Monday, January 7, 2013

බිබිලෙන් තවත් කාලතුවක්‌කුවක්‌ හමුවේ



මොනරාගල - නයන, ඉහළගෙදර සහ
සියඹලාණ්‌ඩුව - මාපා තිලකසූරිය

බිබිල උඩුකුඹුර ප්‍රදේශයෙන් තවත් කාලතුවක්‌කුවක්‌ පෙරේදා (26 දා) හමුවිය. එම වසමේ ග්‍රාම නිලධාරිවරයාට ලද තොරතුරක්‌ මත මෙම කාලතුවක්‌කුව සොයාගෙන තිබේ. පසුව බිබිල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එය නිරීක්‌ෂණය කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබේ. හමු වී ඇති කාලතුවක්‌කුව බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තබන ලෙසට උපදෙස්‌ දී ඇත.

මෙයට පෙරද බිබිල උණගොල්ල ප්‍රදේශයේ තිබී කාලතුවක්‌කු දෙකක්‌ හමුවූ අතර ඒවාද බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තබා තිබේ. මේවා 1818 කැරැල්ලේදී ඌව වෙල්ලස්‌සේ ජනතාවට එරෙහිව, ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් පාවිච්චි කරන්නට ඇතැයි සැලකේ.

No comments:

Post a Comment