Saturday, January 10, 2015

දඹාන ආදිවාසින් කැව්ම් උයා කිරිබත් පිස - නැටුම් නටා ජයග්‍රහණය සමරති

දඹාන ආදිවාසින් කැව්ම් උයා කිරිබත් පිස - නැටුම් නටා ජයග්‍රහණය සමරති

2015-01-11 පෙ.ව. 1:23:50
www.news.mahiyangana.com
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් ප්‍රිතිය ප්‍රකාශ කිරිම වෙනුවෙන් දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසි පිරිසක් දඹාන ආදිවාසි ගම්මානයේදි කැව්ම් උයා, කිරිබත් පිස, ආදිවාසි චාරිත්‍රාණුකුලව නැටුම් නටා සිය සතුට ප්‍රකාශ කිරිමක් අද උදැසන සිදු කෙරිනි.

මේ සදහා ආදිවාසි ගම්මානයේ ආදිවාසි පිරිසක් හා ගම්මානයේ පිරිස් විශාල සිරිසක්ද එක් වි සිටියා. කිරිබත් පොරවෙන් කැපු අතර කිරිබත් කැපිමට පෙර මේසය වටේ ආදිවාසි රංගනයකද නිරත විය
 — at දඹාන ආදිවාසින් කැව්ම් උයා කිරිබත් පිස - නැටුම් නටා ජයග්‍රහණය සමරති.


https://www.facebook.com/video.php?v=619592158170269&set=vb.160815704047919&type=2&theater

Friday, January 9, 2015




ජනාධිපතිවරණය 2015 / බදුල්ල දිස්ත‍්‍රික්කය - බදුල්ල දිස්ත‍්‍රික්කය - මහියංගනය මැතිවරණ කොට්ඨාසය


ජනාධිපතිවරණය 2015 / බදුල්ල දිස්ත‍්‍රික්කය

බදුල්ල දිස්ත‍්‍රික්කය - මහියංගනය මැතිවරණ කොට්ඨාසය

පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය

මහින්ද රාජපක්ෂ  ලබාගත් ඡන්ද සංඛ්‍යාව 42718  ප‍්‍රතිශතය 56.69% 
මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31495  ප‍්‍රතිශතය 41.8%

ජයග්‍රහණය සැමරිමට මහියංගනයට විදේශිකයනුත් එක්වෙති -

ජයග්‍රහණය සැමරිමට මහියංගනයට විදේශිකයනුත් එක්වෙති - 

1/9/2015 10:46 PM

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් මහියංගණය අවට ගම්මාන රැසක ස්ථාන බොහොමයකම රතිඤ්ඤා දල්වමින් හා කිරිබත් උයමින්, කිරිබත් මාර්ගයේ ගමන් කරන පිරිසට බෙදා දෙමින් ජයග්‍රහණයෙ සතුට සාමයෙන් මෛත්‍රිෙයන් භුක්ති විදින ආකාරය මහියංගනයේදි දැක ගැනිමට හැකි විය. 
ජය ග්‍රහනය සැමරිම් සදහා විදේශිකයන් ද එක්වි සිටිනු දැක ගත හැකි විනි.










වන ජිවි ඇමති සමග බිබිලේ ප්‍රදේශිය නායකයෙක් ගැටි දෙදෙනාම පොලිසි යයි -



වන ජිවි ඇමති සමග බිබිලේ ප්‍රදේශිය නායකයෙක් ගැටි දෙදෙනාම පොලිසි යයි - 
1/9/2015 7:56 AM
බිබිලේ 5කණුව ප්‍රදේශයේදි අද උදැසන 11ට පමණ වන ජිවි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අමාත්‍ය වරයා හා බිබිල ප්‍ර දේශයේ එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණසභාපති හා ප්‍රාෙද්ශිය සභා අපේක්ෂක පුන්සද මහකුඹුර මහතා අතර බහින් බස් විමක් ඇති වි අති අතර එය දුර දිග ගොස් සිද්දිය සම්බන්දයෙන් දෙදෙනාම බිබිල පොලිසිය වෙත පැමිණිළි කර ඇති අතර සිද්ධිය සිදු වු ස්ථානය මහියංගන පොලිස් වසමට අයත් විම හේතුවෙන් පැමිණිලි විබාග කිරිම සදහා මහියංගන පොලිසිය වෙත බාර දි ඇත.
ඒ අනුව මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණිලි විභාග කිරිම සදහා පාර්ශව දෙකම අද දින (08) සවස කැදවු අතර වන ජිවි අමාත්‍ය විජිත් මුනිසොයිසා අමාත්‍ය වරයා මහියංගන පොලිසිය වෙත පැමිණිලි විභාග කිරිම සදහා පැමිණ සිටියේය.
මෙම බහින් බස් විම සිදු වි ඇත්තේ වන ජිවි අමාත්‍යවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදි පුන්සද මහකුඹුර මහතා හා ආධාර කරුවන් පිරිසක් රතින්ඤ්ඥා පත්තු කිරම හේතුවෙන් බවත් ඊට අමාත්‍යවරයා විරෝධතාවය දැක් විමට ගොස් දෙදෙනා අතර බහන් බස් විමක් දුරදිග යෑම හේතුවෙන් මෙම සිද්දිය සිදු වි ඇති බවට තොතුර අනාවරණය වේ.

