Monday, January 7, 2013

මව් සෙනෙහේ පසෙක තබා දරුවො හදල පැනල ගියා


මොනරාගල - නයන ඉහළගෙදර

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ඇතුල් දඹුආර ප්‍රදේශයේ පදිංචි ආච්චි සහ සීයා දරුවන් ජිවත් කර ගැනීමට නොහැකිව බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදීමට පැමිණ තිබිණි.

මෙම දරුවන්ගේ මව්වරු දරුවන් අතහැර දමා ගොස්‌ ඇත. මෙයින් වැඩිමහල් දරුවාගේ මව විදේශගත වෙනවා යෑයි පවසමින් නිවසින් බැහැරව ගියත් මේ වනවිට වසර 02 ක්‌ ගත වී ඇතත් ආගිය අතක්‌ නැත. කුඩා දරුවාගේ මව ද සති පොළට යනවා යෑයි පවසමින් ඇයද දරුවන් දමාගොස්‌ ඇත. මින් අනතුරුව දරුවන් රැකබලා ගැනීම සිදු වූයේ ආච්චිට හා සීයටයි. මෙම දරුවන් තිදෙනා අවුරුදු 14, 06 සහ අවුරුදු දෙකහමාරක්‌ පමණ වේ.

පසුව මේ සම්බන්ධව බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතාගේ අවධානය යොමුකර එම කාර්යාලයේ සේවකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රු. 25,000 ක මුදලක්‌ එකතු කර ඔවුන්ට ආහාරපාන හා ඇඳුම් පැළඳුම් ලබාදී ඇත.

No comments:

Post a Comment