Thursday, March 13, 2014

දෙවරක්ම ඵලදායිතා සම්මානය දිනාගත්ත දිස්ත්‍රික් 5කට සේවය සලසන මහියංගන මුලික රෝහලේ උග්‍ර වෛද්‍ය හා ශල්‍ය උපකරණ හිගයක්.

දෙවරක්ම ඵලදායිතා සම්මානය දිනාගත්ත දිස්ත්‍රික් 5කට සේවය සලසන මහියංගන මුලික රෝහලේ උග්‍ර වෛද්‍ය හා ශල්‍ය උපකරණ හිගයක්. දැනටමත් ශල්‍යාගාරයක් වහලා. ශල්‍ය පොරොත්තු ලේඛනය වසර 1 ½කට දික් වෙයි.
3/11/2014 10:00 AM
මහියංගන මුලික රෝහල ඒ ශ්‍රේණියේ මුලික රෝහලක් හා ඉදිරියේදී දිස්ත්‍රික් රෝහලක් කිරිමේ අවශ්‍යතාවය ඇති රෝහලක් වන අතර දැනට රෝහලේ උග්‍ර වෛද්‍යවරු හිගයක් සහ ශල්‍ය උපකරන හිගයක් හේතුවෙන් ශල්‍යාගරයක් වසා ද...මන්නට සිදුව තිබෙනවා. මේ හේතුව නිසා ශල්‍යාකර්ම සදහා රෝහලට ඇතුලත් වන රෝගින්ගේ පොරොත්තු නාම ලේඛනය වසර 1 ½ පමණ දික් ගැස්සී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි හා ගොවිතැනින් සහ එදාවේල හරි හම්බකර යැපෙන ජනතාවක් සිටින ප්‍රදේශයක රෝගීන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත. එසේම මාරුවීම් ලබා මහියංගන රෝහල වෙත අනුයුක්ත කර ඇති වෛද්‍යවරු හා කාර්යය මණ්ඩලය මහියංගන මුලික රෝහල වෙත නොපැමිණිම හේතුවෙන් හා ඒ සම්බන්දයෙන් කටයුතු කරන ඉහල නිළධාරින් පසු විපරම් නොකිරිම හේතුවෙන් රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතු රෝගීන් වෙනුවෙන් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකිව ඇත.
රෝහලේ ශල්‍යාගාර දෙකෙන් එකක් මේවන විට වසා දමන්නට සිදු වී ඇත්තේ උග්‍ර වෛද්‍යවරු හිගය සහ ශල්‍ය උපකරන හිගයක් හේතුවෙනි. ඉහත හේතුන් නිසා ශල්‍යකර්මයක් සිදු කරමින් සිටින විට හදිසි අනතුරුවලට බදුන් වු රෝගින් ප්‍රතිකාර සදහා රෝහලට රැගෙන ආ අවස්ථාවන් බොහොමයකදී කඩිනමි ප්‍රතිකාර ලබා දෙන්නට නොහැකිව රෝහල් කාර්යය මණ්ඩලය හා වෛද්‍යවරු බොහෝ අපහසුතාවයන්ට පත් වී අති අතර එමගින් රෝගින්ගේ ජිවිත බලවත් සේ අවදානමකට ලක් වි ඇත.
එසේම රෝගින්ගේ ශල්‍යකර්ම සිදු කිරිම සදහා පඨක වේදි පරික්ෂණ සිදු කිරිම අත්‍යාවශ කරුණක්ව තිබියදී (දේහ අභ්‍යන්තර අර්බුද ගෙඩි, පිළිකා,) ඒ සදහා විශේෂඥ ව්‍යාධිවේදි වෛද්‍ය සේවාව සදහා ඇල්පිටිය රෝහලෙන් මහියංගන මුලික රෝහල වෙත අනුයුක්ත කර ඇති වෛද්‍යවරයා මාස 2කට අධික කාලයක් තිස්සේ වාර්ථා නොකිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරගෙන ශල්‍යකර්ම සදහා යොමු විමට නොහැකිව රෝගින් මහත් සේ රෝගිව සංකුලතා විද පිඩාවට ලක්වන්නට හා ජිවිත අවදානමකට පත්වන්නට සිදුව ඇත. මෙම පරික්ෂණ පෞගලිකව බාහිරින් සිදු කරගනිමින් ශල්‍යකර්ම සදහා මුහුණ දෙන්නට තරම් ප්‍රදේශයේ දුප්පත් ගොවි ජනතාවට ආර්ථික හයියක්ද නොමැත.
