Wednesday, February 1, 2017

රිදිමාලියද්දේ මරණ දඩුවම නියමු වු යුදහමුදා නිළධාරියාගේ නඩුවේ ඇපෑල විභාගයට

2017 පෙබරවාරි මස 01

යාපනය මිරුසුවිල්හිදී සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමව සිටින ලාන්ස් කෝප්‍රල්වරයා ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද  (1 වැනිදා) නියෝග කළේය.

ඒ අනුව මෙම පෙත්සම ලබන ජූනි 5, 6 ,7 ,12 13 සහ 14 යන දිනයන්හි විභාගයට ගැනීමට දින නියම කර ඇත. බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෘ,  ප්‍රියන්ත ජයවර්ධන , උපාලි අබේරත්න  සහ අනිල් ගුණරත්න යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

2000 වසරේදී දෙසැම්බර් 19 වැනිදා මිරුසුවිල් හිදී පුද්ගලයින් අටදෙනෙකුට පහරදී , කපා කොටා මරා දැමීයැයි හය වැනි ගජබා රෙජිමේන්තුවේ යුද ලාන්ස් කෝප්‍රල් ආර්.එම් සුනිල් රත්නායකට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලක් විසින් 2015 මැයි 25 වැනිදා මරණ දඬුවම නියම කරන ලදි.

No comments:

Post a Comment