Friday, March 21, 2014

විල්ගමුවෙ සභාපති ගංජා කිලෝ 2.8ක් සමග නැවතත් පොලිස් අත් අඩංගුවට

3/21/2014 11:11 AM
විල්ගමුවෙ ආන්ඩුපක්ෂ සභාපති හා හිටපු සභාපති සමග කැබ් රියදුරු ගංජා කිලෝ 2.8ක් සමග පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය මගින් 19 දින රාත්‍රියේදී ගිරාදුරුකෝට්ටේ හෙබරව ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමන නැවතත් පොලිස් අත් අඩංගුවට ගෙන මහියංගන... මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා මහියංගන පොලිසියට බාර දී ඇත.
සභාපති වරයාගේ නිළ රථයේ පසු පස මත අසුනේ කවර ඉවත් කර සුක්ෂම ලෙස කුෂන් කපා ඉවත් කර ගංජා කිලෝ 2.85ක් සගවා තිබියදි සොයාගෙන ඇත.
ලග්ගල සිට මහියංගනය දෙසට එමින් සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වුයේ ආන්ඩු පක්ෂ විල්ගමුව ප්‍රා දේශිය සභාවේ සභාපති ජයන්ත විරසේකර(37) හා හිටපු විල්ගමුව ප්‍රා දේශිය සභාවේ සභාපති රංජිත් වීරසේකර (37) හා සභාපති වරයාගේ නිළ රථයේ රියදුරු ප්‍රියන්ත ප්‍රදීප් කන්දෙකුඹුර(27) යන අය වේ.
මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර මහියංගනය මහේස්ත්‍රාත් ගීතානී විජේසිංහ මෙනෙවිය විසින් අප්‍රේල් 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
  


No comments:

Post a Comment