකර් උපදේශකවරු, ගොවියන් පුහුණුව නිමවී කාත්තන්කුඩි දක්වා ගමන් කිරිමේදී අද(10) සවස 7.00 පමණ මෙම රිය අනතුර සිදු වී ඇත.
තුවාල ලැබුවන් පදියතලාව රෝහලට ඇතුලත් කල කිරිමෙන් පසු කිහිප දෙනෙකු ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත මාරුකර එවා ඇත. ඔහුන්ගේ තත්වයන් බරපතල නොවන අතර බොහෝ තුවාල කරුවන් සිරිම් තුවාල සිදු වී ඇත.
බස් රථය හා ලොරි රථය මුහුණට මුහුණ ගැටී ලොරිරථයේ රියදුරු මෙම අනතුරෙන් රියදුරු මියගොස් ඇත.



කප්පාදුව අහෝසි කර පොහොර සහනාධාරය වහා ලබාදෙනු සමන්ත විද්‍යාරත්න හා ගොවියන් සත්‍යග්‍රහයක

12/10/2015 4:05 PM

කප්පාදුව අහෝසි කර පොහොර සහනාධාරය වහා ලබාදෙනු- ගොවිජන විරෝධතාවයක්  අද (10) උදැසන මහියංගන නගරයේදි පැවැත්වු අතර, අද (10) සිට 19 වන දින දක්වා මහියංගන නගරයේ අඛන්ඩ සත්‍යාග්‍රහයක්ද ඊට සමගාමිව ආරම්භ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආම්භ කෙරිනි.

“ ඉදිරිිපත් කර ඇති අයවැය න් ගොවිජනතාවගේ සහන කප්පාදුව ආපස්සට හරවන්නේ නැත්නම් මේවා සත්‍යාග්‍රහවලින් නතර වන්නේ නෑ. මාරාන්තික උපවාස දක්වා මෙම ගොවිජනතාවගේ සටනක් දක්වා අපි මේවා මෙහෙයවනවා.  අපි අරගල කරලා ගත්තු දේවල් තබ සතේකින් වැඩි කරලා නෑ.   අපි අද මහියංගන නගරයේ මේ අරගලය ආරම්භ කරන්නේ රැකියාව ස්ථිර කරන්ඩ නෙවෙයි.  වාහන බලපත්‍ර දෙන්න කියලා නෙවෙයි. උදැල්ල කැත්ත වප්පිහිය අල්ලන ගොවිජනතාවට කණ කොකා හඩවනවා නම්  සහන කප්පාදු කරනවානම්, දනටත් අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සුන්ට මොනවාද වෙන්නේ. ඒ නිසා අපිට සිද්ද වෙලා තියෙනවා අකමැත්තෙන් උවද මේ සටනට බහින්ඩ“ යැයි විරෝධතාවයට හා සත්‍යග්‍රහය සදහා සහබාගි වු සමන්ත විද්‍යාරත්න මහතා ජනතාව අමතා ප්‍රකාශ කර සිටියේය.


Tuesday, December 8, 2015

එයා මාවත් රැවැට්ටුවා.. මේ වගේ අපරාධකාරයන්ට නම් ආයිත් එලියටනම් එන්ඩ දෙන්න එපා.... ඇගලුම් සේවිකා ඝාතනයේ සැක කරුගේ ළාභාල බිරිද පොලිසියකියයි.

