Monday, March 24, 2014

කුකුලාපොල අලි මරණයක් - තුවාල වු අලියෙක් අවට වනයේ සැරිසරයි

2014-03-24 ප.ව. 10:27
මහියංගන දඹාන කුකුලාපොල ප්‍රදේශයේ වන අලියෙකුගේ මෘත දේහයක් අද (24) උදැසන ගම්වාසින්ට හමුවී ඇති අතර තුවාල ලැබු තවත් වන අලියෙක් අසල වනයේ අවට වනයේ සැරිසරබ බව ගම්වාසීන් පවසනවා.
මේ සම්බන්දයෙන් වනජිවි නිළධාරින් දැනුවත් කර ඇති අතර අද සවස ඔහුන් පැමිණ ඇති අතර හෙට දිනයේදි පශු වෛද්‍යවරයා පැමිණ මරණ පරික්ෂණය තැබිමට නියමිතව ඇත.
වෙඩි තැබිමකින් මෙම වන අලියා මිය යන්නට ඇතැයි අනුමාන කරන අතර පෙනෙන්නට අති අලියාගේ බාහිර ශරිරයේ කිසිදු එවැනි සලකුණක් දැකිය නොහැකි අතර පොළවට යටවී ඇති පැත්තේ අලියා මිය යෑමට හේතු පාදක වු කරුණු තිබිය හැකි යැයි ගම්මු ප්‍රකාශ කර සිටි.
අද සවස් වන විට මහියංගන පොලිස් නිළධාරින්ද එම ස්ථානට පැමිණ සිටියා.

No comments:

Post a Comment