Friday, March 21, 2014

මහියංගනේ පල්ලි දෙකක් අතර ගැටුමකින් 3ක් රෝහලේ

3/22/2014 9:38 PM
මහියංගන පගරගම්මන මුස්ලිම් ගම්මානයේ අද (21) උදැසන අවමංගල කටයුත්තක් සිදු කිරිමට ගොස් පල්ලි දෙකක් අතරේ ගැටුමක් සිදු වී පුද්ගලයන් තිදෙනෙකු මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.
පගරගම්මන මුස්ලිම් ගම්මානයේ සිදුවු මුස්ලිම් ජාතිතයෙකුගේ අවමංගල්‍යක් සිදු කිරිම සදහා ගම්මානයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ආගමික නායකයන් කටයුතු කිරිමට යෑමේදි එම ගම්මානයේ තව්හ...ිබ් ජමාද් මුස්ලිම් කණ්ඩායමේ අල්හික්මා සුභසාදන මධ්‍යස්ථානය ලෙස හා පල්ලියක් ලෙස පවත්වාගෙන යන ස්ථානයේද මෙම මරණය සදහා ආගමික වතාවත් කිරිමට අවශ්‍යය යැයි පැවසීම හේතුවෙන් මෙම ගැටුම ආරම්භවී ඇති අතර පාර්ශවයන් දෙකෙහි පිරිස අතර ගැටුමක් ඇතිවි පුද්ගලයන් තිදෙනෙකු සුලු තුවල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුන් ගේ තත්වය බරපතල නොවේ.
මේ වන විට දෙපාර්ශවයම සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියට පැමිණිලි කර අති අතර සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදුකරමින් සිටි.

No comments:

Post a Comment