 https://www.facebook.com/NewsatMahiyangana
12/08/2015 0:04:12 AM
මහියංගන, ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවය නිමවී තම ඥාති නිවෙස බලා යමින් සිටි වයස 18ක පසු වු රම්‍යා විදර් ශනී අබේවර් ධන නමැති තරුණියක් පසුගිය දා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍ර දේශයේදී දුෂණය කර ඝාතනය කළ සැකකරු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් දීපශිකා තේනුවර මහත්මිය නියෝග කර ඇති අතර සැකකරු බන්ධනාගර නිළධාරින්ගේ රැකවරණය යටතේ මහියංගන මුලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.
සැකකරුගෙන් මේ වන විට කරඋත්තර ලබාගැනිමට පොලිසියට හැකි වී ඇති අතර සැක කරුගේ කට උත්තරය මෙසේ ය “ ජයාමාමලාගේ ගෙදර නතර වෙන්ඩ ඇවිත් හිටිය කෙල්ලට මට ආසහිතුනා. දවස් දෙක තුනක් මම දැක්කා. වැඩ ඇරිලා ගෙදර යන හැටි දවස් දෙකතුනක් මම බලාගෙන හිටියා. මම එදා හවස තිලකෙ මාමාගේ කඩේට ඇවිත් බීඩි දෙක තුනක් අරගෙන ඒ කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටියා. මම මීටර් ගානක් ඈතින් දැක්කා ටෝච් එලියක් එනවා. කාත් එක්ක හරි ෆෝන් එකෙන් කථා කර කර ආවේ. මාව පහු කරගෙන පාරෙ ඉස්සරහාට ගියා. මම හිමිහිට පිටිපස්යෙන් ගිහින් කෙල්ලගේ කට වහලා කැලේට ඇදගෙන ගියා යැයි පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ සිද්දිය සම්බන්දයෙන් තොරතුරු වමාරා ඇත.
තවද “ කෑගහන හින්දා කැලේට අරගෙන යන ගමන් හොදට කට වහගෙනයි අරගෙන ගියේ. සිහිය නැති වෙන්ඩ ඇති. මම දන්නේ නෑ. අන්තිමට මම බැලුවා..බැලුවා සිහිය ආවේ නෑ.. මම එහෙමම ගෙදර ගියා. තෙමිගෙන තමයි ගෙදර ගියේ. ගිහින් කන්ඩ මොනවද තියෙන්නේ කියලා බැලුවා. මුකුත් නෑ කිව්වා.
“ මාව පොලිසියෙන් හොයනවා. අපි ගෙදරින් යමු“ කියාල මම ශෂිකලා කන්ද පැත්තට එක්කගෙන ගිය. කන්ද ලග පාලු ගෙයක් තිබ්බා. රෑ අපි පාලු ගෙදර හිටියෙ. ඓහෙම ඉන්නකොට ශෂිකලා මගෙන් ඇහුවා මොකද ඇග හැමතැනම තුවාල කියලා? බයවෙලා වගේ ඇහුවේ. මම කිව්වා මගේ අතින් මිනිහෙක් මැරුනා කියලා. ඒ මිනිහා මගේ අත හැපුවා. දකුණු අතේ මැදගිල්ලේ තිබුනු තුවාලය පෙන්නමින් මම කිව්වෙ. පහුවදා පාන්දරම මම ගෙදර ඇවිත් මගේ හැදුන්ම්පතයි. කුරේට කැට ටිකකුයි වතුරබෝතලයකුයි අරගෙන ආපසු කැළේට ගියා. ගෙදර කව්රුත් හිටියේ නෑ. එදා රෑවෙලා කැලේ ගුහාවක හිටියා. ඉදලා ගමේ හේනකට ඇවිත් පැළේ තිබුන මුට්ටි, භූමිතෙල්, මන්ඤක්කා ටිකක් ගලවගෙන ආපහු කැළේට ගිහින් ගල්ගුහාවකට වෙලා මන්ඤක්කා තම්බලා කෑවා.
උදේ බලනකොට ගමේ කලබල. ගමේ කට්ටිය පොලිසිය කන්ද වට කරලා. අපි කන්දෙ දිව්වා. බේරෙන්ඩ බෑ කියලා තේරුන හින්දා “අපි දෙන්නමා වස බීලා මැරෙමු“ කියලා අපි වස බිව්වා. ඊට පස්සේ තමයි දෙන්නම පොලිසියට අහු උනේ යැයි සැකකරුවිසින් පාපොච්චාරණය කර ඇත.
සැක කරුගේ බාලවයස්කාර බිරිදද සැකකරු විසින් වස පෙවීම හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලේ 03 වාට්ටුව සදහා ඇතුලත් කරනු ලැබු අතර ප්‍රතිකාර ලබා ගැනිමෙන් පසු මේ වන විට වාට්ටුවෙන් පිටව ගොස් ඇත. පොලිසිය වෙත කට උත්තරයක් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ “ මේ වගේ අපරාධකාරයොන්ට නම් ආයිත් එලියටනම් එන්ඩ දෙන්න එපා. පුළුුවන් උපරිම දඩුවම් දෙන්ඩ ඕන. මම දන්නේ නෑ ගෑණු ළමයෙක් මැරුවා කියලා. මට කිව්මේ ඇගිල්ල හැපුව හින්දා පිරිමි කෙනෙක් මැරුවා කියලා. මිනිහෙක් මැරුවානම් මට ඔයත් එක්ක ඉන්න බෑ කියලා මම ආපහු මගට ආවා. බය නිසා මම ආපහු සුරංගත් එක්ක ගියේ. කරන්ඩ දෙයක් නැති නිසයි සුරංගත් එක්ක කැලේට ගියේ. මට පස්සෙ තමයි ආරංචි උනේ කෙල්ලෙක් මරලා තියෙන්නේ කියලා. එයා මාවත් රැවැට්ටුවා..මාවත් රවට්ටලානේ අරගෙන ගියේ. එයා එක වරදක් නෙවෙයිනෙ කරලා තියෙන්නේ යැයි පවස මින් කටඋත්තර ලබාගත් පොලිස් නිළධාරියාගෙන් “මරලා තියෙන කෙල්ලගේ ෆෝටෝ එකක් මට පෙන්නන්නකෝ “ ලෙස ඉල්ලිමක් කරන්නට තරම් ඇය සංවිදි වි තිබේ.
මෙම ඝාතන සම්බන්දයෙන් ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා, බදුල්ල දිස්ත්‍රික් ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා, මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් එන් ලියනගේ මහතා, මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා, මහියංගන පොලිස්ථානයේ වැඩබලන ස්ථානාධිපති වීරසිංහ මහතා, අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ එම් ජයතිලක මහතා හා උප පොලිස් පරික්ෂක සුදේෂ් චතුරන්ග යන අයගේ නියෝග උපදෙස් මත මහියංගන පොලිසියේ නිළධාරින් විසින් පරික්ෂණ කටයුතු තවදුරටත් සිදුකරන අතර අධිකරණ කටයුතුද සිදු කෙරේ.

Sunday, December 6, 2015

නීති හදනවා අපෙන් අහන්නේ නෑ - වැදි නායක

5 දෙසැම්බර් 2015  18:01

“ලොකු තැනේම තිබෙන ගැටළු පොජ්ජ තමයි ආණ්ඩු පොජ්ජවල් තීරණ මන්දො කර ගන්නවා. ආදී වාසී මිනිස් ගජ්ජුන්ට ඒ ඇත්තන්ගෙ පරම්පරා පොජ්ජ ආරක්‍ෂා පොජ්ජ මන්ද කරන්ඩ ඕනැ කියල කථා දමනවා, ” දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් මේ පවසන්නේ ආදීවාසීන්ගේ ගැටළු ගැන කතා 'කතාවට පමණක් සීමාවී තිබීම' ගැන කනස්සල්ල පළ කරමින්.

වැදි ජනතාව නැතිනම් ලංකාවේ ආදිවාසී ජනතාව කෙරෙහි නව රජය සංවේදී වී තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි මාධ්‍යෙව්දී ලසන්ත ද සිල්වා සමඟ වැඩි නායකයා එසේ කියා සිටියේ.
ඔහු පැවසුවේ නව රජයද තම ජන කොටස පිළිබඳව අවධානයක් යොමුකර නොමැති බවයි.
එසේම ඇතිව තිබෙනවායැයි කියන වෙනස තමන්ට නම් නොවැටහෙන බවද පවසන වැදි නායකයා මෙරට සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු ප්‍රශ්න කරයි.
“බලය තියෙනවා නම් වෙනසක් කරන්නත් පුළුවන්නේ නේ,” දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් නව රජය ගැන විශ්වාසය පල කරමින් තවදුරටත් ප්‍රකාශ කළේය.
-BBC News-

මහියංගනයට ළමා උද්‍යානයක්

මහියංගනයට ළමා උද්‍යානයක්
01:00 PM 12/6/2015
මහියංගන නගරයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති ළමා උද්‍යානයක් මහජන බැංකුවට අනුබද්ද පීපල්ස් ලීසින් සමාගමේ පුර්ණ මුල්‍ය අනුග්‍රහයෙන් මහියංගන ගම්උදා ස්මාරක භූමියේදි පීපල්ස් ලීසින් සමාගමේ ඉහල නිළධාරින් හා දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ප්‍ර දේශයේ සිගිති දුවා දරුවන් හට ඊයේ (05) බාර කෙරුනා.
ආකර්ශනීය ආකරයෙන් නිමකර ඇති ළමා උද්‍යානය ඉදිරියේදි මහියංගන ප්‍රාෙද්ශිය සභාව යටතේ මෙහි නඩත්තු කටයුතු සිදු කෙරේ.








Saturday, December 5, 2015

වැඩ ඇරී යන ගමන් මිතුරාට දුන් ඇමතු‍ෙමන් විලාපයක් ඇහිලා!

