Saturday, March 1, 2014

වාර ප්‍රවේශ පත්‍ර තිබිලත් මහ මග දමා යන පාසැල් දරුවන්

වාර ප්‍රවේශ පත්‍ර තිබිලත් මහ මග දමා යන පාසැල් දරුවන් - බසයට නැග්ගත් කොන්දොස්තර මහතුන් ළමුන් බස්සවයි. පොලිසිය මැදිහත් වී විසදුම් දීමට ගියත් ප්‍රශ්නය නිම නොවෙයි.
03/01/2014 3:43 PM
දරුවන් රටේ අනාගතයයි. දරුවන් සුරක්ෂිත කිරිම රජයේ වගකීමයි. රජය හා සම්බන්ද ආයතන හා සේවකයන්ටද එම වගකීම හරි හැටි ඉටු කිරිම සදහා සේවයෙන් බැදි සිටියි. එහෙත් මහියංගන ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන බස් නැවතුම් පලේ (ලංගම) දී පාසැල් දරුවන් පැය ගනනින් රස්තියාදු වන්නට සිදු වන්නේ බස් රථ තිබියදීත් ඒවායේ පාසැල් ළමුන් රැගෙන යාමට කාරුණික නොවන රියදුරු හා කොන්දොස්තර මහතුන් පිරිසකගේ අකාරුනික බාවය හේතුවෙනි. මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබියදිත් පාසැල් දරුවන් බොහො පිරිසකට පෞගලික බස් රථවලින් නිවෙස් බලා යාමට සිදුවන්නේ බඩගින්නේ බස් නැවතුම් පලේ පැය ගනන් සිටිමට සිදු වන නිසා වෙනි.
විශේෂයෙන් මහියංගනයේ සිට රංදෙනිගල දෙසට හා මහියංගනයේ සිට ගිරාදුරුකෝට්ටේ දක්වා ගමන් ගන්නා මාර්ගයේ දහවල් කාලයේ ගමන් ගන්නා ලංගම බස් රථ පැසැල් දරුවන් ප්‍රවාහනය නොකිරිම හේතුවෙන් දරුවන් මෙම ගැටලුවට මුහුන පා සිටි. රියදුරන් හා කොන්දොස්තර මහතුන් පාසැල් ළමුන් බස් රථවලට නංවා ගැනිම ප්‍රතික්ෂේප කිරිම මෙම ප්‍රශ්නය උග්‍ර කරවීමට හේතු වි ඇත.
පාසැල් දරුවන් පාසැල නිම වී නිවසට යාමට නොහැකිව නගරයේ / බස්නැවතුමේ පැය ගනන් කාලය කාදැමිමට සිදු වීම දරුවන් වරදට පෙළබිමේ ඉඩ කඩ වැඩිවන බවත් අපචාර දුරාචාර වලට ලක්වීමේ ප්‍රවනතාවය වැඩි බව මහියංගන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති ආනන්ද විමලසිරි මහතා පවසන අතර මෙම ගැටලුව ඔහු විසින් හදුනාගෙන අවස්ථා කිහිපයකදීම නිවසට යා නොහැකිව බස් නැවතුම් පලේ රැදි සිටින පාසැල් දරුවන් කඩිනමින් නිවෙස් බලා යවන වැඩ පිළිවෙලක් සකසා දෙන ලෙස ඉල්ලා මහියංගන ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන බස් නැවතුම් පලේ නිළධාරින් සමග සාකච්චා කර ඇති අතර එහිදි ඔහුන් පොරොන්දු වු පරිදි ක්‍රියා නොකරමින් දරුවන් මහ මග රස්තියාදු කර වන්නට කටයුතු කර ඇත.

මහියංගන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති ආනන්ද විමලසිරි මහතා මැදිහත්ව පසුගිය දා මහියංගනයේ සිට රංදෙනිගල දෙසට ගමන් ගන්නා හගුරන්කෙත ලංගම බස්රථයේ පැසැල් ළමුන් නන්වා නිවෙස් වෙත යවන්නට කට යුතු කල අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තර මහතා පොලිස් නිළධාරිවරයා සමග දැඩි වාද විවාද කරමින් පාසැල් ළමුන් රැගෙන යාම ප්‍රතික්ශේප කරනු ලැබුවා. පොලිසිය මැදිහත් වී එසේ බස් රථයට නැංවු දරුවන් ගමන් මාර්ගයේ සුලු දුරක් රැගෙන ගොස් යලි බස්සවා යන බවයට පාසැල් දරුවන් චෝදනා කරති. බඩගින්න හා අමතර පංති යාමේ අවශ්‍යතාවය හේතුවෙන් වේලාසනින් නිවෙස් බලා යාමට ලංගම රියදුරු - කොන්දොස්තර මහතුන්ගේ විරෝධතාවය මැද්දේ පාසැල් දරුවන් බස් රථ වලට නැගුනු විට ද හගුරන්කෙත ලංගම බසය මගින් පැසැල් දරුවන් එම ගමන් ගන්නා මාර්ගයේ අතර මග දමා යන බවට පාසැල් දරුවන් චෝදනා කරති (දරුවන් සියල්ල රංදෙනිගල මාර්ගයේ පාලමහන්දියේ හෝ මොරයාය කඩ මන්ඩියේ බස්සවා යති)

ඒ ආකාරයෙන්ම මහියංගනයේ සිට ගිරාදුරුකෝට්ටේ දක්වා ගමන් ගන්නා මාර්ගයේ
ගමන් ගන්නා සිරිපුර, දෙහිඅත්තකන්ඩිය ලංගම බස්රථ වලට පාසැල් ළමුන් නන්වා නොගන්නා අතර පාසැල් සිසු සැරිය බස් රථ පැමිනෙන තුරු සිසුනට පැය ගනනින් බස් නැවතුම් පලේ බඩගින්නේ රැදි සිටිමට සිදුව ඇත. එසේ සිටියද බොහෝ දින වල එම සිසු සැරිය බස් රථද නොපැමිනිම හේතුවෙන් සිසුනට බොහො කරදර පිඩා වලට මුහුන පාන්නට සිදුව ඇත.
මහියංගන අවට පාසැල් වන මහියංගන ජාතික පාසල, හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල හා මොරයාය සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයට දුර බැහැර සිට ලංගම බස්රථ වලින් පැමිණෙන සිසු දරු දැරියන් හට මෙම ගැටලුවට මුහුන පාන්නට සිදුව ඇත. ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන බස් නැවතුම් පලේ දී දිර්ඝ කාලයක සිට මෙම ගැටලුවට විසදුම් නොලැබීමෙන් රටේ වටිනා සම්පත වන දරුවන් පිඩාවට පත්ව සිටි.
වග කිවයුතු ප්‍රවාහන නිළධාරින්ගෙන් මහියංගන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති ආනන්ද විමලසිරි මහතා හා පාසැල් දරුවන් ඉල්ලා සිටින්නේ පාසල නිමවී කඩිනමින් නිවෙස් බලා යෑම සදහා බස් රථ සපයා දෙන ලෙසටයි. එමෙන්ම දරුවන් මහ මග රස්තියාදු කරවන්නට කටයුතු නොකරන ලෙසටයි.








No comments:

Post a Comment