දැඩි සත්කාර ඒකක සේවාවය හා අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය මට්ටම දක්වා දියුණු කිරිම සදහා මහියංගන මුලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරු 26ක් සිටිය යුතු අතර දැනට සිටින්නේ 06ක් පමණි.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගන ප්‍රදේශයේ මෙම රෝහල පිහිටියද බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලුව අවට දිස්ත්‍රික්ක 5ක් සදහා සිය සේවා සේවාව නොවඩුව ලබාදෙන්නට මහියංගන මුලික රෝහලේ වෛද්‍යවරු හා කාර්යය මණ්ඩලයට සිදු වී ඇත. එම දිස්ත්‍රික්ක නම් මොණරාගල දිස්ත්‍රික්කය ( බිබිල ප්‍රදේශයේ රෝගින්) පොලොන්නරුව දිස්ත්‍රික්කය (දෙහිඅත්තකණ්ඩිය හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ රෝගින්) මහනුවර දිස්ත්‍රික්කය (හසලක හා මොරයාය සහ අඹගහපැලැස්ස මෙන්ම බටුමුල්ල රෝහලේ රෝගින්) අම්පාර දිස්ත්‍රික්කය (පදියතලාව හා දඹාන රෝහලේ රෝගීන්) මෙම ප්‍රදේශයන් හි ප්‍රධාන වශයෙන් ගොවිතැනින් ජිවිකාව ගෙවන බහුතර ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් වන අතර තම සෞඛ සදහා පෞගලික මුදලින් වෛද්‍යවරුන් හා ඖෂද සදහා විය පැහැදම් කිරිමේ හැකියාව මේහේතුව නිසා අවම වී ඇති අතර එම හේතුව නිසාම රජයේ රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනිම සදහා රෝගින් ඇතුලත්වන ප්‍රමාණය වැඩිය.
උග්‍ර වෛද්‍යවරු හිගය මැද මහියංගන මුලික රෝහලේ මාතෘවාට්ටුවේ ශල්‍යකර්මද සමග මාසිකව ශල්‍යකර්ම 2000ක් - 3000ක් සිදු කරන්නට දැනට සිටින කාර්යමණ්ඩලයට සිදු වී ඇත. එමෙන්ම බාහිර රෝගි අංශයේ දිනකට රෝගින් 600කට අධික ප්‍රමාණයකට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරුන් සිදුව ඇත.
දෙවරක්ම ඵලදායිතාවය සම්මානයෙන් පිදුම් ලබා ඇති මහියංගන මුලික රෝහල දිවයිනේ ඇති රෝහල් වලින් ඉහල ස්ථානයක් ගත් රෝහලක් හා කිර්තියක් ලබා ගත් රෝහලක් බවට පත් වු එකකි. එවන් ස්ථානයක් හා කිර්ථියක් ලබා ගත් රෝහල අද වන විට අගාදයටම ඇද වැටෙමින් පැවතීම වගකිවයුතු ඉහල නිළධාරින් හා දේශපාලන නායකයන්ගේ ගේ අවධානයේ තරම මොනවට පිළිබිදු කරවන්නකි. ඵලදායිතාවය සම්මානයෙන් පිදුම් ලබා ඉහල නිළධාරින්ට හා දේශපාලන නායකයන්ට ගෙනා කිර්ථිය දිගටම ආරක්ෂාකරගෙන යාමට රෝහලේ කාර්යය මණ්ඩලය කැපවී කටයුතු කරන විට ඔහුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා, පසු විපරම් සිදු කර අවශ්‍ය කටයුතු සලසා දීම ඔහුන්ගේ වගකීම වේ.
මහියංගන අවට ගම් රාශියක වෙසෙන අහිංසක දුප්පත් ගොවි ජනතාවගේ පණකෙන්ද ආරක්ෂා කර ගන්නට ඇති එකම ස්ථානයේ උදාවි ඇති තත්වය ගැන සලකා බලා අති ගරු ජනපතිතුමන්ගේ විශේෂ අවධානය හා විෂය භාර සෞඛ අමාත්‍ය වර මෛත්‍රිපාල සිරිසේන මහතාගේද විශේෂ අවධානයට සහ ඌවපලාත් සෞඛ අමාත්‍ය වරයාගේ විශේෂ අවධානයට ලක්ව කඩිනමින් පැලැස්තර නොමැති විසදුම් හා පිළියම් යොදා දෙන ලෙස අසරණ භාවයට පත්ව සිටින රෝගි ජනතාව ඉල්ලා සිටි.

No comments:

Post a Comment