2015-12-05
ඉතිහාසයේ පටන් මේ දක්වාම තරුණියන්ට, ළදැරියන්ට, කාන්තාවන්ට අතවර කිරීමට, සාහසික ලෙස මරා දැමීම තවමත් නැවතීමක් නැත. රටම ආන්දෝලනයට පත්කළ සේයා දැරියගේ ඝාතන උණුසුම වියැකී යන්නටත් පෙර තවත් තරුණියකට ද එවැනිම ඉරණමකට මුහුණ පාන්නට සිදුවීම කෙතරම්නම් ඛේදවාචකයක් ද? පාළු මාවතකදී පැහැරගෙන ගොස් අතරවයට ලක්කර ගෙල සිර කර මරා දැමීම කොතරම් අමානුෂික ද? මෙවැනි සාහසික මානසිකත්වයක් ඇති මිනිසුන් රටේ තවත් නැතැයි කියන්නේ කෙසේ ද? එදා විද්‍යා, සේයා මෙන් ම තවත් අයට සිදුවූ ඉරණම අද අත්වූයේ විදර්ශනීටය.
ලොව කොයි කොනේ ඉපදුණත් තරුණ ගැහැනු ළමයින්ට ඒ ඒ වයසේදී එක එක බලාපොරොත්තු තියෙනවා. අගනුවරින් බොහෝ දුර බැහැර මහියංගණ නගරයේ සිට කිලෝ මීටර් විසිහයක් පමණ ගිය තැන වේවත්ත හමු වෙයි. වේවත්ත හන්දියේ සිට කිලෝ මීටර් පහක් හයක් ගිය තැන කන්නල්කුඹුර ගම්මානය හමු වෙයි. මේ ගම්මානයේ සිටි බී. එම්. රම්‍යා විදර්ශනීට ද යොවුන් වියේ නොයෙක් බලාපොරොත්තු තිබුණි.
අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබු විදර්ශනී ඊළඟට ඇඟිලි ගැන්නේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වනතුරුය. ඒ මාක්ස් ආයතනයේ සේවයට යාම සඳහාය. හැඩට වැඩට අඳින්නට හිතේ හැටියට ඇඳුම් ටිකක් ගන්නත්, මෝටර් සයිකලයක් මිලට ගැනීමත් විදර්ශනීගේ බලාපොරොත්තු අතර මුලටම ගෙන තිබිණි.
කන්නල්කුඹුර ගමේ සිට දිනපතා යා යුතු මඟ දිගුය. ඒ නිසාම වයස දහඅට සම්පූර්ණ වීමෙන් පසු මහියංගණ ෂේඩ්ලයින් ඇඟලුම් ආයතනයේ සේවයට යාම සඳහා ඇය රිදිමාලියැද්ද අලුකැටියාවේ පදිංචි තම මාමාගේ නි‍ෙවසේ නතර වීමට ගියාය. ඇය සේවයට ගොස් මාස ‍තුනකි. ඉකුත් අඟහරුවාදා එනම් දෙසැම්බර් පළමු වැනිදා ද ඇය සුපුරුදු සේවය සඳහා පිටව ගියාය. ඒ තම ජීවිතයේ ඉරණම් දවස යැයි විදර්ශනීට නම් කිසිසේත් සිතෙන්නට නැතිවා වෙන්නට පුළුවන.
සේවය නිමා වී විදර්ශනී මාමාගේ නිවෙසට යාම සඳහා කාර්යාල ප්‍රවාහන සේවයේ ආවාය. ඇය සුපුරුදු ස්ථානයෙන් බැස්සාය. තේක්ක ගසින් පිරුණු මාවතක් ඔස්සේ ඇය මාමාගේ නිවෙසට කිලෝ මීටරයක් පමණ යා යුතු ය.
අවට පැතිර තිබූ හැන්දෑ අඳුරත් පොද වැස්සත් නිසා ඇය කුඩය ද ඉහලාගෙන තම අතේ තිබු ජංගම දුරකතනයේ එළියෙන් මහමඟ ඔස්සේ එන්නට වූවාය. අනෙක් අතේ තිබු ජංගම දුරකථනයෙන් ඈ තම හිතවතාට කතා කරමින් පැමිණියේ පුරුද්දටය. එහෙත් ඇයට වැඩිදුරක් යන්නට නොලැබිණි. දුරකථනයේ එහා කෙළවරේ කතා කරමින් සිටි තරුණයාට ඇසුණේ ඇගේ කෑගැසීම පමණි. සුපුරුදු වේලාවට විදර්ශනී ගෙදර නොආවාය. ඇගේ මාමා හා නැන්දා ඒ බව විදර්ශනීගේ මවුපියන්ට දැනුම් දුන්හ. රාත්‍රියේ ඔවුහු විදර්ශනී සොයා අවට කැලෑව පීරන්නට වූහ. එහෙත් විදුලි පන්දමේ එළිය අවසන් විය. ඔවුන්ට එදින රාත්‍රියේ සෙවිල්ල එතැනින් අවසන් කරන්නට සිදු විය.
පසු දා එනම් දෙසැම්බර් 2 දා යළිත් ගම්මු විදර්ශනී සොයන්නට වූහ. අවසානයේ ඔවුන්ට හමු වූයේ ප්‍රාණය නිරුද්ධ වූ විදර්ශනීගේ නිරුවත් මළසිරුර පමණි. එය මුලින් ම දැක තිබු‍ණේ විදර්ශනීගේ බාල සොයුරා හා ඥාති සොහොයුරාය.
ඒ විදර්ශනීගේ කතාවේ සංක්ෂිප්තයයි. විදර්ශනීට දුර බැහැර රැකියාවකට යාමට සිදු වූයේ ඇයි? එසේ ගිය විදර්ශනීට ඇත්තටම සිදු වූයේ කුමක් ද? යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ අරමුණින් අපි ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇගේ නිවෙසට ගියෙමු.
දහවල් පිටත් වූ ගමන අවසන් වූයේ රාත්‍රියේය. අප මහියංගණයේ සිට වේවත්තටත් එතැනින් කන්නල්කුඹුරටත් යන විට රාත්‍රිය එළැඹී තිබිණි.
තේක්ක කැලෑවක් මැදින් වැටි තිබු අලුතින්ම පස් කපා ඉදිකළ මාවත බෙහෙවින් ලිස්සනසුලුය. වාහනයේ ඉදිරිපස ලයිට් එළිය හැරුණු විට වෙනත් කිසිදු ආලෝකයක් පෙනෙන මානයක නැත. විටෙක අලි ගම්වදින්නේ යැයි කියන බඩඉරිඟු හේන් යාය මැදින් ගොස් අවසානයේ අපි විදර්ශනීගේ නිවෙසට ගොඩ වීමු. ඒ වන විටත් අවට ගම්වලින් පැමිණි හිතවතුන් මෙන්ම ඇගේ ඥාතින්ගෙන් නිවෙස ඇතුළ හා ඒ අවටත් පිරී තිබිණි.
“හෙණ ගහන අපරාධ මේවා”
“ගමේ කාටවත් කරදරයක් නැති දරුවෙක්”
