Saturday, May 23, 2020

ගිරාඳුරුකෝට්ටේ හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් 2020-05-18 දින අලුයම 3.45ට පමණ ගම්මාන රැසක ගස් ඉදිරී බිමවැටී මාර්ග වලටද හානි සිදුවී ඇත.

ගිරාඳුරුකෝට්ටේ හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් 2020-05-18 දින අලුයම 3.45ට පමණ ගම්මාන රැසක ගස් ඉදිරී බිමවැටී මාර්ග වලටද හානි සිදුවී ඇත. මහජනතාවට කිසිදු හානියක් සිදුවී නොමැත. තවද ගල්පෝරුයාය ගම්මානයට පිවිසෙන මාර්ගයේ ගසක් කඩා වැටීමෙන් විදුලි රැහැන් වලට හා කණු වලට බරපතල හානි සිදුවී ඇත.
ගල්පෝරුයාය වෙළන්ගස්පිටිය ගම මැද පාර එම්.ජී.සේනාරත්න මහතාගේ නිවස මතට අඩි 45ක් පමණ උස කොළොන් ගසක් කඩා වැටීමෙන් නිවසට බරපතල ලෙස අලාභ හානි සිදුවී ඇත.
අලුයම 3.30 සිට 4.30 දක්වා තදින්ම මෙම සුළඟ හමා ගිය බව පවසන සේනාරත්න මහතා.සිහින් කෙඳිරිලි හඬක් ඇසීමෙන් තමන් ඇතුලු පවුලේ සියලු දෙනා අවදිවූ බවත්, ටික වේලාවක් යන විට එය මහා ශබ්ධයක් වබට පරිවර්තනයවී දැඩි සුළඟක් බවට පත්වූ බවත් පවසයි. ඉතා තදින් හමා ගිය සුළඟට බියෙන් නිවසින් පිටතට පැමිණි විගස තම නිවසට ගස කඩා වැටුනු බව සේනාරත්න මහතා පැවසීය.
චාමින්ද ගමගේ - ගිරාඳුරුකෝට්ටේ







No comments:

Post a Comment