Sunday, March 2, 2014

විල්ගමුව සභාපති හා හිටපු සභාපති ගංජා සමග අත් අඩංගුවට

 විල්ගමුව සභාපති හා හිටපු සභාපති ගංජා සමග අත් අඩංගුවට
2014-03-02 පෙ.ව. 12:31

විල්ගමුව ප්‍රාදේශිය සභාවේ ආන්ඩු පක්ෂ ප්‍රාදේශිය සභාපති ජයන්ත වීරසේකර මහතා ගේ කැබ්රථයේ ගංජා ග්රෑම් 275ක් තිබිම හේතුවෙන් විල් ගමුව පොලිසිය විසින් 01 දින රාත්‍රි 8.30ට පමණ ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.ඒ සමගම හිටපු ප්‍රාදේශිය සභාපති රංජිත් කුමාරසිංහ මහතාද අත් අඩංගුවට ගෙන ඇත.

විල්ගමුව ප්‍රාදේශිය සභාපති ජයන්ත වීරසේකර මහතාට අධිකරනයේ වරෙන්තු 2ක් ද තිබි ඇති අතර ඒ සම්බන්දයෙන්ද කටයුතු කිරිම සදහා සභාපති වරයා නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා විල්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරින් කටයුතු කර ඇත.

සිද්දිය සම්බන්දයෙන් විල්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරින් පරික්ෂණ කටයුතු කරගනිමින් සිටි.




No comments:

Post a Comment