Sunday, March 23, 2014

ගෙල වැලලාගෙන මිය ගිය මිනිපේ හඳගනාව ඉන්දිකා ගේ සිරුර ගොඩ ගනි.

3/24/2014 9:41 PM
මිනිපේ හඳගනාව අංක 25/28 නිවසේ පදිංචිව සිටි එක් දරු මවක් වන I.M.ඉන්දිකා කුමාරි, 2014.03.13 දින ගෙල වැල ලා ගෙන මිය ගිය අතර ඇගේ සැමියාගේ හා ඔහුගේ පවුලේ ඥාතීන්ගේ එකගතාව මත 2014.03.15 දින මිනිපේ හදගනාව පොදු සුසාන භුමයේදී අවසන් කටයුතු සිදු කරන ලදී.
මිය ගිය ඉන්දිකා කුමාරි ගේ පාර්ශවයේ මව වන පී පී ජි ප්‍රේමාවති හා පියා වන I.M.හීන්බන්ඩා විසින් මෙම මරණය සැක කටයුතු බව පවසා හසලක පොලිසියේ සිදු කරන ලද පැමිණිල්ලට අනුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය නියෝග මත වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී රඹකැන්පුර මහතා ඉදිරියේ අද (23) මිනිපේ හදගනාව පොදු සුසාන භුමයේදී දේහය නැවත ගොඩ ගත් අතර එය මහනුවර වෙත රැගෙන ගියේ අධිකරණ පරීක්ෂණ සිදු කිරීම සඳහායි.
මිය ගිය ඉන්දිකාගේ සැමියා යුද හමුදා නිලදාරියෙක් වන අතර ඔහු නමින් I.G. සමන් කුමාර වේ. ඔහු පවසන්නේ සිය බිරිදට ගෙල වැලලා ගැනීමට තරම් ඔහුන් අතර කිසිදු ගැටලුවක් හෝ ආරව්ලක් නොතිබු බවයි. මිය ගිය ඉන්දිකා කුමාරි ගේ දෙමාපියන් පවසන්නේ මියගිය ඉන්දිකාගේ මෘත දේහයේ නිකටේ සිරිම් තුවාල හා මුහුනේ සිරිම් තුවාල ඇති බැවින් මෙම මරණය සැක සහිත බවයි.
සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාරසේකර මහතා ප්‍රමුඛ පොලිස් නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටි.








No comments:

Post a Comment