“අඩුවෙන් කතා කළාට හැමෝ එක්කම හිනාවෙලා හිටියා.”
“මේ අපරාධය කරපු එකාව ඇල්ලුවා ඇල්ලුවා කියලා කියනවා. ඇයි ඌව තවත් ජීවත් කරන්නේ”
තැන් තැන්වල කල්ලි ගැසි හිඳින ජනතාව එක එක අදහස් පළ කරති.
සෙනඟ පීරාගෙන ගෙට ගිය අපි විදර්ශනීගේ මව හමු වීමු.
“මට මගේ දරුවා නැති වුණා. අහිංසක දරුවා නැති වුණාට පස්සේ මොනවා කතා කළත් වැඩක් තියෙනව ද? අපි බොහෝම අමාරුවෙන් හේන් ගොවිතැන් කරලා ජීවත්වෙන අය. දුව රස්සාවට ගියාට පස්සේ අපි කාටත් පළවැනි පඩියෙන් ඇඳුම් අරගෙන දුන්නා. දුව කිය කියාම හිටියේ ‘අම්මේ මං ස්කූටියක් ගන්න ඕන’ කියලා. දුව ඉස්සෙල්ලම කොළඹ යන්න හැදුවේ. අපි අකැමැති වුණ නිසා තමයි එයා මාමලාගේ ගෙදර නතර වෙලා රස්සාවට ගියේ. අන්තිමට මගෙ දරුවා මට නැති වුණා. කාටවත් කරදරයක් නැති අහිංසක කෙල්ල...”
විදර්ශනීගේ මව වන තිස්නව හැවිරිදි ඒ. එම්. විමලාවතී හැඬු කඳුළෙන් යුතුව පවසන්නීය.
ෂේඩ්ලයින් ආයතනයේ සේවයට ගිය විදර්ශනී සති දෙකකට සැරයක් සති අන්තයේ නිවෙසට ආවාය. ඈ ටික කලක සිට ආරක්ෂක සේවයේ නියුතු තරුණයකු සමඟ හාදකමක් ද පවත්වන්නට වූවාය. ඇය අතුරුදන් වූ මොහොතේ පවුලේ අයට ඔහු පිළිබඳව ද මතකය නැඟුණි.
“මල්ලි මට කිව්වා දුව ගෙදර ආවේ නැහැ කියලා. මම ඒ කිව්ව ගමන්ම වේවත්ත හන්දියට ගියා. දුවත් එක්ක වැඩ කරන ළමයි වගයක් ඉන්නවා, මං ඇහුවා දුවව දැක්ක ද කියලා. ඒ දරුවෝ කිව්වා දුව වැඩට ඇවිත් හිටියා කියලා. අපි ඊට පස්සෙයි අලුකැටියාවට ගිහිල්ලා දුව හොයන්න පටන්ගත්තේ. පොලීසියට පැමිණිලි කළා. දුවගේ සෙරෙප්පු, කුඩේ දැක්කේ ඒ හොයන්න ගිය ගමනේදී. ඒත් එදා රෑ දුව හොයාගන්න බැරි වුණා. පහුවදා ගමේ අයත් එකතු වෙලා දුව හොයන්න පටන්ගත්තා.
ඊට පස්සේ තමයි දුවගේ සිරුර දකින්න ලැබුණේ. කිසිම තාත්තා කෙනෙකුට කවදාවත් ඒ වගේ දෙයක් දකින්න සිද්ධ කරන්න එපා. දුවට අනතුරක් වෙන්න ඇති කියලා අපිට හෝඩුවාව කිව්වේ දුව එදා ෆෝන් එකෙන් කතා කර කර හිටපු ළමයා. මං මගේ පුතාට කිව්වා නංගි ගෙදර ආවේ නැහැ කියලා. පුතා මට කිව්වා නංගි එක්ක කතා කරපු කෙනෙක්ගේ අංකය තියෙනවා එයාට කතා කරලා බලමු කියලා. ඒ දරුවා තමයි මගේ පුතාට කියලා තිබුණේ දුව ගැන හොයන්න එයාට කරදරයක් වෙන්නැති කියලා.‍”
අපි දන්නේ නෑ දුවගේ ආදර සම්බන්ධතාවක් තිබුණු බව. අපි බොහොම දුප්පත් මිනිස්සු. හේන් ගොවිතැන් කළා කියලා ඇති ලාබයක් නැහැ. මේ පාරත් බඩඉරිඟු හිටෙව්වා. දැන්නම් කිරි වැදෙන්න ළඟයි. අපේ දුප්පත්කම නිසයි දරුවන්ට රස්සාවල්වලට යන්න ඕනෙ වුණේ. මේ ගම්මානවල කවදාවත් මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ. මට දරුවෝ හතරදෙනයි. නැති වුණේ මගේ තුන්වැනි දරුවා. කොහොම ඉවසන්න ද මේ වෙච්ච දේ.”
විදර්ශනීගේ පියා වන බී. එම්. අබේවර්ධන ඉවසාගත නොහැකි දුකින් පවසන්නේය.
ගම්මුන් ඒ අඩ අඳුරේ තැන් තැන්වල කම්මුලේ අත ගසාගෙන පවසන්නේ සිදුව ඇති ඛේදවාචකය පිළිබඳවය.
“අපේ ගම හරි දුප්පත්. පේනවනේ ගමට එන්න තියෙන අමාරුව. විදර්ශනී දූගේ මරණය නිසා තමයි, එයා වැඩ කළ කොම්පැනියෙන් පාර කපලා දුන්නේ. ඡන්ද කාලෙට හැම ලොක්කම එනවා. අරවා දෙන්නම් මේවා දෙන්නම් කියනවා. ඒත් අපිට ලැබිච්ච දෙයක් නැහැ. අන්තිමට අපේ අහිංසක දරුවෙක් කාමාතුරයෙක්ගේ ගොදුරක් වුණ එක විතරයි වුණේ. අපේ නොදියුණුකම දුප්පත්කම තමයි, මේ හැම දේටම මුල. ඔය අල්ලා ගත්තැයි කියන එකාව අපිට බාර දෙන්න. අහිංසක කෙල්ල නැතිකළ එකාට අපි පාඩමක් උගන්වන්නම් ගැහැනියක පවසන්නේ ආවේගශීලීවය. පාළු අඳුරු මූසල රාත්‍රිය කන්නල්කුඹුර ගම වසාගෙන පවතින මොහොතේ විදර්ශනී තම නිවෙසට ආවාය. ඒ සුපුරුදු පා ගමනින් නොවේ. සිහින් වැහි පොදක් වැටෙමින් තිබූ ඒ රාත්‍රියේ විදර්ශනී උපන් නිවෙසට පැමිණියේ තමා කලක් සේවය කළ රැකියා ස්ථානයේ සොහොයුරන්ගේ කර මතිනි.
අම්මා, තාත්තා, සොහොයුරු සොහොයුරියන්ගේ පමණක් නොව ඥාති හිතෛෂීන්ගේ විලාප හඬින් මුළු පෙදෙසම දෙදරා ගියේය. විදර්ශනීගේ නිසල සිරුර වරිච්චි බිත්තියෙන් තැනූ කුඩා නිවෙසේ සාලයේ තැන්පත් කෙරිණි.
“හිටපු ටික කාලේ විදර්ශනී අපිත් එක්ක හොඳ යෙහෙළියක් වෙලා හිටියා. ඇත්තටම අපිට දුකයි මේ වෙච්ච දේට.”