අමාත්‍යවරයා පැමිණිල්ල විභාග කිරිම සදහා මහියංගන පොලිසිය වෙත පැමිණි අවස්ථාවේ ඡායා රූප ඇත




ඡන්දය දමන්න ආදිවාසිනුත් උනන්දුවෙන් ඡන්ද පොළට

 ඡන්දය දමන්න ආදිවාසිනුත් උනන්දුවෙන් ඡන්ද පොළට - ඡන්දයටම උනන්දුවෙනවා වාගේම ඡන්දය අවසානයේ සාමය සතුට සමගිය සදහා ඒ වාගේම උනන්දුව තියෙන්ඩ ඕන යැයි නයක තුමා කියයි

2015 ජනාධිපති වරණය වෙනුවෙන් මහියංගන ඡන්ද බල ප්‍ර දේශය තුල ඡන්ද මධ්‍යස්ථාන 76ක ඡන්ද විමසිද මේ වන විට ඉතා සාම කාමි අන්දමින් සිදු වන අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ආදිවාස්න් ද ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ඡන්ද මධ්‍යස්ථාන කර ඇදි එන බව දැක ගත හැකි විය.
ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඡන්දය ප්‍රකාශ කරණු ලැබුවේ අද (08) උදැසන 9.00 පමණ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදි තම බිරිද හා පරපුරේ පිරිස සමග එක් රොක්ව ගොසිනි.
මධ්‍ය සදහා ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ තම පරපුරේ බොහෝ පිරිස නැගෙන හිර ප්‍ර දේශවල ජිවත් වන බවත් ඔහුන් මෙවර ඉතා සාමකාමි අන්දමින් ඡන්දය ප්‍රකාශ කිරිමට දැන් අවස්ථාව උදා වි ඇති බවත් මේ ඡන්ද විමසිමේදි අපේ ගමේ විශාල පිරිසක් උනන්දුටවන් ජන්ද ප්‍රකාශකිරිම සදහා ඡන්ද පල වෙත උනන්දුවෙන් එන බව මට පේනවා. මට හිතෙන විදියට මේරට ආරක්ෂා කරන, මේ ජාතිය ආරක්ෂා කරන නායකයෙක් තමයි කව්රු උනත් පත් වෙන්ඩ ඕන. ඒ තෝරා පත් කිරිම කරන්න මිනිස්සු මහත් උනන්දුවෙන් කටයුතු කරන බව පේනවා. වැදි පරපුරේ නායකයා විදියට මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ පරම් පරාව මේ රටේ දිස්ත්‍රිකක් 06ක විතර ජිවත් වෙනවා. යුද්ධයෙව් පසු ඡන්ද අයිතිය අපේ අයටත් ලැබිලා තියෙනවා. විශේෂයෙන් නැගෙන හිර පළාත වැනි. ඒ හැම කෙනෙක්ම මේ පාර ඡන්දය දෙනවා.
හෙට වෙනකොට ඡන්දයෙන් කව්රුන් හෝ ජනාධිපතිවරයෙක් මිනිසුන්ගේ ඡන්දයෙන් පත් වෙනවා. ඒ පත් වෙන නායකයා මේ රමේ හැමොගෙන්ම ඡන්දය ලබාගෙන තමයි පත්වෙන්නේ. මම කියන්නේ මේ ඡන්දයටම උනන්දුවෙනවා වාගේම ඡන්දය අවසානයේ සාමය සතුට සමගිය සදහා මේ වාගේම උනන්දුව තියෙන්ඩ ඕන. ඒ ක ආරක්ෂා කරගන්නත් කැප වෙන්න ඕන. මිනිස් ජිවිත විනාශ කරගෙන ඡන්ද සිදු කෙරුවහොත් ඒ විනාශවෙන්නේ මේ රටේ සම්පත් තමයි විනාශ වෙන්නේ. දේපල හෝ මිනිස් ජිවිත වේවා ඒ සැම දෙයක්ම අපේ රටේ සම්පත්. ඒක රටක් හැටියට අපට පාඩුයි. අනිත් එක තමයි අපේ රට ගැර විදේශ රටවල් විශාල ප්‍රමානයක් අවධානයෙන් ඉන්නේ. ඡන්දය කොහොමද කරන්නේ හා උනන්දුව කොහොමද කියලා විශේෂයෙන් බලාගෙන ඉන්නේ. මේ රටට නොගැලපෙන දෙයක් සිදු උනොත් ඒක රටට ලොකු අපකිර්තියක් වෙන්නේ. ඒ නිසා හැම දෙනාම ඊර්ෂ්‍ය, වෛර අමතක කර දමලා රටේ සාමය සතුට සමගිය ආරක්ෂ කරන්න කැප වෙනවානම් හොදයි කියලා මම කියනවා. යැයි ආදිවාසි නායකතුමන් ප්‍රකාශ කර සිටියේය.







