Saturday, May 23, 2020

අ‍යිස් මත්ද්‍රව්‍ය මහියංගණයත් ආක්‍රමණය කරයි


“අ‍යිස්“ මත්ද්‍රව්‍ය මහියංගණයත් ආක්‍රමණය කරයි - ඔබේ දරුවන් පිළිබද දැඩි අවධානයෙන් සිටින්න 2:25 AM 5/17/2020
ලෝකයේ දැනට තිබෙන භයානකම මත් ද්‍ර්ව්‍ය ලෙස සැලකෙන “අ‍යිස්“ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් පළමු වතාවට මහියන්ගනයෙන් අත්අඩංගුවට ගන්නට මහියංගණ පොලිසියේ අපරාධ අංශයේ පො. සැ. 66024 ජයසේකර මහතා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් සමත්ව ඇත .
අත් අඩංගුවට ගන්නාලද පුද්ගලයා සන්තකයේ තිබී “හෙරොයින් “ මත්කුඩුද සොයාගත් බව මහියංගණ පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මීලග ඉලක්ක ඔබගේ දරුවා විමට හැක. දරුවන් පිළිබද දැඩි අවධානයෙන් සිටිම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ඔබගේ දරුවා ආරක්ෂා කර ගැනිමට හැකි වනු ඇත.


No comments:

Post a Comment