ධම්මික, මංජුල, ඉෂාර, ඉඳුනිල්, සමන්ත ආදි වූ ෂේඩ්ලයින් ආයතනයේ විදර්ශනීගේ යහළුවන් පවසන්නේ නෙත නැඟි කඳුළත් සමඟය.
“උලලේනියක් හැඬුවා
විපතක් ළඟ බව දැනුණා
ගොම්මන් කළුවර නැඟුණා...
මත් බඹරෙකු සැරි සැරුවා
අවිහිංසක මල් කැකුළක් තළා දැමුවා”
ඒ විදර්ශනීගේ නිවෙස ඉදිරිපස බිත්තියේ ගසා ඇති බැනරයක සඳහන් කවියකි.
ගම්මු පොලීසියටත් කලින් විදර්ශනී සොයන්නට ඉදිරිපත් වූහ. එහෙත් ඔවුන්ට පොලීසිය සමඟ ඇත්තේ නොසතුටකි.
සිද්ධිය වූ දාම පොලීසිය අපිත් එක්ක නංගි හොයන්න වෙහෙසුණා නම් සමහර විට නංගි බේරගන්න තිබුණා. නමුත් අපි නංගිගේ මිනිය හොයා ගත්තට පස්සේ පොලීසියෙන් ගමේ අපිට බැන්නේ අපි වැරැදිකාරයෝ වගේ.”
ඒ ගම්මුන් කියන දෙයයි. කවුරුන් කෙසේ කීවත් ඒ අවිහිංසකාවිය පාපතරයකුගේ ග්‍රහණයට හසුවී මියගියාය. ඈ වෙනුවෙන් කාගේ කාගෙත් නෙත්වල ඇති කඳුළු හැඟීම්බරය. ඔවුන් ආවේගශීලීය. ඒ තම දියණියට, යෙහෙළියට සොයුරියට සිදුවූ අකටයුත්ත නිසාය. ඔවුන්ගේ දුක්, සුසුම් මඟ හැර අපි එන්නට පිටත් වීමු.
ඒ එන ගමනේදී මහියංගණ රෝහලට ද ගොඩ වීමු. විදර්ශනීව පැහැරගෙන ගොස් අතවරයට ලක්කර මරා දැමුවේ යැයි කියන සැකකරු තම බිරිඳ සමඟ කැලයේ සැඟව සිට අවසානයේ ඇයට ද වස පොවා ඔහු ද වස බීමේ තවත් අපරාධයක් යට ගැසීමේ අරමුණිනි.
එනමුදු අලුකැටියාව අවට කැලය පීරමින් පොලීසිය හා ගම්මුන් එකතුව මේ දෙදෙනාව අත්අඩංගුවට ගත්තේ වස පානය කර වැඩි වේලාවක් ගත වන්නට පෙරය. සැකකරු මහියංගණය රෝහලේ හතරවැනි වාට්ටුවේ මේ ලියන මොහොතේත් ප්‍රතිකාර ලබන්නේය. සැකකරුගේ බිරිඳ යැයි කියන පහළොස් හැවිරිදි ගැහැනු ළමයා 3 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නීය. ඔවුන් සිටින්නේ පොලිස් ආරක්ෂාව යටතේය.
“මේ සැකකරුට පෙර වැරැදි තිබෙනවා. ඔහුට බිරියක් සහ මාස තුනක දරුවෙක් ඉන්නවා. ඒ සිටියදී තමයි ඔහු බාල වයස්කාර දැරියක සමඟ ජීවත්වන්නේ. ඒ සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියා. දැරිය පරිවාසය මඟින් ඇගේ ආච්චි අම්මාට බාර දී තිබුණා. නමුත් ඔහු ඇප ලැබී පැමිණියාට පසු ආච්චි අම්මාට පහර දී දැරියව නැවත රැගෙන විත් තිබෙනවා. එසේ තිබියදී තමයි මේ තරුණියව පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමා තිබෙන්නේ.
ඒ පොලීසිය සොයාගෙන ඇති තොරතුරුය. මේ සිද්ධියේදී සැකකරු වැටලීමේ අවස්ථාවට සහභාගි වූ දිනමිණ ප්‍රාදේශීය වාර්තාකරු පැවසූ තොරතුරු මෙසේ ය.
ඔය සැකකරු සිද්ධිය වුණු දවසේ රෑ 7.30 ට විතර ගෙදර ඇවිත් අර ගෑනු ළමයට කියලා තියෙනවා එයා පොලීසියෙන් හොයනවා කියලා. ඊට පස්සේ කියලා ඔහු මිනිහෙක් මැරුවා කියලා. පොලීසිය මොහු ගැන සැකකරලයි තිබුණේ. ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී හමුවූ එස්ලෝන් බටයක් සවිකළ පිහිතලය හා සෙරෙප්පු දෙක සැකකරුගේ කියලා ඔහුගේ මව හා මල්ලි පිළි අරගෙන තියෙනවා. පොලීසියෙන් යද්දි තමයි මොහු පැනලා ගිහින් තියෙන්නේ. ඔහු බාල වයස්කාරිය සමඟ පාළු ගෙදරක නතර වෙලා ඉඳලා කැලැවට පැනලා යනවා කෙනෙක් දැකලා තියෙනවා. ඒ වගේම මේ සඳහා පොලිස් නිල සුනඛයා යොදවපු දවසේ ඌ ගිහින් නතර වෙලා තිබුණේ සැකකරුගේ ගෙදර.
විදර්ශනීගේ ඝාතන සිද්ධියේ සැබෑ ‍සැකකරු මොහු නම් ඔහු නීතියට හසුවී හමාරය. ඉතින් ඈත දුර බැහැර දුෂ්කර ගම්මානවල පමණක් නොව ඉඩක් ලද ඕනෑම තැනෙක මෙවැනි අපරාධයක් සිදුවිය හැකිය. මුළු සමාජයම බලා හිඳින්නේ මේ අපරාධවලට නැවතීමේ තිතක් තැබෙන තුරුය. කඩිනමින් නීතිය විසඳී මේ අපරාධකරුවන්ට දඬුවම් නියම වනතුරු සමාජය බලා හිඳී.
එමෙන්ම තවදුරටත් තම දැරියන්, යෞවනියන් අනාරක්ෂිත නොකිරීමට, හුදෙකලා නොකිරීමට මවුපියන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. මන්ද අද විදර්ශනීට වූ දෙය හෙට මේ රටේ තවත් කොහේ කොතැනක හෝ කාටනම් විය නොහැකි යැයි විශ්වාසයක් තැබීමට බැරි නිසාය.
විශේෂ ස්තුතිය - උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මංජුල සෙනෙවිරත්න මහතාට
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - සරත් පීරිස්
පසුබිම් තොරතුරු - එච්. එම්. ආර්. කරුණාවීර (මාපාකඩවැව සමූහ)

