Monday, January 7, 2013

මියගිය දේහය භුමදානය කිරිමට නොහැකිව අරාවත්ත එකම යුද පිටියක් වෙයි - ව්යාමපාරිකයා සුසාන භුමියත් අල්ලාගෙනලු


මහියංගන අරාවත්ත ප්ර දේශයේ 25 දින මිය ගිය කාන්තාවකගේ මෘත දේහයක් මිහිදන් කිරීමට 27 දින සුසාන භුමියේ වලක් හැරිමට ගිය විට එම භුමිය කළු ගල් ව්යාමපාරිකයෙක් එය තමන්ට අයිති බව ප්රයකාශ කර ඊට විරෝදය පා ගම්වාසින් විසින් කැපු මිනි වලෙහි නිදා ගැනීමත් එම හේතුව නිසා දේහය මිහිදන් කිරීමට ස්ථාන දෙකක නැවත වලවල් කැපීමට සිදු වු සිදු වීමක් මහියංගන අරාවත්ත ප්රීදේශයෙන් වාර්ථා ‍වෙනවා.

මහියංගන අරාවත්ත ප්රිදේශයේ කළු ගල් ව්යාමපාරිකයෙක් හා හිටපු රිදීමාලියද්ද එක්සත් ජාතික පක්ෂ ප්රාරදේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල පුද්ගලයකු විසින් තම ප්රපදේශයේ පොදු සුසාන භුමිය බලෙන් අත්පත් කරගෙන ඇති බවත් කළුගල් වල වල් සදහා වාර්ෂික බලපත්‍පතයේ පර්චස් 20 වෙනුවට අක්කර 10 ක් පමණ රජයේ ඉඩම් අල්ලාගෙන ඇති බව ගම්වාසීන් පවසනවා. මඩුබිදිනාගොඩ පොදු සුසාන භුමියත් බලහත් කාරයෙන් මුදල් හා දේශපාලන බලය යොදා ඔහු ප්රා දේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල කාලයේ සිටන් අත්පත් කර ඇතැයි ගම්වාසීන් පවසනවා. එමෙන්ම පොදු සුසාන භුමිය වෙත ලගා වීම සදහා තිබු මාර්ග තුනෙන් දෙකක් මේ වන විට කළුගල් ව්යාවපාරිකයා වසා දමා ඇති බවත් ගම්වාසීන් වෝදනා කරති. එක් මාර්ගයක් අගලක් කපා අවහිර කිරීමෙන්ද අනක් මාර්ගය කටුකම්බි ගසා වැටක් ගසා අවහිර කර ඇති බවට ගම්වාසීන් පවසනවා. මෙම හේතුවෙන් අරාවත්ත, යාය 7, යාය 8 ප්රය දේශවාසින් පිඩාවට පත්ව සිටී.

25 දින මිය ගිය අරාවත්ත ආර් එම් සෝමාවතී උපාසිකා මාතාවගේ දේහය සුසාන භුමියේ මිහිදන් කිරිමට කළුගල් ව්යා පාරිකයා විරුද්ද වීමෙන් 27 දින උදැසන සිටම ගම්වාසීන් හා කළුගල් ව්යාමපාරිකයා අතර ගැටුම් කාරී තත්වයක් ඇතිවු අතර ගම්වාසීන් විසින් කැපු මුල් වලේ කළුගල් ව්යාඅපාරිකයා බැස භුමදානය සදහා ඉඩනොදෙන බව පවසමින් දෙවරක් ම නිදාගැනීම සිදු කල අතර දේහය මිහිදන් කිරීමට ගම්වාසීන් විසින් කපන ලද මිනි වලේ දේහය මිහිදන් කිරිමට ඉඩනොදීම හේතුවෙන් ස්ථාන 3ක දේහය මිහිදන් කිරිමට වලවල් කැපීමට සිදු වු අතර ගැටලුව විසදීමට රිදිමාලියද්ද ප්රාිදේශය සභාවේ වත්මන් සභාපති කරු වීරරත්න මහතා සහ ග්රාලම නිළධාරිවරයා හා මහියංගන පොලිසියේ පොලිස් ස්ථානාධිපති තුමන් ප්ර්මුඛ නිළධාරී පිරිසක් පැමිනි අතර පොලිසියේ සාදාරනත්වයක් ගම්වාසින් හට ඉටු නොවු බව පවසමින් අවසානයේ ගම්වාසීන් විසින් කළුගල් ව්යාවපාරිකයාගේ හා පොලිසියේ විරෝදය මැද ගම්වාන් මුලින් කැපු වලේ දේහය මිහිදන් කලේය. මෙම අසාධාරන ක්රිහයාවට එරෙහිව ගම්වාසීන් 300 ක් පමණ සුසාන භුමිය වෙත පැමින සිටියා.

වගකිවයුතු පාර්ශවයන් මුනි වත රුකීම නිසාවෙන් ගම්වාසීන් මහත් පීඩාවට පත්ව සිටින බව ගම්වාසීන් පවසනවා

No comments:

Post a Comment