මහියංගනයේ ඡන්දය මේ වනතුරුත් සාමකාමි - ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් නෑ

මහියංගනයේ ඡන්දය මේ වනතුරුත් සාමකාමි - ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් නෑ 

2015-01-09 පෙ.ව. 1:10

2015 ජනධිපතිපරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියගන ඡන්ද බල ප්‍රදේශය තුල 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 78ක් තුලදි ඡන්දය ප්‍රකාශ කිරීමේකටයුතු සිදු වන ආකාරය දැඩි උනන්දුවකින් සිදුවන ආකරය දැකිය හැකි වු අතර අතර අද (08) දහවල්1.00 වන විටත් සාමකාමිව සිදුවේ.

කිසිදු ප්‍රචාන්ඩ ක්‍රියාවක් මේ වන තුරු වර්ථා නෙවන බව ආරක්ෂක අංශ හා ඡන්ද කටයුතු නිරික්ෂකයන් ප්‍රකාශ කර සිටි.

මහියංගනයේ මැති ඇමතිවරු - මන්ත්‍රිවරු ඡන්දය දෙති


1/8/2015 11:04 PM

2015 ජනධිපතිපරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියගන ඡන්ද බල ප්‍රදේශය තුල 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 78ක් තුලදි ඡන්දය ප්‍රකාශ කිරීමේකටයුතු සිදු වන ආකාරයදැඩි උනන්දුවකින් සිදුවන ආකරය දැකිය හැකි වු අතර අතරතුර මැති ඇමතිවරුද ඒ අතර වේ.

මහියංගන ජාතික පාසලේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදි සිනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සහ
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඡන්දය භාවිතා කරන කරන ලදි.



Wednesday, January 7, 2015

මහියංගණයෙත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා

 මහියංගණයෙත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා
1/7/2015 11:44 AM

ජනාධිපති මැතිවරණ ඡන්ද විමසිම දින ලංවිමත් සමගම මහියංගනය ආසනය තුල මැතිවරණ  ප්‍රචන්ඩ ක්‍රියා තර්ජන පහරදිම් ඉහල යමින් තිබේ. ආන්ඩු පක්ෂ දේශපාලන නායකයන් දෙදෙනා සහ මැර පිරිස පැමිණ තමන් ගේ නිවසට පහර දි දේපල අලාභහානි සිදු කර තමන් ගේ පව්ලේ සැමදෙනාට මරණිය තර්ජනය සිදු කලේ යැයි ඩි.එම් අබේරත්න, අංක 66/3, දම්බරාව, මහියංගන යන ලිපිනයේ පදිංච් අයෙකු චෝදනා කරති. ඊයේ (06) සවස 5.30ට පමණ ඩිපෙන්ඩර් රථ කිහිපයකින් පැමිණ තමන්ගේ පුතු පිළිබද විමසු බවත් පැමිණි මැර පිරිස නිවස වටේ දුවමින් දේපළ හානි සිදු කල බවත් නිවස තුලටද රිංගා පවුලේ සාමාජික යන් හට හා කුඩා දරුවන්ට මරණිය තර්ජනය කල බවත් ඔහු වැඩි දුරටත් පැවසිය. පොදු අපේක්ෂකයා වෙනුවෙන් තමන්ගේ පුතු කටයුතු කිරිම මිට හේතුව බව ඔහු වැඩි දුරටත් පැවසිය.
මහියංගන ඔරලෝසු කණුව ආසන්නයේ සුපිරි වෙළෙද සැලක හිමිකරගේ බිරිදටද ප්‍රදේශයේ දේශපාලන නායෙකු ඊයේ (06) සවස වෙළෙදසැළතුලටම ගොස් පහර දි ඇත.
ප්‍ර දේශය පුරා විවිධ වු මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හා බලපැම් රාශියක් සිදු වෙම්න් තිබේ. මරණිය තර්ජන හේතුවෙන් ප්‍ර දේශවාසින් නිතියේ පිහිට පැතිමට ඉදිරිපත් නොවෙති.