ඇගේ සිහින පොඩිකර ඒ වසලයාද වහ කැවේය

තිස්‌ස ගුණතිලක
පසුබිම් තොරතුරු රංජිත් කරුණාවීර, ප්‍රවීණ සේනාධීර
2015-12-05

බස්‌නායක මුදියන්සේලාගේ රම්‍යා විදර්ශනී අබේවර්ධන නම් තරුණිය දූෂණය කර මරා දැමීම මුළු රටම කම්පාවට පත්කළ සිද්ධියක්‌ විය.
ඇය මේ විපතට ගොදුරු වන විට වයස අවුරුදු දහඅටක තරුණියක්‌ වූවාය. කුඩා කාලයේ සිටම පවුලේ අඟහිඟකම් හේතුවෙන් දුක්‌ඛ දොaමනස්‌සයන්ට මුහුණ දෙමින් එයින් හෙම්බත්ව සිටි ඇය යමක්‌ කමක්‌ තේරුම් යන වයස වන විට සිහින මැව්වේ කුමන හෝ රැකියාවක්‌ කර පවුලේ ආර්ථිකය ශක්‌තිමත් කිරීමටය. ඒ බලාපොරොත්තු සිතේ ගුලිකරගෙන සිටි ඇය පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළ කඩඉමෙන් නතර කර මහියංගනය ශේඩ් ඇඟළුම් ආයතනයට ඉල්ලුම්පත් යෑව්වාය. ඒ සඳහා ඇය සුදුසුකම් ලබන විට ඇගේ තරමට සතුටු වූ තවත් කිහිප දෙදෙනක්‌ ඇය අසලින් සිටියේය.
පාසලෙන් පිටවූ විගස ඇඟළුම්හලට අඩිය තැබූ ඇයට නව රැකියාව නුහුරුය. එහෙත් ඒ අසීරු කඩඉම් පසුකරමින් තෙමසක්‌ තුළ ඇය යහළු යෙහෙළියන්ගේද සිත් දිනා ගනිමින් නව ජීවිතය යම් රිද්මයකට හුරුකර ගත්තාය. ඉකුත් පළමුවනදා ඇය රැකියාවට යන්නේද ඒ සුපුරුදු පැතුම් පොදි බැඳි මානසිකත්වයෙනි. රම්‍යා විදර්ශනී ද එය නොවෙනස්‌ වූ අතර ඇය නොදැනීම ළඟාවෙමින් සිsටියේ ඒ සනාතකන දහමටය. ඇය එදික හිරිපොද වැටෙන ගොම්මන් අඳුර වැටෙන යාමයේ වෙනදා මෙන්ම නේක බලාපොරොත්තු පොදි බැඳ තම මාමාගේ නිවසට පැමිණෙමින් සිටියාය. තම පවුල, කියාව, අනාගතය පිළිබඳ සුභ සිහින පොදි ඒ අතර තිබුණා විය යුතුය. නමුත් තම නවාතැනට මීටර සියයක්‌ පමණ තිබියදී කාමාතුරයෙක්‌ පැමිණ හදිසියේම ඇය ඩැහැගෙන අසල ළඳු කැළයට ඇදගෙන ගියේය. එයින් මිදීමට ඇය ගත් වෙහෙස නිෂ්ඵල විය. ඇගේ අහිංසක සිහිනපොදි සමගම කාමාතුරයා ඒ තරුණියගේ ආත්මයම සූරාකා ඇය ඝාතනය කර දැමුවේය.
එදින නියමිත වෙලාවට රම්‍යා නිවසට නොපැමිණි නිසා ඝන කළුවර ක්‍රමයෙන් වැඩිවෛත්ම ඇය නැවතී සිටි නිවෙස්‌ නිවැසියන් තැතිගත්තේය. ගම්වාසීන් සමඟ ඒ පිළිබඳ විපරම් කිරීමේදි නිවසට මඳක්‌ ඈතින් ඇති කැලෑ රොදක්‌ අසල වැටී තිබූ ඇගේ ජංගම දුරකථනයත කුඩයත් හමුවිය. එය අනතුරක්‌ වූ බවට සලකුණක්‌ බව වටහා ගත් ගම්වාසීන් විගස ඒ පිළිබඳ මහියංගනය පොලිසියේ රාත්‍රී ජංගම මුර සංචාරක රථයේ නිලධාරීන් දැනුවත් කළේය. එහෙත් ගම්වාසීන් හා එක්‌ව පොලිසිය කළ සෝදිසියේදී දින රම්‍යා පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
නමුත් ඊට පසුදින ගම්වාසීන් යළිත් රම්‍යා සොයා අලුකැටියාව තේක්‌ක කැළය පීරනවිට නිරුවත්කර මරා දමා තිබූ රම්‍යාගේ සිරුර සොයා ගැනීමට හැකි විය. ඒ ඇය අතුරදන්ව තිබූ ස්‌ථානයේ සිට මීටර් 800 - 1000 පමණ දුරක කැළය අභ්‍යන්තරයෙනි. ඒ වනවිට ඇය අමානුෂික අයුරින් දූෂණය කර මරා දමා තිබෙන සලකුණු තිබිණි. මියයන මොහොතේ ඇතිවූ වේදනාව හේතුවෙන් ඇගේ ගෙලෙහි වූ රං මාලය සපාගෙනම ඇය අවසන් හුස්‌ම පොද හෙළා තිබුණාය.
අවාසනාවක තරම නම් මේ අහිංසක තරුණිය සොයා තේක්‌ක කැළය පීරද්දී නිරුවත් කළ ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හමුවී ඇත්තේ ඇගේම බාලසොහොයුරාටය.
සාපරාධයක්‌ සිදුකර කිසිදාක ලොවෙන් වසන් වී සිටිය නොහැකි බවට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්‌ෂි ඇත. මේ ඝාතනයේ සැකකාර තරුණයා ඇය ඝාතනය කර පළාගොස්‌ තිබුණේ හෝඩුවාවක්‌ ඉතිරිකරමින්ය. තරුණිය දූෂණය කර මරා දැමූ ස්‌ථානයේ තමන් පයලාගෙන තිබූ පාවහන් යුගල ඝාතකයාට අමතකව දමා ගොස්‌ තිබුණේය. ඝාතකයා සොයා පොලිස්‌ නිල සුනඛයන් යොදවා ගම්වාසීන්ද සමඟ පොලිසිය දිගු මෙහෙයුමක්‌ සිදු කළේ එම හෝඩුවාව ඔස්‌සේය. ඒ වනවිට මළ සිරු අසළ තිබූ රෝස පැහැති පාවහන් යුගල පිළිබඳ ගම්වාසීන් විශේෂ තොරතුරු කිහිපයක්‌ පොලිසියට දන්වා තිබිණි. එය සනාථ කරමින් පාවහන් යුගල ඉව කළ සුනඛයා ගම්මානයේ තරුණයෙකුගේ නිවසට ගියේය. එම නිවසේ ඒ වනවිට සිටි සැකකරුගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී එම පාවහන් යුගල ඔහුගේ නොවන බව ප්‍රකාශ කළත්, සැකකරුගේ බාල සොහොයුරාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එය ඔහුට අයත් එකක්‌ බව තහවුරු වීමට එතරම් කාලයක්‌ ගත නොවීය.
ඉන්පසු පොලිසිය මුහුණ දුන් බරපතලම ගැටලුව පලාගොස්‌ ඇති සැකකරු සොයා ගැනීමය. නමුත් අදාළ සැකකරු තමන්ගේ බාලවයස්‌කාර බිරිඳ බලහත්කාරයෙන් ගම්මානයේ ඝන කැළයකට ඇදගෙන යන අයුරු එහි සිටි ඇතැම් ගැමියන් දැක ඇත. ඒ තොරතුරු මත පොලිසිය ගම්වාසීන්ගේද සහයෙන් කැළය පීරා සැකකරු අසලට ළඟාවනවිට ඔහු බිරිඳට ද වස පොවා ඔහුද වස පානය කර කළ පව් සෝදාගෙන ජීවිතයෙන් පළා යැමට උත්සාහ දරා තිබිණි. ගම්වාසීන් එක්‌ව ඔවුන් මහියංගනය රෝහලට රැගෙන ගොස්‌ ප්‍රතිකාර කිරීමෙන් පසු බාල වයස්‌කාර තරුණිය පොලිසියට පවසා ඇත්තේ සිද්ධිය වූ දින සැකරකැ වැස්‌සේ තෙමීගෙන නිවසට පැමිණ පොලිසිය තමන් සොයන බව පවසමින් තමන්ද කැළයට ඇදගෙන ගිය බවය.
ඒ කුමක්‌ වෙතත් ඔවුන්ගේ සංකීර්ණ ලෝකයෙන් එහා සිටි රම්‍යාගේ ජීවිතය තලා පෙලූ ඝාතකයා ඇය සදහටම නිහඬ කළාය. ඒ පවට වගකිවයුතු බවට සැකකරන පුද්ගලයාට මීට පෙර විවාහයේ බිරිඳ අතහැර දමා පැමිණ, බාල වයස්‌කාරියක්‌ සමඟ පවුල් කෑම සම්බන්ධයෙන් මහියංගනය මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ද විභාග වෙමින් පවතින්නේය. මේ සාහසික ක්‍රියාවේ ඔහුගේ සම්බන්ධය හෙට දිනයේ හෙළිවනු ඇත. ලොව කිසිදු අපරාධයක්‌ කිසි දිනක සැඟවී තිබෙන්නේ නැත.

