Thursday, March 6, 2014

විල්ගමුව පොලීසියෙත් දේශපාලන හස්තයක් ?

2014 මාර්තු මස 02 14:32:18 කාංචන කුමාර ආරියදාස,දිල්රුක්ෂි ග්‍රේරු

විල්ගමුව ප්‍රාදේශිය සභාවේ නිල කැබ් රියේ හි ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර (එජනිස) සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ (එජනිස) හෙට (03) තෙක් රිමාන්ඩ් කරන්නැයි නාවුල වැඩ බලන මහෙස්ත්‍රාත් අයි ජී මුණසිංහ මහතා නියෝග කළේය.

ඇප දිය හැකි වරදකට ...ඇප ලබා දිය නොහැකි පරිදි පොලීසිය බී වාර්තාව සකසා ඇතැයි ද ඒ නිසා මොවුන්ට ඇප නොදිය හැකි යැයිද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

මෙලෙස බී වාර්තා සකස් කර මිනිසුන්ගෙන් පළි ගැනීම සදහා අධිකරණය භාවිත නොකරන පැවසු වැඩ බලන මහේස්ත්‍රාත් බී වාර්තාව නිසි ලෙස සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විල්ගමුව පොලීසියට නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වසන්ත ඒකනායක අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ මෙම සිදු වීම යම් අයකුගේ දේශපාලන උවමනාවක් මත කැර ඇති බවයි. ඒ නිසා බී වාර්තාව නැවත සංශෝධනය කර හෙට දිනයේදී ඉදිරිපත් කරවන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කංසා වැවු බව කියන පිරිසකට එරෙහිව උද්ඝෝෂණයක් ද ගෙන ගිය සභාපති අද හෝ හෙට එහි තවත් කංසා හේනක් සෙවීමට මාධ්‍යවේදින් හා ගැමියන් සමග යාමට ද සිටි බව ගැමියෝ පවසති.

No comments:

Post a Comment