Sunday, January 4, 2015

දුවගේ මරණය අම්මාට සැකවිලු


1/5/2015 11:29 AM
ගිරාඳුරුකෝට්ටේ,තෙල්දෙණියාය ගම්මානයේ මැද කොටස
අංක204 නිවසේ පදිංචි විවාහක තරුණයක් ඊයේ (03 සෙනසුරාදා) සිය නිදන කාමරයේදී ගෙල වැළලාගෙන මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ ඩී.එම්.අචලා ප්‍රදීපිකා නමැති විසි හැවිරිදි තරුණියකි.
 තම බිරිය පසුගිය තුන්වනදා එනම් සෙනසුරාදා සවස පහයි තිහට පමණ කාමරයේ දොරගුලුලාගෙන සිටි බවත් දොර ඇර ගෙන එන විට සියල්ල සිදුවී හමාර බව මිය ගිය තරුණියගේ සැමියා වන ආර්.බී.වසන්ත කුමාර නමැති 25 හැවිරිදි යුධ හමුදා ලාන්ස්කෝප්‍රල්වරයා පවසයි.තමා සමග ඇය විවාහ වී මාස පහකට ආසන්න බවත් ඇය සොරණාතොට වත්තේකැලේ පදිංචි අයෙකු බව සැමියා පැවසීය.තමන් පසුගියදා නිවාඩු පැමිණි අතර මියයාමට තරම් හේතුවක් ඇයට නොතිබුනුබව ඔහු පවසයි.
මිය ගිය අයගේ පියා වන සොරණාතොට වත්තේකැලේ පදිංචි
ඩී.එම්.දිසානායක යන අය මෙසේ පැවසීය.මිය ගිහින් ඉන්න මගේදුව එයාගේ අම්මාට කථා කරලා කියලා තියෙනවා ඇයට හරි කරදරයි එක්ක යන්න මාව එවන්න කියලා.මම ආවානම් මගේ දුව මැරෙන්නේ නැහැ.සතෙකු මරන්නත් හයියක් නැති මගේ දුවට බෙල්ලේ වරල දාගන්න කොහොමත් හයියක් එන්නේ නැහැ. කොහොම වුනත් නැන්දම්මාගේ ගතු කේළාම් නිසා මගේ දුව හරියට වද වින්දා. මෙයා මැරුණේ නෑ.මරලා එල්ලුවාද වෙන මොනවා හරි කරලා මෙයා මැරුවාද කියලා මට සැකයි යැයි පැවසීය.
මිය ගිය තරුණියගේ මවවන ආර්.ඩී.විනීතා කල්යාණි මෙසේ පැවසුවාය.මියගිහින් ඉන්නේ මගේ දුව.මේදෙන්නා දුරකථනයෙන්තමයි කථා කරලා යාලුවෙලා තියෙන්නේ.අපේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ.දුවට හරියට කරදර තිබුණා.අපේ ගෙදර ආවාම හොඳට ඉන්නවා.ඒත් කෝට්ටේ ගියාම එයාට හරි කරදර.මට හැමදාම කියනවා.එයාගේ ජීවිත කථාව කියලා ලියුම් හිටන් එවලා තියෙනවා.මැරෙන්න ඉස්සෙල්ලා දවසේ හවස එයා මට කෝල් කළා.‍ අම්මේ මේ මිනිහා මට හරියට ගහනවා. මාව එක්ක යන්න තාත්තාව හෙට එවන්න කිව්වා.මම කිව්වා පෝය පහුවෙලා එවන්නම් කියලා.
එහෙනම් සතියකින් විතර එවන්න කිව්වා. බෑණා නිවාඩුවට ගෙදර ආවාම නැන්දම්මා දුව ගැන වැරදි කියලා දෙන්නා රණ්ඩු කර ගන්න අරිනවා කියලා දුව මට කියලා තියෙනවා.දුවට එල්ලිලා මැරෙන්න තරම් හයියක් නැහැ.මෙයාව මරලා යැයි ඇය පැවසුවාය.