Friday, December 4, 2015

අනියම් පෙම දෙහිඅත්තකණ්ඩියේ කාන්තාවකට මරු කැඳවයි

2015-12-04 07:51:31
අනියම් සබඳතාවක් හේතුවෙන් සිදු වූ තවත් ඛේදවාචකයක් දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එහිදී පුද්ගලයෙකු කළ පහරදීමකින් එක්දරු මවක් ඝාතනයට ලක්ව තිබෙනවා.
ඇයගේ වයස අවුරුදු 35ක්. කාන්තාව ඝාතනය කර ඇත්තේ උදල්ලකින් පහරදී බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඇයගේ අවුරුදු 9ක් පමණ දියණියටද සැකකාර පුද්ගලයා විසින් පහරදී තිබෙනවා.
එහිදී තුවාල ලැබූ දැරිය මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කි‍්‍රයාත්මකයි. ඊයේ රාති‍්‍ර 10ට පමණ මෙම ඝාතනය සිදුව තිබුණා.

උපාලි සමරවීර ඌවේ නව කෘෂිකර්ම ඇමති

2015 දෙසැම්බර් මස 04

ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස උපාලි ඩෙල්ටන් සමරවී මහතා ඊයේ (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයකු වන උපාලි ඩෙල්ටන් සමරවීර මහතා වසර 15ක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේය.

මහඔයෙන් හමු වූ දඹරන් බුදු පිලිමය

2015-12-04 20:47:50
කිලෝ 14 ග‍්‍රෑමි 925 ක් බර දඹරන් බුදු පිලිමයක් සැකකරුවන් දෙදෙනෙකු සමග අමිපාර මහඔය පොලිස් බල ප‍්‍රදේශයේ තැපැල්පොල තේක්කවත්ත ප‍්‍රදේශයේ දි මහඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහඔය පොලිස් ස්ථානයට ලැබුන තොරතුරක් මත දින දෙකක් තිස්සේ සැලසුමි කර මෙම අත් අඩංගුවට ගැනිම ඊයේ (04) සිදුකරනු ලැබුවා.
සැකකරුවන් මෙම බුදු පිලිමය විකිණිමට රුගෙන යමින් සිටියදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබෙනවා.
මෙම බුදු පිලිමය රඹකැන්ඔය කැලෑ ප‍්‍රදේශයක තිබි තමන්ට හමුවු බව අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.
මෙම බුදු පිලිමයේ උස අගල් 10 ක් වෙන අතර පලල මල් ආසනය සමග අගල් 10 ක්.
මෙම බුදු පිලිමය සමාධි බුදුපිලිමයක්
මෙම දඹරන් බුදු පිලිමයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව දැන ගැනිමෙන් අනතුරුව මෙම බුදුපිලිමය වන්දනා මාන කිරිමට ජනතාව මහඔය පොලිසියට වැල නොකැඩි ඒමට පටන් ගෙන තිබෙනවා.