මෙම මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය මහියංගණ දිසා මහේස්ත්‍රාත් ගීතානී විජේසිංහ මෙනවිය විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළාධාරිවරයා වෙත යොමු කරවන මෙන් පොළිසියට නියෝග කළාය.
බදුල්ල ස්ථානීය අපරාධ පරීක්ෂණ නිළධාරීහුද පැමිණ සිටි අතර ගිරාඳුරුකෝට්ටේ පොළීසියේ ස්ථානාධිපති පොළිස් පරීක්ෂක මොහාන්ද සිල්වා මහතාගේ උපදෙස්මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උ:පො:ප:සේනාරත්න, පො:සැ:56257 කරුණාරත්න,පො:කො:68747 මංගල, 54699 සේනාරත්ත,81930සුනිල්,28564 රණසිංහ යන නිළධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.






මෛත්‍රි සිරිසේන මහතා සහභාගි වු අධිෂ්ඨාන පුජාවක් මහියංගනයේදි - කඩාකප්පල් කාරින් පන්සලටත් රින්ගති

 මෛත්‍රි සිරිසේන මහතා සහභාගි වු අධිෂ්ඨාන පුජාවක් මහියංගනයේදි - කඩාකප්පල් කාරින් පන්සලටත් රින්ගති

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ  මහියංගන රජමහා විහාරස්ථානයේ දුරුතු පොහොය නිමිති කර ගනිමින් අද (04) ආගමික කටයුතු රාශියක් සංවිධානය කර තිබු අතර ඒ අතරින් විශේෂත්වය වන්නේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහනය ප්‍රාර්ථනා කර මින් මියුගුණ සෑ රජුන් අභියස මහා සංඝරත්නයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මහා අධිෂ්ඨාන පුජාවක් සංවිධානය කර තිබුනි. ඒ මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර හා අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් ගේ ප්‍රදානත්වයෙනි.
ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මුලින්ම ධම්මරක්කිත හිමියන් බැහැදැක ආශිර්වද ලබා ගනිමින් රජ මහා විහාරයේ ආගමික වතාවත් වන නියැලෙමින් පසු අධිෂ්ඨාන පුජාව සදහා සහබාගි වු අතර ඒ සදහා මහා සංඝරත්නයේ විශාල පිරිසකගේ හා විශාල බැතිමතුන් හා ප්‍ර දේශවාසි පිරිසක් සහභාගි  වි සිටියේය.
ඉන් අනතුරුව මහියංගන ශ්‍රි සුමණ සමන් දේවාලයේ විශේෂ දේව පුජාවක් සදහා සහභාගි වි දේව ආශිර්වාදයද ලබා ගත්තේය. ශ්‍රි සුමණ සමන් දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් හිංකෙන්ද මහතා විසින් පලතුරු වට්ටිය සිරිසේන මහතා වෙත පිළිගැන්විම සිදු කරන ලදි.
අධිෂ්ඨාන පුජාව සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරිම සදහා මහියංගන රජ මහා විහාරස්ථානය අවට හා අභ්‍යන්තරයේ ගසා තිබු දැන්විම් ඊයේ රාත්‍රි හා අද (04) උදැසන ජනතාව ඉදිරියේම කිසියම් කඩාකප්පල් කාරි පිරිසක් විසින් කපා ගෙන ගොස් ඇති අතර සිරිසේන මහතා ධම්මරක්කිත නාහිමියන් හට හා තම අනුගාමිකයන් හට පවසා සිටියේ අද වැනි පොහෝ දිනය එම කඩාකප්පල් කාරින් හට මෛත්‍රි කරන ලෙසත්  නුදුරේදි ඔවුන් සත්‍ය වටහා ගන්නා  බවත්ය.