දුෂණය කර මරාදැමු ඇගලුම් කම්හල් සේවිකාවගේ නිසල සිරුර මුලු ප්‍රදේශයම හඩවා නිවසට ගෙනේ - නිවසට විශාල පිරිසක්




විපතක් ලග එන බව දැනුනා
ගොම්මන් කළුවර නැගුණා
යෙහෙළිය නිසොල්මන්වුවා
නැගණියක් බසයෙන් බැස්සා
නිවසට පියමන් කෙරුවා
මත් බමරෙකු සැරිසැරුවා
අවිහිංසක මල් කුකුළ
තලාදැමුවා
නැවුම් දිනකට
ළහිරු නැග ආවා
නමත් අදුරුය, පාළුය
දයාබර සොයුරියේ.....
ශේඩ් මව්තුරුලෙන් නුඹ
සදහටම සමුගත්තා
හදේ ගිනිදැල් දැල්වුණා
ශේඩ් මව්තුමිය
ඉකිබිදිමින් හැඩුවා.....
- ශේඩ් යහළු යෙහෙලියන් යනුවෙන් වැකියක් ලියා, දුෂණය කර මරා දැමු ඇගලුම් සේවිකාවගේ මෘත දේහය නිවසට රැගෙන එන විට ඇයගේ යහලු යෙහෙලියන් නිවසේ දොරටුව දෙපස සටහනත් තබා තිබේ. ඔහුන් මිය ගිය තම යෙහෙලිය සමුගැනිමේ ශෝකය වෙනුවෙන් තවත් සටහනක් මෙසේ තබා ඇත.

සොදුරු සමනල විය
ඉක්මවන්නට පෙර
රුදුරු වු ගොරසපුවෙකුගේ
විසකුරු වු හස්තයට
හසුව අකාලයේ මිලිනවු පුංචි
රෝස කැකුළියේ....
අප අතර සැරිසැරූ
අප අතර දොඩමළු වු
පෙර දින
පසු දිනට එළි වෙද්දී මිලින කර දැමු
පුංචි සද සාවියේ නුඹ
නැවත අප අතරටම
නැවත අප අතරටම
එන්න යළි පියඹලා
බලා ඉදිමු අපි
සසර මතු දිනක
අප සමග නිවන් දොරට
පිවිසෙන මගකදී
හුමුවේවා යලි නුඹව......
අප අතර සිට අප අතරින් වෙන් වු
සහෝදරිය රම්‍යාට අපගේ බළවත් ශෝකය... ලෙස සටහනක් තබන්නට ඇයගේ ඇගලුම් ආයතනයේ සහෝදර සහෝදරියන් සටහන්ක් තබා ඔහුන් ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ
රම්‍යාෙග් යහලු යෙහෙලියන්ට පමනක් නොව පසුගිය දින කිහිපයකට ඉහතදී “ ඇගලුම් සේවිකාව දූෂණය කර මරා දමලා“ යන ප්‍රවෘත්තිය විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග රටම කම්පනයට පත් කල පුවතක් විය.
ඇයගේ පව්ලේ සාමාජිකයන් ගනන තුනකි. ඔහුන් වන්නේ බී එම් ප්‍රසන්න පුෂ්ප කුමාර(17) , බී එම් සුජිවා මල්කාන්ති (25) විවාකයි. බී එම් තිලක් පද්මසිරි යන සහෝදර සහෝදරියන් වේ. රම්‍යාගේ මව ඒ එම් විමලාවති (39) පියා බී එම් අබේවර් ධන (47) යි.
රම්‍යාගේ මව ඒ එම් විමලාවති “ මගේ දුව හරි අහිංසකයි...එයා ඉස්කෝලෙ ඕලෙවල් එකපාරයි කරේ. පාස් උනේ නෑ. ආපහු ලියන්න බෑ කිව්වා.... ඊට පස්සේ කොළඹ ගමන්යන්ඩ අපෙන් ඇහුවා... අපි ඒකට කොහෙත්ම කැමති උනේ නෑ. ඊට පස්සේ තමයි ඔය මහියංගන ගැමුණුපුර ගාමන් එකට ගියේ. ඒකෙ වයස 18 අඩු අය ගන්නේ නෑ. ඒ හින්දා 18 සම්පුර් ණ උනාම තමයි ඔය වැඩට යන්ඩ පටන් ගත්තේ.... අපේ ගෙදර ඉදලා ගොඩාක් දුර වැඩි හන්දයි මගේ මල්ලිලාගේ ගෙදර ඉදලා වැඩට ගියේ...යැයි ප්‍රකාශ කර සිටියේය.
රම්‍යාගේ පියා බී එම් අබේවර් ධන “ ගෙවල්වල අග හිගකම් හින්දා තමයි අපේ දුව ඔය ගාමන් එකට යන්න අපෙන් ඇහුවේ...අපි 365ස් දවසම පොලවත් එක්ක පොර බදනවා. අතේ තියෙන මුදල් තිස් හතලිස්දාහ වියදම් කරලා බෝග හිටවනවා....සත්තු කණව, අලි කනවා, එක්කො විශාල මුදලක් දිලා ගෙනා බීජ ඇට පැල වෙන්නේ නෑ.. ඉති අන්තිමට අපිට දහදාහක් වගේ සොච්චාම් ගානක් තමයි අන්තිමට හම්බ වෙන්නේ. කොච්චර මහපොළව එක්ක පොර බැදුවත් හැමදාම ඔය නැස්පැත්තිය තමයි අපිට වෙන්නේ. ගාමන් එකෙත් විශාල මුදලක් හම්බ උනේ නෑ. ඒ එයාගේ වියදම් ටික හරි කරගනියි කියලා තමයි අපි ගාමන් යනවාට කැමති උනේ. යැයි පැවසීය.
රම්‍යාෙග් නිසල දේහය මහියංගන, වේවත්ත, කන්නල්කුඹුර, අංක 08 යන ඇගේ නිවසට 03 දින රාත්‍රිදී රැගෙන ආ අතර ඒ මොහොත සදහා ඇගලුම් ආයතනයේ විශාල පිරිසක් හා ගම්වාසින් විශාල පිරිසක් එක් රොක් වී සිටියේය.
ඇගේ අවසන් කටයුතු හෙට (05) කන්නල්කුඹුර පොදු සුසාන භුමයේදි සිදු කිරිමට නියමිතව තිබේ.